ඔන්න බෝනස් එකක් දුන්නා....
........................"බොස් අපි තැනට ආවා"
"ම්ම්ම්ම්"
කැලෑවක් මැද තියෙන පාලු ගෙදරක් ලගින් නතර කරපු අධි සුඛෝපභෝගි ජීප් එකෙන් බැහැපු ජන්කුක් පාලු ගෙදර ඇතුලට ආවා.
සම්පූර්ණ කලු පාට ඇදුමකින් වගේම කලු පාට මාස්ක් එක්කින් මූණ වහන් ඉන්න ජන්කුක් හිමින් හිමින් ඇතුලට ඇවිත් දොරක් ලගින් නතර උනා.
"මිනිහා පහල ඉන්නවා බොස්"
"ගුඩ්"
කලු පාටින්ම ඇදන් හිටපු ශරීර ශක්තියෙන් යෝධයෙක් වගේ මිනිස්සු දෙන්නෙක් එක්ක ජන්කුක් කාමරේ ඇතුලට ඇවිත් එතන පඩිපෙලෙන් බැහැලා පහල තට්ටුවට ආවා.
පිටතින් සාමන්‍ය දුප්පත් පාලු ගෙදරක් වගේ පෙනුනත් මේ ගෙදර පහල තට්ටුව කියන්නේ හිතාගන්න බැරි වෙනස්ම තැනක්.
කෙටියෙන්ම කියනවනම් පහල තට්ටුව කියන්නේ වධකාගාරයක්.....
තනිකරම අපායක්.......පහල තට්ටුවේ කෙලවරේම කාමරේ ඇරගෙන ඇතුලට ආපු ජන්කුක් එතන තිබුණ පුටුවෙන් ඉදගත්තා.
"නැගිට්ටවපන් ඕකව"
"ඕකේ බොස්"
ජන්කුක්ගේ එක අණකින් එතන හිටපු එක මනුස්සයෙක් සීතල වතුර එකකින් ගහලා සිහිය නැතුව භාගෙට මැරිලා ඉන්න මනුස්සයෙක්ට ගැහුවා.
"අහ්..........කැහ්...කැහ්...."
යකඩ දම්වැල් වැටිලා තිබුන අත්වලින් එල්ලිලා ඉන්න මුලු ඇගම ලේවලින් නෑවිලා ඉන්න මුලු ඇගටම එකම එක ඇදුමක් විතරක් තියෙන සිහිය නැතුව හිටපු මනුස්සයා වැදුන වතුර පාර නිසා පොඩ්ඩක් හෙලවුනා.
"ඉතින් කොහොමද"
කටකොනේ රැදුනු හිනාවත් එක්කම කතාව පටන් ගනිපු ජන්කුක් දිහා අමාරුවෙන් ඇස් ඇරගෙන බලපු මනුස්සගේ මූණෙන් ජන්කුක් බලාපොරොත්තු උන හැගීමම එලියට පැන්නා.
"ත....තමුන්.......කො.....කොහොමද එහෙම...."
"හහ්හහ්හහ්හහ්හා........ විශ්වාස කරන්න අමාරුයිද....... ම්ම්ම්ම්"
YOU ARE READING
⛓️🩸My Mafia Dad 🩸⛓️ ||TK||
Fanficහැගීම් මැරූ හදවත් දෙකකට නැවත පණ පෙවූ පුංචි දගකාරයෙක්.... 📌️By - CraZy_D_