කාලය ගෙවී ගියේ ය. යුන් ගුරුතුමා පැවසූ පරිදිම රුඕ යී විදුහල් පරිසරයට හුරුපුරුදු විය.
පූර්ණ අධ්‍යාත්මික ශක්තිය සහිතව වුවද ඔහු තවමත් සිටියේ ඔහුගේ පෙළේ අන් සිසුන්ට වඩා මඳක් පසුපසිනි.
"ඒ ගැන කලබල වෙන්න එපා!" තියැන් චී සන්සුන් ලෙස පැවසුවේ ය. "ඔබට තව කාලය තියෙනවා."
එසේ පැවසීම නම් පහසු ය. වෙසෙසින්ම තියැන් චී වැනි ගුරුවරුන්ගේ පැසසුම් දිනාගන්නා සිසුවෙකුට! එහෙත් රුඕ යී ට තවමත් සියල්ල නැවුම් අත්දැකීමක් වූ අතර, සාමාන්‍ය දේවල් පිළිබඳව පවා ඔහුගේ දැනුම දුර්වල විය.
"මං හිතන්නෙ ඔබ ඕනෑවටත් වඩා කලබල වෙනවා. සන්සුන් මනසකට වචා ධ්‍යානවේදියෙකුට වෙනත් කිසිවක් වැදගත් නැහැ."
ඔවුන්ගේ පන්තියක් අවසන් කර නැවත සිය කුටි කරා ඇදෙමින් සිටි තියැන් චී, රුඕ යී ට උපදෙස් දෙමින් සිටියේ ය.
එය විවේක අවස්ථාවක් හෙයින් බොහෝ සිසුන් ඒ අවට නිදැල්ලේ සැරිසරමින් සිටියහ. ඔවුහු සිනාසෙමින් හා කතා කරමින් ගෙවුයනේ රැඳී සිටි අතර, ඊට ගුරුවරුන්ගේ බාධාවක් නොවීය.
"තියැන් චී!"
"හ්ම්ම්?"
" ඔබ කවදා හෝ අමරණීයයෙකු දැක තිබෙනවාද?"
සුළං කපොල්ල අබියස හිඳ ඉදිරියෙන් පෙනෙන වම් ශිඛරයට නෙත් යොමමින් රුඕ යී විමසුවේය.තියැන් චී මඳක් කල්පනා කර බැලූ අතර අනතුරුව හිස දෙපසට සෙළවූයේය.
"නැහැ. ඇයි ඔබ එහෙම අහන්නේ?"
"මම හිතාගෙන හිටියේ වම් ශිඛරයේ අමරණීයයන් වාසය කරනවා කියලා."
" ඉඳහිට අමරණීයයන් එහි එනවා කියා අහන්නට ලැබිලා තියෙනවා. ඒත් තවමත්, කිසිම සිසුවෙක් අමරණීයයෙක්ව දැකලා නැහැ."
" චංමන් අමරණීයයත්වයට පත් වේවි කියලා ඔබ හිතනවද?"
"ඔව්, චංමන් දැනටමත් ඉහල ධ්‍යානවේදයේ පියවර සම්පූර්ණ කරලා අවසන්. වසර කීපයකට පෙර ඔහු හදිසියේම අතුරුදහන් වුණේ අමරණීයත්වය ලබන්- ඔහ්!"
ඔහුගේ කතාවට බාධා කරමින් තියැන් චී ගේ වම් අතෙහි වූ පළඳනාව දිදුලන්නට ගත්තේ ය. එය පැළඳීමට අවසර තිබුණේ 'තාරකා හය' ලෙස හැඳින්වූ සිසුන් හය දෙනෙකුට පමණි. තියැන් චී මේ අතරින් සයවැනි තාරකාව විය. 'තාරකා හය' යනු පාසලේ වඩාත් දක්ෂම හා කීර්තිමත්ම සිසු සිසුවියන්ගේ එකතුවක් විය.
YOU ARE READING
සදාතන ආරෝහණය (Eternal Ascension : The chronicles of Ruo Yi )
Fantasyරුඕ යී, දසවන වියේදී සිය ජීවිතය කණපිට පෙරළන ලද අත්දැකීමකට මුහුණ දෙයි. ඔහුගේ අරමුණ වූයේ ලින්ග්‍යුන් විද්‍යාලයට ඇතුළු වී ධ්‍යානවේදය ප්‍රගුණ කිරීමයි. ඔහුගේ ජීවිතය, ඔහුවත් නොදන්නා අබිරහස් රැසකින් වටවී ඇත. නේකවිධ අත්දැකීම් ලබමින් යන ජීවන චාරිකාවේදී ඔහුට...