11 වන කොටස

5 0 0
                                    

  "මිස් මම දෙයක් කියන්නද.."
  මට ප්‍රශ්නාර්ථයක් ඇති විය.

   " ඔයා හිතන විදිහෙ කෙනෙක් නෙවේ සර් කියන්නෙ.."
  රිකාශා ලොකු කතාවකට මුල පිරුවා.

  "මං මේ ඔෆිස් එකේ වැඩට ආවේ දැනට අවුරුද්දකට විතර කලින්..ඊටත් වැඩිද කොහෙද..මම පාරක් පාරක් ගානෙ ගිහින් ජොබ් හෙව්වා. මං ඒ ලෙවල් පාස් උනාට කැම්පස් යවන්න තරම් මගෙ අම්මාට වත්කමක් තිබ්බෙ නැ. මං මෙහෙ නොගියපු තැනක් නැතුව ඇති ජොබ් හොයාගෙන. මුළු දවසම වතුරවත් නැතුව රස්සා හෙව්වා. ඒත් මගෙ කොලිෆිකේශන් වලට ජොබ් දෙන්න කැමති උනේ නා කවුරුත්. දවසක් මං මහන්සි නිසා පාරේ තිබුන බංකුවක ඉදගත්තා. ඇත්තම කිව්වොත් මං ගාව බඩගින්නට මොනවත් කන්න ගන්නවත් සතයක්වත් නැ. ඒ වෙලේ තමා මට ඒශාන් සර්ව හම්බුනේ.."

" අනේ අක්කේ..ඊට පස්සේ.."
  " ඊට පස්සෙ.."

*මතකාවර්ජන..*👉

රිකාදා බංකුවෙන් නැගිටලා යන්න හදද්දිම ර්‍යා බංකුවෙන් ආපහු ඉද හැස්සුනේ ඇඟට පණ නැති නිසා. ඒක ඒශාන් දැකලා.

  "එස්කියුස් මී..ඇයි ඔයාට සනීප නැද්ද.."
  "කැරකිල්ලක් වගේ ආවා සර්.."
  "කාලා එහෙමද ඉන්නෙ.."
  "නෑ සර්.."
  "ඒ ඇයි..කන්න එපැයි ඉතින්.."
  "මොනවා කන්නද සර්..අතේ රුපියලක් වත් නැතුව.."
  රිකාශාගෙ ඇස් වල කදුළු.

  " එන්න යන් මාත් එක්ක.."
  ඒශාන් රිකාශාව එක්කන් ගිහින් කන්න අරන් දුන්නා.

  "සර්ට ගොඩක් පිං සර්.."
  "it's ok.. ජොබ් එකක් එහෙම කරනවද.."
  "ජොබ් එකක් හියාගෙන තමා සර් මේ පාරක් පාරක් ගානේ රස්තියාදු වෙන්නෙ.. මගෙ තාත්තා නෑ. අම්මා අසනීපෙන්. ඒ නිසා මේ දවස් වල අමාරුවෙන් ජීවත් වෙන්නෙ.. මාව කැම්පස් යවන්නවත් අම්මාට වත්කමක් නෑ. ඒකයි මම ජොබ් එකක් හොයන්නෙ..ඒත් කඑඋරුත් අපිට උදව් කරන්නෙ නෑ සර්..හැමෝම බලන්නෙ ඩිග්‍රිය මිසක් දක්ශතාවය නෙවෙයි..ඒ නිසා අපි වගේ අයට ජොබ් දෙන්නෑ සර් කවුරුත්.."
    " කොච්චරක් දුරට ඉගනගෙන තියෙනවද.."
  " A/L වලට කොමස් කලේ..A3ම තියෙනවා. දිස්ත්‍රික් 20.."
   "මං ඔයාට ජොබ් එකක් දෙන්නම්..මගෙ කම්පැණි එකේ..".

*වර්තමානය..👉*

  " සර් නැත්තම් සමහර විට මම කුලී වැඩක් හරි කොහෙ හරි කඩේක හරි වැඩ කරන්න ඇති මේ වෙද්දි.."
  යකඩෝ මූ මෙච්චර හිත හොද කෙනෙක්ද. මුගෙ ඔක්කොම ගෑස් ඉතින් මට විතරයි නෙ.

