27 වන කොටසට ආව කමෙන්ට්ස්
"මේකටත් ආවේ wow...කියන හැඟීම,උත්තරා...අසනීප කීපයක්ම තියෙනවා නේ අක්කා,හරියටම ඒව කියලා නැතත් තවම හිතාගන්න පුළුවන් තැන් තියේ....ඔයා පටන් ගද්දි සුවඳයි කාමරේට ආව එළිතීරු එක්ක ඔයා ඒ දෙන්නාගේ ජිවිතේට ලැබෙන්න යන දේවල් කීව විදිය හරි ලස්සනයි ..බැඳීම් හැදෙන්නේ අපිට ඕන විදියට ම නෙමේ,සැලසුම් කරන විදියට ම දේවල් වෙනවා නම් අපි උනත් කොයිතරම් වෙනස් වේවිද,අග්‍ර උත්තරා කියන්නේ නොහිතුව විදියට ලැබුණු ජිවිතය ගලපමින් යන දෙන්නෙක්,එකට ජිවිතය ගත කරද්දී ඒක අපායක් නොකර ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් අය හම්බෙනවා කියන්නේ ආශිර්වාදය ක්,උත්තරාගේ තත්ත්වය තේරුම් අරන් ඒ ඉන්න එකට,එයාට දෙන හයියට,සනසන විදියට,එයාගේ අවශ්‍යතා වෙනුවෙන් අඩියක් පස්සට අරන් ඉන්න අග්‍ර ..අග්‍රයි...❤මෙහෙම වෙලාවක ලැබෙන ඒ තේරුම් ගැනීමම ඉවසීමම සැනසුම් ගේනවා,අග්‍ර ගේ ඒ සියුම් තැන් ඔයා හරි ලස්සනට මවනවා...ඒක wow කියලා හිතුන එපියක්...🥰🥰❤❤❤❤❤❤❤❤"
(,Piyumi nangi)මම ඇස්බැන්දුම ලියද්දි ගොඩක් දේවල් වචන අස්සෙ හංගනවා. ඒවා හරියටම ඔයාලා කියවද්දි මට මාරම සතුටුයි . හිමින් ලියන්න ලොකුම හේතුවත් ඒක. එක චැප්ටර් එකක් ගැන දවස් දෙකක් හෝ තුනක් කල්පනා කරනවා. එක එක විදියට සිද්ධි මවනවා. අන්තිමට තමා හොඳම සිද්ධි පොතට එකතු කරන්නෙ. ඒ මහන්සියට ඔයාලගෙ රියැක්ෂන් , කමෙන්ට් , වීව්ස් වෝට් ලැබෙද්දි මාර සතුටුයි මට.
"කවියයි, එළිසමයයි කියනකොට මතක් වුනේ ඔයාගෙ අර මල හෝන්තු ජෝඩුව (Meesha & Dhan)
මට වැරදුනොත් හොඳයි." (@IDCA_W )මීෂා ධාන් දෙන්නව ඔයාලට ඒ තරම් ඇලජික් මන්ද කියා මට හිතාගන්න බෑ... 😎