⛓ 01 - Deal ⛓

684 74 4
                                    

🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄

ටේහ්‍යුන් පාන්දරම නැගිටලා වර්ක් අවුට් කරලා වොශ් එකක් දාගෙන දැන් ඉන්නේ එයාගේ පුංචි හුරතලේට කිරි එක හදනගමන් ඉන්නේ කිචන් එකේ.

ටේහ්‍යුන්ගේ ගෙදර සර්වන්ට් කෙනෙක් හිටියත් එයාගේ පුංචි හුරතලේ උන ටේයුගේ වැඩ එයාගේ අතින්ම කරන්න ටේහ්‍යුන් හැමවෙලේම වගබලාගත්තා.

මේ ලෝකේ ටේහ්‍යුන්ට කරන්න අමාරුම එක වැඩයි තියෙන්නේ. ඒ තමයි එයාගේ පුංචි මැණික ටේයු බබාව උදේට ඇහැරවන එක.

"සුදු බෝලේ........... ටේයු බබා........"

ටේහ්‍යුන් ටේයුගේ කාමරේ දොරත් ඇරගෙන ටේයුට කතා කරගෙනම ඇතුලට ආවා.

ම්හ් ටේයුගෙන් කිසිම සද්දයක් නෑ. පුංචි බෝලගෙඩියා ඩුවට් එක හොදට පොරවගෙන හොදට ගුලි වෙලා නිදි.

"මගෙ සුදු මැණික...... කෝ ඉතින් නැගිටින්නකෝ........ ටේයු බබා අපිට නර්සරි යන්න තියෙනවා...... කෝ හරිඅප් බේබි......."

ටේහ්‍යුන් ටේයුගේ ඩුවට් එක ඇගෙන් අයින් කරලා ටේයුව එයාගේ පැත්තට හරවගත්තා.

"ම්හ් පපා......"

ටේයු ටේහ්‍යුන්ගේ උකුල උඩින් ඔලුව තියාගෙන ආයේ ගුලි උනා.

"කෝ ඉතින් අපිට දැන් යූෂිව බලන්න යන්න පරක්කු වෙනව"

"යූතී......."

"අනේ අනේ මේ හොරගෙඩියා පපා මෙච්චර කතා කරා නැගිට්ටේ නෑ. යූෂි ගැන කිව්වා විතරයි මෙන්න මෙයා නැගිටලා"

"හී හී.....  දෙන්නකූ අනේ මදෙ කිලි එක..... මත පලක්කු වෙනෝ පපා......."

"මෙන්න මෙන්න බොන්න.... බීලා වොශ් එකක් දාගෙන අපි ලෑස්ති වෙමු ම්ම්ම්..."

"හලී........"

ටේයු ඉක්මනට කිරි එක බීලා ටේහ්‍යුන්ගේ බෙල්ලේ එල්ලිලා වොශ්රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන ආවා. නර්සරි යන්න ඇදුමත් ඇදගත්තා.

"මගේ මැණික ඔහොම ඉන්න. පපා ලෑස්ති වෙලා එන්නම්"

ටේහ්‍යුන් පුංචි ටේයුව ඇද උඩින් වාඩි කරවලා ඔෆිස් යන්න ලෑස්ති උනා.

⛓️🩸My Mafia Dad 🩸⛓️ ||TK||Where stories live. Discover now