4 වන කොටස

22 1 0
                                    


මං හෝල්ට් එකේ බංකුවට වෙලා ඔලුවෙත් අත තියාගෙන ඇස් වහන් හිටියා.ටික වෙලාවකින් කාර් එකක් ඇවිත් නතර කරලා හෝන් ගහද්දි මං ගැස්සුනා.හාට් එක ගැහෙන සද්දෙ මටම ඇහෙනවා. අහ් අර නපුරා ඇවිත් තියෙන්නෙ.දැක්කාට පස්සෙ තමා බය නැති උනෙ.

  " නගිනවා.."
'' ඔයා යන්න මම එන්නම්..''
මාලුවා නහින්නෙ කට හින්දා කියනවනෙ යාලුවනෙ. මූ දමලා ගහලා යයිද දන්නැ.මගෙත් කට හිද නැනෙ.

එයා කාර් එකෙන් බැහැලා ලගට ආවා.මෙන්න මෙයා නගෙ අතින් ඇදගෙන ගිහින් කාර් එක ඇතුලට තල්ලු කලා. දොරත් හයියෙන්ම වහගෙන එයත් නැග්ගා. ඔහේ බුම්බගෙනම යනවා. වචනයක්වත් කතා නැතුව ගියපු එයා මෙන්න එකපාරටම මට බනින්න ගත්තා.

" තමුසෙට මොලේ නැද්ද..පැය දෙකක් තිස්සෙ පාරට වෙලා ඉන්නෙ ආ.."
  "ඉතින් බස් තියෙන්න එපැයි"
"ටැක්සි එකක් දාගන්න බැරිද තමුසෙට"
  " ටැක්සි තියා බලුන්බල්ලෙක්වත් පාරේ නැ.ඒ මදිවට ෆෝන් එකත් ඕෆ් මං මොනවා කරන්නද?"
  
"ගැණුන්ගෙ ඔලුව ඉදිමිලා වැඩී කියන්නෙ ඕකනෙ..''
  එයාට ඇයි මෙච්චර ඩෝං ගිහින්.

මං මොකුත් නොකියා එලිය බලාගෙන ගියා.එයා මාව ගෙදරටම ඇරලවලා ගියෙ.

   "මචං යශ්.."
"ඕ දමියා කියපන්.."
" අරකි ජොබ් එකක් කරනවලු නෙද"
  " ඔව් ඔව් මං දැක්කා අර ඒශානයා එක්ක පාරේ කතා කර කර ඉන්නවා.. ඕකිට ඌ එක නම් සෙට් වෙන්න දෙන්නෙ නැ මම, බලමුකො අපි."
යශ් කිව්වා.

යෂ් කියන්නෙ ටිකක් හිතුවක්කාර කොල්ලෙක්. තමන්ට ඕන දේ කොහොම හරි ලබා ගන්නවා. ජයවීර ඇමතිතුමාගෙ පුතා නිසා බලේ වැඩී. තාත්තා ඇමතු කියලා මට නම් අදාලම නෑ. ඌගෙ බොක්ක ෆිට් එක තමා දමිත්. ඕනම නසරානි වැඩකට සපෝට් කරනවා.



අද ඔෆිස් නිවාඩු දවස නිසා මම මගේ අතිජාත මිතුරිය රියා එක්ක ශොපින් ගියා. මං නම් ගත්තෙ ඉතිම් ඔෆිස් අදින්න ඕන ඒවා තමා.මං රෙදි තෝර තෝර ඉද්දි කාගෙදෝ ඇගේ හැප්පුනා.

  "ඔයා..හ්''
" සොරි.."
ඒ හිටියේ අර නපුරු බොසා.පුදුමයි මට බැන්නේ නෑ.බනිනවා වෙනුවට සොරි කිව්වේ. 

'ඒයි තමුසේ අද හෙන හැන්ඩියා ඕයි.'
මං හිතෙන් කියව කියවා කටත් ඇරන් මෙයා දිහා බලන් හිටියා.කොල්ලො අදින විදිහෙන් මං ආසම විදිහට එයා ඇදන් ඉන්නෙ.ඩෙනිම ඇඳලා කළු ටී ෂර්ට් එකට උඩින් නිල් කොටු කොටු ෂර්ට් එක ඇඳලා කළු ටී එක පේන්න මාර ලස්සනයි ඒ විදිහට කොල්ලන්ට.ඔෆිස් කිට් එකෙන්නෙ හැමදාම දකින්නේ.

මගෙ හුස්ම නුඹයි♥🕊️Where stories live. Discover now