5. wait ,what?

61 6 20
                                    

"මොකක්ද බන් ඒ උනේ?...... yongbokah උබ ඒ කෙල්ලව අදුරන්නේ
කොහොමද ?"

ඉස්කෝලේ ඉවර වෙලා ආපහු dorm එකට යන්න පාරට බැහැපු හ්‍යුන්ජින් felix ගේ කරට අතදාගන්න ගමන් ඇහුවේ අද පන්තියේදි වුන දේ නිසා එයත් confuse වෙලා හිටිය නිසයි, felix ඔහේ ඉස්සරහා බලාගෙන ඇවිදගෙන ගියා මිසක් උත්තරයක් දුන්නේ නෑ. අවදානය ඒ පැත්තේම තියාගත්තු IN , seungminගේ අතේ තිබුන වතුර බෝතලේ ඉල්ලගත්තා .

" ඇයි මගේ පස්සෙන් එන්නේ? " han felix ගේ ගැඹුරු කටහඩ අනුකරනය කරමින් කිව්වා, ඒක ඇහිලා IN ට වතුරත් හිරවුනා,

" කැහ් , කැහ්..."

seungmin, IN ගේ පිටට එකක් ගැහුවා.

" තව පොඩ්ඩෙන් එතනට ගිනි නිමන හමුදාවත් ගෙන්නන්නත් වෙනෝ, දැක්කද ඒ වෙලාවේ ඒ කෙල්ලගේ මූන, පුදුම තරහකින් නෙ හිටියේ"

han කියවගෙන ගියාට මොකද, තවමත් felix ගෙන් උත්තරයක් නැති නිසා හ්‍යුන්ජින් felix ගේ මූන දිහා බැලුවා, lixie බර කල්පනාවක වගේ.
නැතුව ඉතින්, රාමෙන් පැකෙට්ටුවේ භුතයා ඉස්කොලෙන් මතුවුනාම? ඒ මදිවට desk mate උනාම ඉතින්?

shit! , මටමයි වෙන්නෙ කියලා හිත හිත පාරේ තිබුන ගලකටත් ඈතට වීසි වෙන්න පයින් ගහපු felix , කල්පනා කරේ ඉදන් හෙට ඉදන් ඉස්කෝලෙ ගිහින් ජීවත් වෙන්නේ කොහොමද කියලයි.

" ඕයි, felix ? "

felix ගේ විකාර ටිකක් වෙලා බලන් හිටපු හ්‍යුන්ජින් ආපහු කෑ ගැහුවේ felix ගෙ කම්මුලෙන් අදින ගමන් ,
" ආව්, රිදෙනව, මොන මගුල-"
" මන් , දැන් කීපාරක් කතාකරාද ?"
අනිත් හතර දෙනාගෙම ඇස් එයා දිහාට යොමු වෙලා කියලා දැන ගත්තම felix ට පොලොවේ වලක් හාරන් වැලලෙන්න හිතුනා, මොන ලැජ්ජාවක්ද?

"කොල්ලා, බර කල්පනාවක වගේ? "
"ආහ්, මන් මේ ......කල්පනා කරේ,....... "

හේතුවක් හොයන්න lixie මොලේපහුරු ගෑවා, "assignment එක !" felix ජයග්‍රාහී විදියට කෑගැහුවා, hyunjin ඇහිබැමක් උස්සලා කාවද ඔය රවට්ටන්න හදන්නේ look එක දානවා lixie නොදැක්කාම නෙමෙයි , ඒත් felix එයාව ගනන් නොගෙන දිගටම කියවගෙන ගියා.
ඇත්තටම JYPE එකේ audition වලින් select උනාට පස්සේ ටික දවසක් , ඒ කියන්නේ මාසයක් විතර බේසික් ට්‍රේනින් වලින් පස්සේ තමයි bangchan මේ සෙට් එකට කතාකරේ එයාගේ group එකට එකතු වෙන්න කියලා, ඉතින් තවම මාසයක් විතර තමයි මේ ගොල්ලෝ එකට හිටියේ, ඒත් ඒ ටික කාලයේදි bangchan ට පස්සේ lixie ව හොදින්ම තේරුම් ගන්න පුලුවන් උන කෙනා තමයි hyunjin.

Mixtape| skz sinhala ff | by YU🖤Where stories live. Discover now