" ආයිශ්! පුදුම බඩගින්නක් නේ එන්නේ"felix අවදි උනේ එයාගෙ බඩේ පනුවෝ boxing ගහන්න පටන් ගත්තු නිසායි. Han ට පිංසිද්ද වෙන්න lixie ටයි අනිත් කට්ටියටයි හරි හමන් විදියට රෑට කන්නත් නැති උනා,
felix වටපිට බැලුවේ අනිත් අය මොකද කරන්නේ බලන්නයි.seungmin , IN දෙන්නා සෝෆා එක උඩ නිදි, hyunjin bag එකක් ඔලුවට තියාගෙන සෝෆා එක ලග බිම නිදි, Han එතන තිබුන පුටුවකට හේත්තු වෙලා කටත් ඇරන් නිදි. felix හිටියේ, කිචන් එකට යන පැත්තේ බිත්තියකට හේත්තු වෙලා බෑග් එකක් බදාගෙන.
( දුඹුරු පාට කන් තියෙන සුදු පාට ටෙඩීයා නැතුව කොහොමත් lixie ට නින්ද යන්නේ නෑ , ඒ තරම් ම ආත්මීය බැදීමක් තමයි lixie යි teddy යි අතරේ තිබුනේ )
(ඔයාලා බලනව ඇති ඩොර්ම් එකේ ඇදන් නැද්ද කියලා ,
ඇත්තටම ඇදන් තියෙනවා, එත් මෙයාලට මහන්සි වැඩිකමට වැටුනු වැටුනු තැන් වල නින්ද ගිහින්)tv එකේ නිවේදිකාව්ක් ඔහේ news kiyawagena යනවා, lixie නිදිමතේ වැනි වැනි නැගිටලා ගිහින් seungmin අතේ තිබුන remote එක එයා අවදි නොවෙන විදියට පරිස්සමින් අරන් tv එක ඕෆ් කරල දැම්මා .
" ග් ර්‍ර්"
felix ගේ බඩ ආපහු අඩන්න ගත්තා.
එයා කුස්සිය පැත්තට පුරුද්දට වගේ ගියාට මොකද එතන කන්න කියලා මොකුත් තිබුනේ නෑ, එයාලා ඩෝර්ම් එකට එනකොට හවස් වුන නිසා market එකට යන වැඩේ ඊලඟ දවසට කල් දැම්මා.
කුස්සියේ කොනක තිබුන dustbin එක දිහාට බැල්මක් දාපු felix එයාලා ගෙනාපු චිප්ස් පැකට් ටිකත් ඔක්කොම ඉවර වෙලා කියන එක තහවුරු කර ගත්තා . කොල පාට , නිල් පාට වලින් හැඩවුනු නානාප්‍රකාර flavours වල චිප්ස් වල පින්තූර පිරුනු හිස් කවර දිහා බලාගෙන හිටපු felix ta කටට කෙල ඉනුවේ ඉබේටමයි.ආහ්, දැන් නම් මොකුත් කාලා මිසක් හිත හදාගන්න බෑ කියලා එයාගේ මොලේ සෛල කෑ ගහන්න පටන් ගත්තා.
එක පාරටම එයාට මතක් වුනා එයාලා ආපු පාරේ convince shop එකක් තිබුනා නේ ද කියලා, ඒක මේ ලග ම තමයි තිබුනේ,
felix වෙලාව බැලුවා , 10.00 යි
korea වල convince Stores මුලු රෑම වගේ ඇරලා යි තියෙන්නේ.
ඉතින් felix එයාගේ jacket එකත් දාගෙන , phone එකයි purse එකයි සාක්කුවේ දාගෙන දොර පැත්තට ගියා, අනිත් අය හොදටම නිදි නිසා එයාලට ඇහැරවන්නේ නැතුව යන්න එයා තීරණය කරා, කොහොමත් හෙට ඉස්කොලේ යන්නත් එපැයි, අනිත් එක ඒ කඩේ වැඩි දුරක නෙමෙයි නේ තියෙන්නේ.
ඉතින් felix එලියට බැහලා dorm එකේ දොරත් ලොක් කරගෙන හිමින් හිමින් පඩිපෙළ බැහැලා පහලට ගියා, පාරේ කවුරුත් පේන්න නෑ, එත් අහල පහල lights දාලා තිබුනා නිසා කලුවර නැහැ, (ඔයාලා දන්නව නේද lixie කලුවර ට බයයි කියලා)
YOU ARE READING
Mixtape| skz sinhala ff | by YU🖤
Fanfic"ඔව් , කියන්න channie hyung, ..." felix එයගෙ phone eka ආන්ස්වෙර් කරා. "......" "ආහ්, මන් පොඩ්ඩකට dorm එකෙන් එලියට ආවා, ... අයියෝ , කලබල වෙන්න එපා, මන් පොඩි එකෙක් නෙමෙයි නෙ අනේ-" - - - - - - - - - - (°~°)- - මහ රෑ Ramen packet ඒකක් ගන්න , convince s...