Chapter 14

169 16 16
                                    

මගේ කොන්ඩෙ ගැන මට වඩා අනිත් අයටනෙ දුක...
කැම්පස් ගියාම අහන අහන කෙනාට උත්තර දීල දැන් නම් මගෙ කටත් රිදෙනවා.යකූ ආසාවට කැපුවෙ.මොන වෙඩිමක්ද මේ...

'කලම්බන' ප්‍රසංගෙ තියෙන්නෙ මේ සතියෙ.ඒක තියෙන්නෙ එළිමහනෙ නිසා අපි එළියෙ ස්ටේජ් එකක් හදන්න ඕන.ඒක නිසා මේ ටිකේ ස්ටේජ් එක හදන වැඩයි , සරසන වැඩ ටිකයි කරනවා.කට්ටියම එකතු  වෙලා වැඩ ටික කරන නිසා අවුලක් නෑ.
ඒ අස්සෙ කට්ටිය අදින ඇදුම් ගැන කතා වෙනවා.මට ඉතිම් ඒ ගැන හිතන්න දෙයක් නෑ.මට සිංදුව ප්‍රැක්ටිස් කරන්න අනිත් ඒවා නෙතූ බලාගන්නම් කිව්වා.
ඔව් ඉතිම් මාව බලෙන් දැම්ම නම් ඒව කරල දෙන්න ඕන තමා...

මම කියන සිංදුව මොකක්ද කියලා එයාට කිව්වෙ නැති නිසා එයත් එයාගෙ Dance එක ගැන මට මුකුත් කිව්වෙ නෑ.අඩුම අදින ඇදුමවත් කිව්වෙ නෑනෙ..😒
.
.
.
.
.
අද තමයි අපේ ප්‍රසංගෙ තියෙන්නෙ.ඒක පටන් ගන්නෙ ටිකක් හවස් වෙන්න නිසා දවල් වෙනකොට නෙතූ කිව්ව salon එකට එන්න කියලා.
දවල් වෙද්දි අනුජියි මායි බයික් එකේ salon එකට ගියා.අනුජි නම් මොකකටවත් නෑ.විහගිත් නෙතූ ඉන්න Dance එකේ ඉන්න නිසා එයත් ආව මාත් එක්ක විහගි බලන්න කියලා.

බයික් එක පාක් කරලා අනුජිගෙන් මගෙ ගිටාර් එකත් ඉල්ලගෙන අපි නෙතූව හොයන් ඇතුලට ගියා.salon ගියාට මන් නම් ඉතිම් ඔය මේකප් දාන්න යන්නෑ.මගෙ ඇදුම් නෙතූ ලග නිසා ඒවත් අරන් එහෙදිම ලෑස්ති වෙන්න තමා ගියේ.

"ඔයා තාම ලෑස්ති උනේ නැද්ද?"

"තාම නෑ ඉතිම්...ඔයා එනකම් හිටියෙ.ආ..මෙන්න මෙයත් ඇවිත්."

"එයා ආවෙ විහගිව බලන්න."

"ආ..විහගි නම් දැන් ලෑස්ති වෙන ගමන්..
ආශි..මෙන්න ඔයාගෙ ඇදුම.ගිහින් ඇද ගන්න.මාත් දැන් යන්නම් ලෑස්ති වෙන්න."

"ම්ම් හරි..."

නෙතූ තෝරල තිබුනෙ කලු දිග කලිසමට නේවි බ්ලූ කලර් අත් දිග ෂර්ට් එකක්.මම ෂර්ට් එක යට කරලා අත් දෙක වැලමිට ගාවට නැමුවා.ඊට පස්සෙ salon එකෙන් මගෙ කොන්ඩෙත් හදලා මූණටත් මොනාද මන්ද ගෑවා...
අවුලක් නෑ මේ ඉන්නෙ කෙල්ල ලස්සනට.
මම ලෑස්ති වෙලා ඉවර උනත් නෙතූ නම් තාම ඉවර නෑ.මන් මේ මග බල බල ඉන්නෙ එයාව බලන්න.ඇයි ඉතිම් මොකක්ද අදින්නෙ කියලවත් කිව්වෙ නෑනෙ.

Gap the love _ ♡♥︎♡_Where stories live. Discover now