   "මං දන්නවා අක්කේ..ඔයා කියන්න යන්නෙ එයා නපුරු නෑ කියල නෙ..ඒත් එයා කාට හොද උනත් මට නපුරුකම් කරනවනෙ.."
   " මං සර්ව ආශ්‍රය කරපු කාලේ ඇතුලත සර් මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගත්තා. ඔයා ඒක නපුරු කමක් විදිහට දැක්කාට ඒක නපුරුකමක් නෙවෙයි නංගි..සර් එහෙම හැසිරෙන්නෙ ඇයි කියල මම දන්නවා.. "
   "නපුරුකමක් නෙවේ නම් මොකක්ද.."
  "මං මොකක්ද කිව්වේ කියලා ඉස්සරහට ඔයාට තේරෙයි.."
  මට නම් තේරෙන්නැ රිකාශා අක්කා මොනවා කියනවද කියලා. අක්කා මට වඩා වැඩිමල් කියලා දන්නෙ අද.

   මං ඒ බූරුවා ව හොය හොය ඉද්දිම මගෙ ඉස්සරහටම ආවා එයා.
හොල්මන්ද දන්නැ මූ. එයා ආපු නිසා මං යන්න හැදුවේ. එතකොටම එයා මගෙ අතින් අල්ලලා මාව නැවැත්තුවා.

  "කොහෙද යන්නෙ..මං දැන් යන්න කීවද තමුසෙට.."
  " දකින දකින තැන මට බනින්නේ මම මොකක්ද කරපු වරද.."
   මං අහක බලා ගත්තා. එයාට ටිකක් දුක හිතිලා. අහක බලන් ඉන්න හිත දුන්නේ නම් නෑ මොකද ඒ තරමටම එයා අද ලස්සනයි.

" ඔයා එහෙමද මං ගැන හිතන්න ඉන්නේ? මං ඔයාට නපුරකම් කළේ ඔයාව පේන්න බැරි නිසා නෙවේ.පේන්න බැරිනම් මං එදා තමුසෙව බේරගන්නෙ නෑනේ මැරෙන්න දීලා බලන් ඉන්නවනේ.."
  " ඇයි එදා මාව බේරගත්තෙ ඉතින්.. මැරෙන්න දෙන්න තිබ්බනෙ.."
  " කට වහගන්නවා මිනූ..තමුසෙට තාම මං කියන දේ තේරෙන්නෙ නෑ. වාද කරලා වැඩක් නෑ.."
   "හරි ඉතින් මොකටද බේරගත්තේ.. හේතුව මොකක්ද.."
  " ඒක මම පස්සෙ කියන්නම්.."
  ඒශාන් එතනින් ගියා. මට නම් ලොකු කුතුහලයක් ආවා.

මං ඉතින් රිකාශායි ඒශානුයි කියපු දේවල් කල්පනා කර කර යද්දි පවන් මාව බය කරගෙන ඉස්සරහට පැන්නා.

  " අම්මාහ්.."
මං ඇස් දෙකත් වහගෙන කන් දෙකත් වහගෙන කෑ ගැහුවා.

   "හූ..බයගුල්ලි..කටනම් තියෙනවා.."
  පවන්ට හොදටම හිනා. මම තරහින් රවලා අහක බලාගත්තා.

     " මේ මේ රවන්න එපා ඈ.. උස්සන් යනවා ගෙදරම.."
  පවන්ට හිනා. මං රවලා අහක බලාගත්තා.

  "මේ ඒක නෙවේ..කොහෙද මේ යන්නෙ.."
  " වෙන කොහෙ යන්නද ගෙදර මිසක්.."
  ""වරෙන්කො කොපි ශොප් එකට යන්න.."
  " ඒ මොකො.. "
  " ටිකක් කතා කරන්න ඔනී.."
  " හාකෝ යමන්කො.."
දෙන්නත් එක්කම කොපි ශොප් එකට ගියා.

  " මේ මිනුදියෝ.. මං උබෙන් දෙයක් අහන්නද.."
  " අහන්න ඉතින්.."
"මට ආදරෙයිද.."
මං ඇත්තටම කම්පියුස් වෙලා බලන් හිටියෙ පවන් දිහා.













මතු සම්බන්ධයි!



අඩෙහ් ඒ මොකො උනේ😳👊 මෙන්න පවන් මිනූට කැමතිලු🤭 හෙට බලමුකො මිනූගේ උත්තරේ මොකක් වෙයිද කියල😜 ඔයාලට හිතෙන්නෙ කොහොමද🌝

මගෙ හුස්ම නුඹයි♥🕊️Where stories live. Discover now