Chapter 18

138 16 6
                                    

දවස හිමීට ගෙවෙන්න කියල උදෙන්ම නැගිට්ටට මෙච්චර හිමින් ගෙවෙයි කියල නම් හිතුවෙ නෑ.ඇයි යකූ පැය හතරෙ දේශනේ මට දැනෙන්නෙ දැන් පැය ගානක් තිස්සෙ තියෙනව වගේ.
.
.
.
අම්මෝ..ඉවරයි ඉවරයි.මන් අනූලට යනව කියලා නෙතූට msg එකකුත් දාලා ඉක්මනට ගෙදර ආවා.ලෑස්ති වෙන්න තියෙන්නෙ පැයක් නිසා පුලුවන් ඉක්මනට මම ආවා.
හඩ්ඩ වගේ යන්න ඕන නැති නිසා ඉක්මනට වොශ් එකකුත් දාලම ලෑස්ති වෙන්න ගත්තා.මම ඇන්දෙ කලු දිග කලිසමට කලු පාට අත් දිග ෂර්ට් එකක්.ඒකටම කලු පාට සපත්තු දෙක දාගෙන ෂර්ට් එකේ අත් දෙක වැලමිට ගාවට නවාගත්තා.ඔක්කොම කලු නිසා අමුතු ජීවියෙක් වගේ පේනවද මන්දා...කමක් නෑ.කලු කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්...
ඔක්කොමත් හරි මට මේ කොන්ඩෙ හදාගන්න තමා වෙලාව යන්නෙ.වතුර ටිකක් ගාල යාන්තම් හදාගත්තා.ඒක වේලුනාම ඉතිම් ආපහු හිටපු වදුරු පැටියම තමා...

ලෑස්ති වෙලා ඉවර උනාම මම ගිහින් ගිටාර් එක එලියට ගත්තා.නෙතූ තමයි අද අපි යන තැන් තීරනේ කරන්නෙ.කොහේ ගියත් අපි අන්තිමට යන තැන මම දන්න නිසා ගිටාර් එක ගත්තා.ගෙනියන දේකට කියල තියෙන්නෙ ගිටාර් එක විතරයි.කෝකටත් කියල යන්න කලින් ආයෙ බැලුව ඔක්කොම ගත්තද කියලා.

"ආශි සේරම හරිනෙ.බයික් එකේ යතුර ගත්තා..පර්ස් එක ගත්තා..Phone එක ගත්තා..ගිටාර් එක ගත්තා..ඔක්කොම හරි.කලබල වෙන්න එපා..දැන් පරක්කු වෙන්න කලින් යන්.."

වෙන කෙනෙක් එක්ක නෙවී කලබලේට මන් මේ මාත් එක්කමයි කතා කරන්නෙ.අද මට හරි අමුතු කලබල ගතියක් දැනෙනව නිකන් කුතුහලයක් වගේ.ඔව් නෙතූව දකිනකන් මට මේ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ..

ගිටාර් එකත් කරේ දාගෙන මම යන්න එලියට බැස්සා.බයික් එකට නැගල ආයෙ හොද හුස්මක් අරන් යන්න කලින් කන්නාඩිය බලන් කොන්ඩෙ පොඩ්ඩක් හදාගත්තා.

"කෝ මනුස්සයෝ හෙල්මට්...."

මන් ඉක්මනට දුවල ගිහින් හෙල්මට් දෙක අරන් ආවා.මන් ඒත් බැලුව මුකුත් උනේ නැත්තෙ මොකද කියලා..
තව මොනවහරි අමතක උනාද කියල බලලා මම ඉක්මනට පිටත් උනා.

විනාඩි 15කින් වගේ මම නෙතූගෙ ගෙදර ලගට ආවා.ඉක්මනට එන්නම් කියපු නිසා මම ගේට් එක ලග බයික් එක නතර කරලා එයා එනකන් සිංදුවක් මුමුන මුමුන හිටියා..

You've reached the end of published parts.

⏰ Last updated: Sep 03 ⏰

Add this story to your Library to get notified about new parts!

Gap the love _ ♡♥︎♡_Where stories live. Discover now