2 කොටස

25 1 1
                                    

මං යද්දි ඉන්ටෙව් එක ඉවරවෙලා තිබ්බේ. කොහොම හරි රිසෙප්ශන් එක්ක කතා කරලා ඉන්ටෙව් එකට ගියා. මමනේ අන්තිමේටම හිටියේ පොඩි බයකුත් තියෙනවා ඉතින්.

"එස්කියුස් මී.. මේයි අයි කමින්.."
" යස් කමින්.."
පේන විදිහට නම් මෙයා චෙයාර්මන් වෙන්න ඇති. අනේ ඉතින් මෝඩ මම. චේයාර්මන්ගේ රූම් එකේ චෙයාර්මන් නැතුව වෙන කවුරු ඉන්නද.

" සිඩ්.."
ඒ පොර මූණ දිහාවත් නොබලා ඉඳගන්නලු.

සමාජයට මුහුණ දෙන්න බයද දන්නෑ මූණ හංගන් ඉන්නේ. මං හිතින් මිමිනුවා. එයා බිතු සිතුවම්වත් අඳින්න ප්ලෑන් කරනවද කොහෙදෝ. මට පිටුපාලා හිටපු නිසා මූණ පේන්නෙත් නෑ. මූණතියා ඔලුවත් පේන්නේ නෑ පුටුවේ උසට.

"ගුඩ් මෝනිම් සර්.. "
" මෝනිම් "
ඒකාගෙ තියෙන ලොකුකම. පුහ්..
භාගෙට හැරිලා සෙටිෆිකට් ෆයිල් එක ඉල්ලුවා. මම දුන්නා. ෆයිල් එක බැලුවා විතරයි එකපාරටම මෙන්න මූ මගේ මූණ දිහා බැලුවා. එයා කම්පියුස් වෙලා වගේ මගෙ දිහා බලන් හිටියේ. මං බිම බලාගත්තා.

" බලලා පණිවිඩයක් එවන්නම් දැන් යන්න.."
" ඒත් සර්.."
" කිව්වානෙ යන්න.. "
'' ඕකේ සර්.. තැන්ක් යු"
හරියට ඉන්ටෙව් කරේවත් නැති නිසා මං හිතන්නෑ මට ජොබ් එක හම්බවෙයි කියලා. මං ගෙදර එද්දි දොළහට විතර ඇති. ආපු ගමන් කළේ කාලා සෙට් එකෙන් සින්දුවකුත් දාගෙන නිදා ගත්තු එක. හවස හයට විතර මට ලෑන්ලයින් නම්බර් එකකින් කෝල් එකක් ආවා.

"හෙලෝව් මිස්.. "
" හෙලෝව්.. කවුද මේ.."
" මිස් මං trend fashion md එකේ රිසෙප්ෂන් කතා කරන්නේ.."
" අහ් ඔව් කියන්න.."
"මිස් ඉන්ටෙව් එකෙන් පාස්. සර් කීවා හෙට ඉඳලා එන්න කියන්න කියලා.. "
" අනෙ තැන්ක් යූ.."
" අහ් මිස් කළු ටයිට් සායයි ෂර්ට් බ්ලාව්ස් එකයි තමා මිස්ටර් අඳින්න තියෙන්නේ..''
" ඕකේ.. යූ.. ම්ම්.."
මම එයාගෙ නම දන්නෙ නැති නිසා එහෙම ඇහුවේ.

" මම රිකාශා.."
" අහ් ඕකේ රිකාශා.. බායි.."
මම කෝල් එක කට් කරලා වොෂ් එකක් දාගෙන පහන තියන්න ගියා.

ͨ❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃

අද පුදුමේ කියන්නේ මට උදේ 6.15 වෙද්දි ඇහැරුණා. වෙනදා ඉතින් අම්මගේ කටේ සද්දටනේ ඇහැරෙන්නේ. මං ඉතින් උදෙන්ම ලෑස්ති වෙලා කුස්සියට ගියා. කළු ටයිට් සයට නිල්පාට කොලර් එක නැති ෂර්ට් බ්ලව්ස් එකක් ඇදලා බම්ප් එක තියලා පොනීටෙල් එක දාලා හිටියේ.

මගෙ හුස්ම නුඹයි♥🕊️Where stories live. Discover now