දවස් දෙක තුනක් ගෙවිල දවසක් උදා වෙද්දි ගෙදර එක්කෙනෙක් අපෙන් ඈත් වෙලා ගිහින් තිබ්බා.මගෙ මාමා.තාත්තට හිටිය එකම මල්ලි.මරණ පරීක්ෂණයක් තිබ්බත් ඒක අපිටවත් තෙරුම් ගන්න බැරි දෙයක් උනා.ඇග ඇතුලෙන් ඇටකටු පොඩිපට්ටම් වෙලා,විසක් ඇග පුරා පැතිරිල ගිහින්.ඩොක්ටස්ල කියන්නෙ ඒ විස මොකද්ද කියල කියන්න බැරි තරම් දරුණුයි කියල.නැන්දගෙ හීල්ලිල්ල නම් තම ඉවර නැ.එ දෙන්නා ආදරෙ කරල මැරි කලෙ.දුක සාදාරනයි.මම නෙවෙයි කියන්නෙ.මගෙ පුංචි හස්බන්.එයා ආදරෙ ගැන ඔනවටත් වඩා දන්නව.එයගෙන් මමත් හිමින් හිමින් ඉගෙනගන්නව.තාමත් එක්කෙනා දෙන්නා ඇවි ඇවිත් එයාලගෙ යුතුකම් කරල යද්දි මගෙ අම්මි කුස්සියට හිරවෙලා හිටියෙ ලන්ච් එක රෙඩි කරන්න.විරාජ්ගෙ (මැරුන මාමගෙ පුතා) හිත හදන්නත් එක්ක මම ඌ එක්ක ගිහින් යාලුවො එක්ක සෙට් වෙලා කතා බහ කරල ගෙදර ආවා.දැන් නම් එකත් වෙලා.මම මුලු සාලෙම ඇස් යවල මහීම්ව හෙව්වත් එයා හිටියෙ නැ.තාත්තිත් නැ.ක්ලීන් බෝයි කෙනෙක් නම් ටයිල් ක්ලීන් කර කර හිටියා.මම එහෙන්ම අම්මිව හොයන් ගියා.
"අම්මි.."
"ආ ඉලන්දාරිය ආවාද..ඇයි මෙ පොඩි එකාව දාලා ගියෙ"
මම කිචන් එකට යද්දිම මහීම් හිටියෙ කැරට් වගයක් කප කප.මං බලාගෙන හොරාවට හොරාවට අර හා දත් දෙකෙන් කැරට් කෑල්ලක් ලෑටි ගාන්න හදද්දිම මගෙ සද්දෙට එයා ගැස්සිල වගෙ බැලුව.අම්මටත් චීක් කිස් එකක් දීගෙනම මම මහිම්ගෙ එහාපැත්තෙන් පැන්ට්‍රියට හේත්තු උනා.
"වට් අම්මි..?"
"මේ කියන්නෙ එයාව දාලා ගියා කියල"
"........."
ඔලුව නවාගෙන කැරට් කපන මහිම්ගෙ මූණට එබිල මම ඇහිබැමක් උස්සද්දි එයා මං දිහා එකපාරක් බලල ඉක්මනට වැඩේට අවදානෙ දුන්නා
"උන් දවල් කියල නොබල ඩ්‍රින්ක්ස් ගත්තත් එක්ක.ඔය මගුල් අස්සට මෙයා එන්න ඔන නැ"
"ඒකට කමක් නැ.පොඩි එකා එක්ක දවසක් හරි එලියට ගිහින් එනව"
"ම්න්"
මම දෙන හැම උත්තරයක්ම එයා දිහ බලන් දුන්නෙ එ රෝස පාට මූණෙ ලාවට ලාවට ඇදෙන හිනාව දිහා බලාගෙන.කේලම් කියල අම්මට.දැන් එවත් පුලුවන් වගෙ.එන්න එන්නම පුංචි පුංචි දග වැඩ එයාගෙන් එලියට එනව.මාමගෙ ෆියුනරල් එකටත් අම්මි එක්ක එකතු වෙලා පුලුවන් පුලුවන් වැඩ එයා කෙරුව.එව කරන්න මිනිස්සු කොච්චර හිටියත් මෙ දෙන්නා වැඩ හොය හොය යනව.
YOU ARE READING
ප්‍රේම විෂ
Fanfictionපෙම් පූජාසනේ මේ ඔබේ...... ආදර මල් වැල් තබා..... ඇයි පලිගන්න හිත වියරුවෙන්.... මිරිගුවක් සේ තැන තැනා..... 🖤🐍