⛓ 02 - Deal ⛓

475 68 9
                                    

ටේහ්‍යුන් ටේයුත් එක්ක අයිස්ක්‍රීම් කාලා ඔෆිස් එකට ආවා. ජිමින් ඒ වෙද්දිත් ෆයිල්වල වැඩ ඔක්කොම ඉවර කරලා මීටින් එකට රූම් එකත් රෙඩි කරලයි තිබ්බේ.

"පපා එනකන් ටේයු බබා දගනොකර මෝචි සම්චොන් එක්ක ඉන්න ඕනේ හොදද පැටියෝ"

"තේයු දග කලන්නේ නෑනේ පපා මෝති තම්තොන් එක්ක ඉන්නෝනේ මං"

ටේහ්‍යුන් ටේයුගේ ඔලුවත් අතගාලා මීටින් එක පටන් ගන්න රූම් එකට ගියා.
.
.
.
.
.
පැය දෙකකට විතර කිට්ටු වෙනකන් ඇදුන මීටින් එක ඉවර කරලා ටේහ්‍යුන් එයාගේ කැබින් එකට ආවා.

"පපා........."

ටේහ්‍යුන් කැබින් එකේ දොර ඇරගෙන ඇතුලට ආවා විතරයි එයාගේ චූටි බෝලේ දුවන් ඇවිත් ඇගේ එල්ලුනා.

මීටින් එකේ ප්‍රශ්න නිසා ඔලුව අවුල් වෙලා ඉදපු ටේහ්‍යුන්ගේ හැම ප්‍රශ්නයක්ම එයාගේ පුංචි බෝල බබාගේ හිනාව නිසා අමතක වෙලා ගියා.

ටේයුටත් තියෙන්නේ එයාගේ අප්පගේ වගේම ලස්සන පෙට්ටි හිනාවක්.

ටේහ්‍යුන් පහලට නැමිලා ටේයුවත් වඩාගෙන සෝෆා එකෙන් වාඩිඋනා.

"මගේ බබා මෝචි සම්චොන්ට කරදර කරේ නෑ නේද"

ටේයු නෑ කියලා කියන්න ඉක්මනට ඔලුව එහාට මෙහාට වැනුවා.

"මගෙ ගුඩ් බෝයි"

ටේහ්‍යුන් ටේයුගේ කම්මුල එබෙන්නම හාදුවක් දුන්නා.

මේ ඉන්නේ ටේහ්‍යුන්ගේ මුලු ලෝකෙම. එයාගේ ටේයු බබා වෙනුවෙන් ටේහ්‍යුන් මුලු ලෝකෙම එක්ක උනත් සටන් කරන්න පුළුවන්. ටේහ්‍යුන්ගේ හදවත ගැහෙන්නේ එයාගේ හුරතලේ වෙනුවෙන් විතරයි

#
#
#
#
#
#
#
#
#
#
#

මේ අතර ජන්කුක් හිටියේ සෝල් වලින් පිටට ගිහින්. එයාගේ අලුත් ඩීල් එකක වැඩ වගේකට තමයි සෝල්වලින් එලියට ගියේ.

"බොස් වැඩේ හරි. හෙට උදේ ගිහින් බොස්ට වැඩේ ඉවර කරන්න විතරයි තියෙන්නේ"

"කිසිම දෙයක් අවුල් නොවෙන්න වැඩ ටික බලපන් ජේඩ්"

"ඕකේ බොස් ඒ ගැන බය වෙන්න එපා"

⛓️🩸My Mafia Dad 🩸⛓️ ||TK||Where stories live. Discover now