3වන දිගහැරුම

111 11 2
                                    

හන්සකගෙන් එයාගෙ කතාව දැනගත්ත විදිය මතක් උන සසේන්ට හිනා ගියෙ නිකම්මයි. ඒ උනාට හොදටම අසනීපවෙලා ගෙදර හිටිය තමන්ගෙ මල්ලිව එකපාරටම ඉස්කෝලෙ ඇතුලෙ දැක්ක එකත් එක්ක සසේන්ට කේන්ති ගියා. මොකද ප්‍රිත්වි හිටියෙ රගර් ප්ලේ කරලා ඉන්ජර්ඩ් වෙලා ඒ තරමට මිනිහ පරිස්සම්.

සසේන් පුදුම උන තරමටම හන්සකත් පුදුම උනේ ප්‍රිත්වි ඉන්ජර්ඩ් උනේ එයාගෙ අතින් නිසා. ඉස්කෝලෙ තමන්ගෙ අන්තිම ස්පෝර්ට් මීට් එකට එයාගෙ හවුස් එකෙන් හන්සකත් රගර් ප්ලේ කරන්න හිටියා under19 team එකේ ඒවගේම ප්‍රිත්විත් එයාගෙ ටීම් එකේ ප්ලේ කරන්න හිටියා. එදා හන්සකගෙ අතින් ප්‍රිත්වි ඉන්ජර්ඩ් උනා.ඒ නිසා ප්‍රිත්විට physical pain එකක් විතරක් ආවට හන්සකට තමන් ආදරේ කරන කෙනාට තමන්ගෙ අතින්ම වැරදිලා හරි රිද්දුව එක දරාගන්න බැරි උනා. ප්‍රිත්විව කෙලින්ම ගෙදර ගිහිල්ල කොහොමද කියල බලන්න බැරි නිසා සතියක් එක දිගට හන්සක සසේන් එක්ක පාඩම් කරන්න කියලා සසේන්ගෙ ගෙදර ගියෙ ප්‍රිත්විගෙ කැමතිම කෑම වර්ගත් අරගෙන.

ඔහොම වෙලා සති දෙකකින් විතර ඇඩ්මිශන් සයින් කරන්න ඇවිල්ලා එක පාරටම හන්සකගෙ ඇගේ ප්‍රිත්වි වැදුනාම සසේන් හන්සක දෙන්නටම හොදටම කේන්ති ගියා.

"ඕයි මල්ලි නවතිනවා!"

සසේන් කෑගහුවෙ කේන්තියෙන්

"එයාට බනින්න එපා"

හන්සක සසේන්ට විතරක් ඇහෙන්න මිමිණුවා.
ඒක ගනන් නොගත්ත සසේන් ආයෙත් කෑ ගැහුවා.
ප්‍රිත්විත් එහෙම්මම සසේන්ල ගාවට ආවා.

"ප්‍රිත්වි! මල්ලි! තෝ පොඩි එකා මොකද ඉස්කෝලෙ කරන්නෙ? තමුසෙට doctor කිව්වා නේද මාස එකහමාරක් යනකන් ගෙදරින් එලියට බහින්න එපා කියලා ආ?? තො රෙද්දක්ද කරන්නෙ ඉස්කෝලෙ ඇවිල්ල දුව දුව??

"අද පොඩි අයව ප්‍රැක්ටිස් කරවන්න කව්රුත් නෑ කිව්වා ඒකයි මන් ආවෙ"

"තෝ අඩු එල්ලගෙනද පොඩි උන්ට ප්‍රැක්ටිස් කරවන්නෙ? වරෙන් තෝ කෝච් ට කියලා දැන් මාත් එක්ක ගෙදර යන්න"

"ඒ උනාට ලොකූ මම අද-"

"තොට මම කිව්වෙ මොකද්ද?"

පාර්ශ්වික Where stories live. Discover now