"නැගිටින්න..නැගිටින්න.."
"තව ටිකක් ඉන්න දෙන්නකො අනේ.."
අපරාදෙ කියන්න බෑ අනුජි අනිත් වැඩ වලට කම්මැලි උනාට එයාට උදෙන්ම නැගිටින පුරුද්දක් තියෙනවා.ඒකට මම...මට උදේට නැගිටිනව කියන්නෙ මැරෙනව වගේ වැඩක්..
"කිව්වම නැගිටිනවකෝ..lectures යන්නෙ නැද්ද අද?"
"යනව යනව.."
නෙතූගෙන් අපේ ගමන ගැන අහන්නත් තියෙන නිසා කම්මැලිකම පැත්තකට දාල මාත් අවදි උනා.
"ඒක නෙවී පොඩ්ඩක් හිටාම්..
උබ කවද ඉදන්ද උදෙන්ම lectures යන්න පටන් ගත්තෙ?""හී හී අපි දැන් වැඩ කරන ළමයි"
"ඒ මොකද ඒ සැබෑ වෙනසක්.."
"හැමදාම එකම විදියට ඉන්න බෑනෙ.ඔයාල කියන නිසාම ඔන්න මම වෙනස් උනා.."
"හා හා බටර් ගාන්න එපා..මොකො විහගි බැන්නද.."
"පිස්සුද..බැන්නෙ නෑ.මෙහෙමයි ඉතිම්...
මොකද බක බක ගාල හිනා වෙන්නෙ.."
"නෑ නෑ...කමක් නෑ අපි කියන එක නැතත් කෙල්ල කියන එක අහල හරි ළමය හැදුනනෙ.."
"සෝක් විහිලුව...මාත් එකක් කියන්නද..
මට මතක් වෙනවා ඊයෙ එක්කෙනෙක් ගුටි කාපු හැටි...""ඇති..ඇති..තව මෙහෙම කතා කර කර හිටියොත් අපි දෙන්නටම අද ගුටි කන්න වෙයි.ඉක්මනට ලෑස්ති වෙලා යමු.."
ඒක පිටින් දාල ඉක්මනට අනුජිගෙ කටත් වහල ලෑස්ති වෙන්න ගත්තා.නැත්තම් ඉතිම් මේ යකා මාව මෙතන ආතල් එකට ගන්නවා.
ඉක්මනට ලෑස්ති වෙලා lectures වලට පැයක් විතර තියල උදෙන්ම මේ කැම්පස් එකට යන්නෙ මාගේ ප්‍රියන්බිකාව හම්බ වෙන්නනේ...
එයා ඉතිම් මුලු ඇදුම් අල්මාරියම අවුස්සල ඇදුමක් තෝරන් ඒක ඇදල තව කොන්ඩෙ හදල මේකප් කරන් එනකොට හැමදාම වගේ ඩෙනිමට ටීෂර්ට් එකක් දාන් එන මම කලින්ම කැම්පස් එකට ඇවිල්ලා..කමක් නෑ ඉතිම් මගේනේ...අනුජිත් එක්ක කතා කර කරම කැම්පස් එක ඇතුළට ආවම එකපාර ඉස්සරට ආවෙ කාව්‍යා.මේකට තමයි කියන්නෙ ඇවිදිද්දි කෙලින් බලන් යන්නැතුව පොඩ්ඩක් වටපිට බල බල ඇවිදින්න කියලා...
YOU ARE READING
Gap the love _ ♡♥︎♡_
General Fictionඇමති දුවෙක් සාමාන්‍ය පවුලක කෙල්ලෙක්ට ආදරේ කලොත් මොනා වෙයිද....