⛓ 05 - Deal ⛓

252 46 8
                                    

ටික වෙලාවක් ආගිය තොරතුරු කතා කර කර හිටපු තුන්දෙනාගේ අවධානේ වෙන දේකට යොමු උනේ පඩිපෙල ලගින් ඇහුන සද්දයක් නිසා.....

.........................

උඩට ගියපු යූෂි බබත් එක්ක හිනාවෙවී පඩිපෙල බැහැගෙන එන ටේයු බබා දිහා ලිවින් රූම් එකේ ඉන්න තුන්දෙනාම බලාගෙන හිටියේ හරිම ආදරණීය විදිහට....

තමන්ගේ දරුවන්ගේ සතුට දකින ඕනම අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ මූණේ ඇදෙන්නේ ඒ වගේ ආදරණීය හිනාවක්ම විතරයි....

"පපා....... මම යූති එක්ක තෙල්ලම් කලන්න යනවා"

"පොඩ්ඩක් පපා ලගට එන්නකෝ ටේයු බබා"

"ඇයි පපා...."

"මගේ ටේයු බබාගේ ඇගට අමාරු නෑනේද වස්තුවේ...."

"නෝ පපා තේයු ස්තෝග් බෝයි කෙනෙන්නේ.... තේයුත දැන් හොදයි පපා"

"ම්ම්ම් එහෙනම් ටෝයිස් අරගෙන සෙල්ලම් කරන්න යන්න දෙන්නත් එක්ක......මේරී...."

"සර්......"

"බබාලා දෙන්නා ලගටම වෙලා ඉන්න....තේරුනාද"

"හරි සර්.... යමුකෝ පුංචි බේබිලා දෙන්නා සෙල්ලම් කරන්න"

මේරිත් එක්ක යූෂි බබයි ටේයු බබායි ප්ලේ රූම් එකට ගියා.

"ඔහොම ඉන්නකෝ දෙන්නා මම බොන්න ජූස් එකක් හදාගෙන එන්නම්"

"හියුන් ඉන්න මම ගි..."

"ඕන නෑ චිමී.... මේරි ජූස් හදලා ෆ්‍රිජ් එකට දාලා තියෙන්නේ මම ග්ලාස්වලට දාගෙන එන්නම් එතකන් වාඩි වෙලා ඉදපන්"

ටේහ්‍යුන් ජිමින්ට ආපහු සෝෆා එකෙන් වාඩි වෙන්න කියලා කිචන් එකට ගිහින් ජූස් ටිකක් ග්ලාස්වලට දාගෙන ආවා.

"චිමී ටේයු ගියේත් නැති නිසා යූෂිත් ට්‍රිප් එක යන්න බෑ කිව්වලුනේ. ඉතින් ඒක නිසා කට්ටියත් එක්ක පොඩ්ඩක් ඇවිදලා එන්න යමුද දවසක"

"වාහ්ව් නියම අයිඩියා එකක් ටේ.... හියුන් අනේ අපි යමුකෝ.....අනේ.......අනේ......."

ටේහ්‍යුන් ට්‍රිප් එකක් යමු කියලා කිව්වා විතරයි ජිමින් ඒකට එක පයින්ම කැමති උනා. ජිමින් කැමති උනා කියලා වැඩක් නෑනේ යුන්ගි කැමති වෙන්න ඕනනේ අනිවාරෙන්ම.

⛓️🩸My Mafia Dad 🩸⛓️ ||TK||Where stories live. Discover now