7 දිගහැරුම

148 9 6
                                    

විශුද් නාරායන් හන්සක වගේම බිස්නස් ෆැමිලි එකකින් පැවතගෙන එන හන්සකගෙ වයසෙම දක්ශ පොරක්. කිසිම අඩුපාඩුවක් නැති ඕන කෙල්ලෙක්ගෙ ඩ්‍රීම් බොයි. ඉස්කෝලෙ හොදට කැපී පෙනුනු මැර චරිතයක් උන විශුද් ගැන මෙහෙම අදහසක් කවදාවත් එයාගෙ දේව්ට ඇති වෙයි කියල හන්සක වැරදිලාවත් හිතන්න නැතුව ඇති.

එක පාරටම ඇහුන දේ නිසා තමන් කොච්චර ශොක් උනත් තමන්ගෙ ජීවිතෙ වැදගත්ම පුද්ගලයා මේ වගේ වැදගත් දෙයක් මුලින්ම කියන්න, තමන්ව විශ්වාස කරල com out වෙන්න තමන්ව තෝර්ගත්ත එක ගැන සතුටු උනු හන්සක ප්‍රිත්විගෙ පැත්තට හැරුනා.

"මල්ලි, මල්ලිට විශ්වාසයි නේද මේක නිකන් attraction එකක් නෙමෙයි කියලා? මොකද මල්ලිගෙ වයසට මෙහෙම දේවෙල් ගැන unsure feelings එන්න පුලුවන්-"

"නෑ නෑ ආධි අයියා මම මේක ගැන හොදටම හිතුවා මට මාව විශ්වාසයි! මම කැමතියි විශුද් අයියට- නෑ මම ආදරෙයි විශුද් අයියට"

කාටද පුලුවන් තමන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ගෙ නමක් කෑගහලා තමන් ආදරෙයි කියද්දි නෑහුනා වගෙ දරා ගන්න? හන්සකත් තාම අවුරුදු විස්සක්වත් සම්පුර්ණ නැති හරී විශාල ආදරයක් හිතේ පුරෝගත්තු අහින්සක කොල්ලෙක්. එහෙම කොල්ලෙක්ට පුලුවන්ද මෙච්චර බර වචන දරා ගන්න?

නෑ කිව්වොත් මම වැරදි මොකද මේ අවුරුදු 20වත් සම්පුර්ණ නැති පුන්චි කොල්ලා මේ ඔක්කොම ඉවසුවා. එයාගෙ දේව් එයාව තෝරගත්තා මේ හැමදේම මුලින්ම කියන්න. ඉතින් ඇයි එයාට බැරි එච්චර හොද දෙයක් අස්සෙ මෙහෙම දුකක් දරාගන්න. අම්මා තාත්තා දෙන්න තමන්ව දාල රට රටවල් ගානෙ යන්න තෝරගද්දිවත් කදුලු උනපු නැති ඒ ඇස් දෙකට උනපු කදුලු වහගන්න හන්සක ලෝකු උත්සහයක් ගත්තා.

"මල්ලිට හොදටම විශ්වාසයි නම් එයාගෙන් අහන්න. මම ඕනෙ නම් උදව් කරන්නම්"

හිතක් හදාගෙන කරන්න පුලුවන් දෙයක්ද මේ කොල්ල මේ කරන්න යන්නෙ. තමන්ගෙ ආදරේ දෝත බදලා වෙනකෙනෙක්ගෙ අතට දෙන්න?

ඔව්. ආදරේ කියන්නෙම පරිත්‍යාගයක්!

එයා කොච්චර දේව්ට ආදරේ උනත් දේව් ආදරේ වෙන කෙනෙක්ට නම්,

පාර්ශ්වික Where stories live. Discover now