Arjun pov
"ශ්ශ්...හරි අම්මි..රිලැක්ස්..රිලෑක්ස්.ඌ ගියා"
මම අම්මිව බදාගෙන පිටට තට්ටු කරද්දි එයා හොද හුස්මක් අරන් සංසුන් වෙන්න ට්‍රයි කලා.එයා නයින්ට බයයි ඉස්සර ඉදලම.
"ඔහ් ගෝඩ් සන්..මම හිතුවෙ කිචන් එකට ලයන් කෙනෙක්වත් ඇවිත් කියල."
"ආන්ටි..ඔයා අම්මිගෙ ප්ලේස් එකෙ හිටිය නම් මෙතන මීට වඩා පිස්සුවක් නටනව"
තාත්තිගෙ මල්ලිගෙ වයිෆ් කියද්දි මම ඒකිට තදින් කතා කලෙ කොයිවෙලෙත් එකි බලන් ඉන්නෙ අම්මිට හින්ට් ගහන්න නිසා.
"අම්....න්..නෝනා..ඇයි මේ"
"ඉට්ස් ඕකේ පැටියො.අයිම් ෆයින්"
එ එක්කම කිචන් එකට කඩාගෙන බිදගෙන දුවගෙන ආවෙ මහීම්.ආව පිම්මෙම මගෙ උඩුකයටත් බැල්මක් දාලා බිම වාඩිවෙලා ඉදපු අම්මව මමත් අල්ලන් ඉද්දිම නැගිටෙව්වෙ මම ඒ දාඩිය දාපු මූණ දිහා බලද්දි.මොන මගුලෙ හිටියද මේකා.එ උනාට මගෙ බොඩි එක දිහා කොල්ල දෙපාරක්ම බැලුව.එහෙම වෙන්න එපැයි.එයා මාව මෙහෙම දැක්ක ෆස්ට් ටයිම්නෙ.අම්මිවත් දෙන්නා එක්කම රූම් එකට දාපු මම එයාට ටිකක් නිදාගන්න කියල එන්න හැරෙද්දි මහීම් බෙඩ්ශීට් එක අරන් අම්මිගෙ ඇගට දැම්මා.
රූම් එකට ආව මම ශර්ට් එකත් ඇදගෙන එයා එනකම් බලන් හිටියා.ෆෝන් එක අරන් ඇදෙ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙද්දිම මහීම් රූම් එකට ආවෙ ඉබි ගමනින්.මෙච්චර අහිංසක එකෙක් මම දැක්කමයි.දැනෙන හැගීම තාම තෝර බේරගන්න බැරි උනත් මට ඔන දැන් එයා එක්ක ඉන්න.මගැරිය කියල මට දැනෙන හැගිම් පාලනෙ කරගන්න බැ.ඒව මොනව උනත් නිදහසෙ ගලන් යන්න දෙන්න මට ඔන.මොකද මෙච්චර කල් මම කරපුව නිසා අම්මිත් සෑහෙන ඇඩුව.
"කොහෙද හිටියෙ"
රූම් එකට ආව එයා සෝෆා එකෙ තිබ්බ රෙදි වගයක් නවන්න ගනිද්දි මම ඇහුවෙ ඇස් යටින් එයා දිහා බලන ගමන්.ම්ම් ඇදුම මාරු කරන් මම බාතෘම් එකට ගිය වෙලෙ.අම්මිගෙ කලබලෙ නිසා ඒක නෝට් උනෙ නැ මට.
"ගාඩ්න් එකෙ මහත්තයා"
"ම්න්"
"මහත්තයා අදත් එලියට යනව නම් මම බ්‍රෙක්ෆස්ට් රෙඩි කරන්න ද"
YOU ARE READING
ප්‍රේම විෂ
Fanficපෙම් පූජාසනේ මේ ඔබේ...... ආදර මල් වැල් තබා..... ඇයි පලිගන්න හිත වියරුවෙන්.... මිරිගුවක් සේ තැන තැනා..... 🖤🐍