"රාත්රිය මනරම් කියා
සදට තරුවට කවි ලියා
මාත් මගෙ හිත හදාගන්නම්
නුඹත් මා ළග නැති නිසා..""අඩෝ හසා අඩන සින්දු නැතුව නැගල යන එකක් අල්ලලා ගනින් අද අන්තිම දවසනෙ ඕයි"
ඔව් අද හන්සකලගෙ a/l ජීවිතෙ අන්තිම දවස. හමෝම එකතු වෙලා මේ ලෑස්ති වෙන්නෙ ඇඩ්මිශන් සයින් කරලා ගෙදර යන්නෙ නැතුව බජව් දාන්න.
හන්සක කොනක් අල්ලන් හිමින් හිම්න් මුමුනපු සින්දුව නවත්තලා වේග රිද්ම සින්දුවක් කියන්න කියල කෑගහුවෙ සසේන්.සසේන් හන්සක බැදීම මේ එහෙම ලේසි පාසු බැදීමක් නෙමේ. එක වසරේ මකන කෑල්ලට පොරකාපු දවස දක්වා ගලා යන හෙන අතීතයක් මුන් දෙන්නට තිබ්බා. සසේන් හැම වෙලේම කියෙව්වට හන්සක කියන්නෙ ටිකක් නිශ්ශබ්ද චරිතයක්. ඒ නිසාම වැඩි යාලුවො හිටපු නැති හන්සක සසේන් එක්කම හැමදේම බෙදා ගත්තා.
"අඩෝ සින්දුවක් අල්ලපාන්න්"
"ඉරෙන් හදෙන්..
එලිය අරන්..""නවත්තපන් හු-"
"බල්ලො පිනා එනවා නවත්තපාන්න්"
"ආතල් ගන්නෙපා ඕයි අද පිනා අල්ලපු වැටට ගියා"
ඔහොම කතා ගොඩක් මැද්දෙ හන්සක එක්ක එකතු උන සසේන් සින්දුවක් පටන් ගත්තා. මොකද දැන් වෙලාව 1.15යි යන්න කලින් හැමෝටම අමතක නොවන සමුගැනීමක් දෙන්න සසේන්ට ඕනෙ උනා
පැය ගානක නැටුම් ගැයුම්වලට පස්සෙ හන්සකගෙ කටහඩට මුලු පන්තියක් අඩවන්න පුලුවන් උනේ හන්සකගෙ හඩට සසේන්ගෙ ගිටාර් හඩ එකතු උන නිසාමයි.
"මතකයන්...
හිත පාරවයි..
වසන්තේ කොහෙදෝ ගිහින්..
ජිවිතේ තැනක නැවතිලා..
මැකී යයි..
පිය සටහන්..
පාසලෙන්.."ඔහොම පටන් ගත්තු සින්දුව ඉවරවෙද්දි පන්තියෙ කොල්ලො ඔක්කොම එක එකාව බදාගෙන සමු ගන්නව.
සමහරු අඩනව. සමහරු සතුටු වෙනවා. එහෙම තමයි එක එක සමුගැනීම එක එක විදියයි.ඉස්කොලේ ඇරිල ගාතා කියපු ගමන් කොල්ලො එහෙන් මෙහෙන් පැනලා ගෙවල්වල ගියෙ පන්තියෙ හන්සක සසේන් දෙන්න විතරක් ඉතුරු කරලා.
"අඩෝ උඹ අදවත් කියන්නෙ නැද්ද බන්"
"....."
"සමහරවිට උඹට ඉස්කෝල මාරුකරන්න වෙයිකියලා ආන්ටි කිව්වනෙ. අද උඹ ඕක කියල දාපන් හිතෙ හිර කරන් දුක් විදින්නෙ නැතුව"
![](https://img.wattpad.com/cover/369741272-288-k829157.jpg)
YOU ARE READING
පාර්ශ්වික
Romanceලොවටම හොරෙන් එක හිතක ආදරේ පුරෝගෙන, ඒ ආදරේ හිත ඇතුලෙම හන්ගගෙන අපෙන් වෙන් වෙන මිනිස්සු මේ ලෝකෙ ඇත්තෙ අතලොස්සක්! ආධව්ගෙ හිතේ පිරුණු ආදරේ එක නමක් වෙනුවෙන් දැනටමත් ලියවිලා ඉවරයි. ආධවි ප්රිත්විට දෙන්න හිතේ පුරෝගෙන ඉන්න ආදරේ ප්රිත්විට විදින්න පුලුවන් වෙය...