පස්වැනි කොටස

631 50 25
                                    

අද අර්ජුන්ගෙ තාත්තගෙ බර්ත්දෙ එක.එයාගෙ හැම යාලුවෙක්ම වගෙ මෙ ගෙදරට එනව.මම හිතන්නෙ මට වැඩ ගොඩක් තියනව අද.උබලට සනුහරයක් විනාස කරල සාක්ශියක්වත් නැති වෙන්න ගිණි තියන්න පුලුවන් නම් ඒවට විදවන්නත් ලෑස්ති වෙන්න ඔන.මුලු නාග වංශයක්ම වැලලුව.වරදක් කරලද ? නැ.තිරිසන් වෙස් ගත්ත මිනිස්සුන්ගෙන් නාග මාණික්‍ය ආරක්ශ කරපු එක තමයි මගෙ වංශෙ අය කරපු එකම දෙ.ඒක අපෙ වගකීම,අපෙ පැවැත්ම.ඒත් මුන්ට ඒක සල්ලි කන්දක්.මගෙ ඇස් දෙකෙන් කදුලු වැටුනා.කොහොම දරාගත්තත් මම අනාතයෙක්.රජෙක් උනත් වැඩක්ද අනාතයෙක් නම්.අර්ජුන්ගෙ තාත්තා(රාජව්),එයාගෙ යලුවො මීට අවුරුදු ගානකට කලින් මෙ බංග්ලො එකට ආවෙ හරියට දැන් අර්ජුන්ව එක්කන් ආවා වගෙ.වෙනසකට තියෙන්නෙ ඒ එද්දි අර්ජුන්ගෙ තාත්තා බැදල දැන් අර්ජුන් බැන්දෙ මෙහෙ ආවම.බාබා කියන විදියට ඒ දවස්වල අර්ජුන් පොඩියි.වයස අවුරුදු තුනක් හතරක් වගෙ.එ නිස එයා මෙ දෙවල් වලට සම්බන්ද නැ.මට එයාව පටලගන්න ඔනත් නැ.එතකොට මගෙ අම්මා මාව දරාගෙන හිටිය.නාග මාණික්‍යට කෑදර  කමෙ ඒ ගැන හොයලහොයල ආරක්ශා කරන නාගයො ඉන්නව බව දැනගෙන රාජව් පස්ස ගැහුව.මගෙ තාත්තා , නාග වංශෙ නායකයා එයා හිතුවෙ උන් ඒක අතැරල දැම්මා කියල උනත්,හිතාගන්න බැරි විදියට මෙ තිරිසන්නු බංග්ලො එකෙන් පිටිපස්සෙ ඝණ වනාන්තරෙ ජිවත් උන අපිව හිතක් පපුවක් නැතුව අමු අමුවෙ මරල දැම්මා.අඩුම හැරෙන්නවත් ඉඩක්,පැනගන්නවත් ඉඩක් නැ.ඇස් පනාපිට මුලු සනුහරෙම ඝාතනෙ දැකපු තාත්තාට බලන් ඉන්න බැරුව උන් එක්ක හැප්පෙන්න ගියත් එයාටත් එයාගෙ ජිවිතෙ නැති කලා.ඒ  ඒ රාජව්.ඔව් ඌ.මම දරුණුම මරනෙ අත්විදින්න දෙන්නෙ උබට.මෙච්චර කල් මාව දරුවෙක් වගෙ බලාගත්ත ශිව වංශෙ ප්‍රදාන පූජකතුමා අම්මව බේරගත්තත් එයාට තුවාල වෙලා තිබුන නිස මම ඉපදෙද්දිම හුස්ම අතැරියා.අඩුම මට කිරි පොදක්වත් එයාගෙන් බොන්න බැරි උනා.ඒ තරම් නාගයො මරල දාලත් උන්ට නාගමාණික්‍ය ගන්න බැරි උනා.මගෙ තාත්තා උන් එක්ක හැප්පෙන්න ගිහින් තියෙන්නෙම එයාගෙ මුලු ශක්තියම නාග මාණික්‍ය වෙනුවෙන් කැප කරල.මට ඒ අම්මගෙ ආදරෙ නැති උනා.පොඩි පොඩි ළමයි විතරක් ඉතිරි වෙද්දි මුලු නාග වංශයක් මැරිල ගියා.දැන් ඒ ළමයි පවා උස්මහත් වෙලා මෙ ගමෙම ජිවත් වෙනව.නාග්පූර් වල එක මිනිස් පරානයක්වත් නැ.ඉන්නව නම් මෙ බංගලාවෙ උන් විතරයි.අනිත් හැම එකෙක්ම අවුරුදු ගානකට කලින් උන නාග සංහාරයෙන් ඉතිරි උන උන්.මට මේ පලිගැනිම තව දුර අදින්න කොහෙත්ම ඔන නැ.මොකද ...මොකද මට දැනෙනව මගෙ හැගිම් මටවත් පාලනයක් නැතුව වෙනස් වෙන එක.අර්ජුන්.නැ...ඔයාටවත් මටවත් ආදරයක් දැනෙන්න බැ.උඹ මෙ කිසි දෙකට පලි නැ.අනෙ ශිව දෙවියනෙ....එක්වෙන්න බැරි බැදීම් ලග කිසිම කෙනෙක්ව අසරණ කරන්න එපා.අපි බැදල අවුරුද්දක් නොවෙද්දි ආදරයක් ඇතිවෙන්න තරම් මෙ බැදීම ශක්තිමත් උනෙ කොහොමද...ම්ම්ම්හ්..උදෙන්ම නැගිටල පූජකතුමාව හම්බෙලා කරන්න ඔන හැමදේම අහන් ආව.පූජකතුමා කිව්වට එ මනුස්සය මෙච්චර කල් මාව බලාත්ත.එයත් මට තාත්තෙක්.හැමදෙම හොදට ප්ලැන් කරල රාජව් ඉස්සරහට මාව ගෙනල්ලා බන්දන තැනට වෙනකම් තාත්තා හොදට කල්පනාකාරී උනා.එකෙක්ව නම් ගෙ ඇතුලෙම නැති කරල දැම්මා.තව පහයි.රාජව් වගෙම උගෙ යාලුවො හතර දෙනා.උන් අද අනිවාර්යයෙන් එනව.අපි බලාගමු.පූජකතුමා හම්බෙලා ඇවිත් අර්ජුන් නැගිටින්න ඉස්සෙල්ල බාතෘම් එකට රිංගගත්තා.ඒකා තාම නිදි ඇති.

ප්‍රේම විෂWhere stories live. Discover now