1 වන කොටස

49 2 3
                                    

" දෝනි.. නැගිටින්න ළමයෝ.. බලන්න වෙලාව කීයද කියලා..හතයි වෙලාව.. "
" අයියෝ අම්මේ උදේ පාන්දර ගාන්ඨාර පූජා කරන්නේ නැතුව යන්නකො අප්ප නිදාගන්න දීලා.. " මං ආයෙ අනිත් පැත්තට හැරුනා.
මට ආයේ ඉතින් අමුතුවෙන් එලාම් තියන්න ඕන නෑ ගෙදරම එලාම් එකක් ඉන්න නිසා.

"හාහා නිදාගන්න එහෙනම් මං යන්නම් ඉන්ටෙව්.. ගුටි නොකා නැගිටිනවා..''
අන්තිම ටික නම් සද්දෙ වැඩි වුණා. බුදු අම්මෝ රත් කරා නේද පස්ස.

" ඌයි'හ්.."
මට ඉබේම ඉදගැස්සුනා.

" ඇයි අද ඉන්ටෙව් එකට යන්නේ නැද්ද ළමයෝ.."
"මොන.."
ඔළුවත් කහ කහ මං ඇහුවා.ආපුචේ දැන්නේ මතක් උනේ අද ජොබ් ඉන්ටෙව් එකක් තියෙනවා කියලා.

" හුටා..ඇයි මාලියෝ කලින් ඇහැරුවේ නැත්තේ.."
" නාහා ගිහින් හෝද ගන්නවා.. කීයේ ඉදන්ද ඇහැරවන්නෙ.."
සොනික් වගේ දිව්වේ වොශ් රූම් එකට.

මං ගැන කීවොත් මගේ නම මිනුදී දෙහස්නා සමරවීර. වයස නම් අවුරුදු 20ක් වෙනවා. එලෙවල් එක්සෑම් එක එහෙම ප්‍රයිවට් කරපු නිසා අවුරුද්දෙන් එක්සෑම් එක ඉවර කළා. ඊට පස්සේ ප්‍රයිවට් කැම්පස් එකකටම ගියා.ඒලෙවල් වල කොමස් කරේ. A3 ම තියෙනවා කැම්පස් එකෙත් බෙස්ට්ම රිසාල්ට් එක මගේ. ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ගෙදරට වෙලා ඉන්නේ. නිකන් ඉන්නත් බැරි නිසා ජොබ් එකකට ඇප්ලිකේෂන් දැම්මා.

ඉක්මනට වොෂ් එකකුත් දාගෙන කළු ඩෙනිමට සුදු ෂර්ට් එක යට කරලා ඇඳගෙන කොන්ඩෙ උඩට කරලා ගෙඩියක් දාගෙන ඉක්මනට පහළට දිව්වා. හොඳටම පරක්කුයි. මං 7.45 වෙද්දි එතන ඉන්න ඕන.

"දෝණි, මොකද මේ කලබලේ.. වැටෙයි ළමයෝ.. අඩි උසත් දාගෙන ලිස්සුවොත් එහෙම.. හිමීට පඩිපෙල බහින්න.."
" හිමිට වැඩ කරන්න තිබ්බා තාත්තගෙ මහලොකු දෝනි අන්දා කලින් නැගිට්ටා නම්.."
ඔන්න ඉතිම් මේ මාලියා තාත්තිව අවුස්සනවා.

ආ මේ මාලි කවුද කියලා කියන්නම්. තාත්තා තමයි නලින්ද වාසල සමරවිර. එයාගෙ ජොබ් එක තමා කපල් වල ඕපේ හොයන එක. හීහී නෑ නෑ අනෙ එයා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් අනෙ.. චිත්‍රපටි අධ්‍යක්ෂණය කරනවා, පිටපත් එහෙමත් ලියනවා ඉදලා හිටලා. ආහ් මේ මාලී තමයි මගෙ සුදු තාත්තිගෙ ආදරණීය බිරිඳ නොහොත් මගෙ වදකාර අම්මා. හෙ හේ වදකාර කීවේ විහිලුවට හොදේ. අම්මා නම් කලින් ඉන්ජිනියර් කෙනෙක්. දැන් නම් ගෙදරට වෙලා ඉන්නෙ. මාලිනි විජේතුංග.

අද මේ කලබලෙන් මම ඩ්‍රයිව් කලොත් ලගින්න වෙන්නෙ මෝචරියෙ තමයි.
"අනේ මාලියෝ කටවහන් ඉන්නකො.. මේ නලියෝ කියන්නකො මාලිට හප් කියලා.."
මම හුරතල් විදිහට කිව්වා. දෙන්නටම හිනා.

" දැක්කාද මහත්තයා මේ කෙල්ල කතා කරන විදිහ.. සුභ ගමනක් යන නිසා මොකුත් නොකියා ඉන්නෙ.."
තාත්තට නම් හිනා. බැන්නට මොකද ඩබලම මට හෙන ආදරෙයි. අම්ම බතුත් කැව්වා. කටවල් දෙක තුනක් කාලා තාත්ති එක්කම ඉන්ටෙව් එක තියෙන ඔෆිස් එකට ගියා. මාව ඇරලවලා එයා ගියා. මං යද්දි ඉන්ටෙව් එක ඉවර වෙලා.

αмα gυяℓ🌺✍🏻

______________________°°°

මොකද ළමයි කතාව හොදයිද🌝 මිනූව ඉන්ටෙව් කරන එකක් නැතිවෙයිද☹️ ඊළග කොටසින් බලමු. අදහස් කියාගෙන යන්නකො😁

මගෙ හුස්ම නුඹයි♥🕊️Where stories live. Discover now