දොළොස්වන මල

79 4 0
                                    

ගොඩක් කාලෙකින් මලක් ලියන්න වුණේ නෑ. ලියන්න ඕනෙකම තිබුණට මට වෙලාව නෑ. චූටි බැක්ග්‍රවුන්ඩ් ඉන්ෆො ටිකක් කියන්න ඕනෙ වුණ නිසා ලියන්න හිතුවා.

මීෂා කොහොමද ප්‍රෙග්නන්ට් වුණේ?
විවිධ උපත් පාලන ක්‍රම තියෙන බව ඔයාලා දන්නවා ඇතිනේ. ඕවායින් උපත් පාලනයට වගේම ලිංගාශ්‍රිත රෝග බෝ වීම වළක්වන්නත් උදව් වෙන්නෙ අර කියන ලේටෙක්ස් තීරුව. එතකොට මම කලින් ලිව්වා මීෂා, ධාන් වගේම එයාලගෙ පාරිභෝගිකයන් ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් අධි අවදානම් කාණ්ඩයට වැටෙන අය කියලා.

රෝග බෝ වීම වළක්වන්න ලේටෙක්ස් තීරු පාවිච්චි කළත් එයාලගෙ ව්‍යාපාරවල ස්වභාවය අනුව ඇතැම් වෙලාවට ඕක මගහැරෙන්න පුලුවන් . එතකොට ගැබ් ගැනීමේ අවධානම වළක්වන්න තමයි IUCD එහෙමත් නැත්තම් Intra uterine Contraceptive device එකක් දාලා තියෙන්නෙ. ඕකට අපි කතාබහේදි කියන්නෙ ලූප් එක කියලා.

එතකොට ඒක දාලත් කොහොමද ප්‍රෙග්නන්ට් වෙන්නෙ?
99% ක්ම ලූප් එක ගැබ් ගැනීම් වළක්වනවා. ඉතුරු 2%ට මිෂා අහුවුණා.

ඒත් ඒක සාමාන්‍ය ගැබ් ගැනීමක් නෙවෙයි. පැලෝපීය නාලය තුළ තමයි කළලය පිහිටලා තියෙන්නේ. ඒ වගේ එකක් පිපිරුණම අධික රුධිර වහනය නිසා මිය යන්න පුලුවන් . ( මගෙ පරණ කතා කියවපු අයට මේ වගේ සිද්ධි මතක ඇති.)

මොනා ද රෝග ලක්ෂණ
💎 නියමිත දිනට ශුද්ධ වීම සිදු නොවීම
💎 වමනය, ඔක්කාරය
💎 උදරයේ වේදනාව
💎 ඇතැම්විට නිදාගන්නා ඉරියව්වේ දි උරහිස වේදනාවක් එන්න පුලුවන් , හැමෝටම මේක එන්නෙ නෑ. අපි මේකට කියන්නෙ referred pain කියලා.

මීෂා මේ ලක්ෂණ ගැන අවධානයක් යොමු කරලා නෑ, එයාට අවසාන අවස්තාවේ රුධිර වහනය පටන් ගත්තම තමා අපහසුව දැනෙන්නෙ.

හරි, ඊළඟට අර උත්තරා බැලුව රෝස පාට ඇප් එක. ඕනෙම කාන්තාවක් ස්මාට් ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් තමන්ගෙ හෝමෝන චක්‍ර ට්‍රැක් කරන එක ගොඩක් වැදගත්. මේකට ගොඩක් ඇප් තියෙනවා . ඒවායින් අවශ්‍යතාව අනුව ගැබ් ගැනීම වළක්වන්න , ආරක්ෂා වෙන්න ඕනෙ දවස් වගේම අනෙක් අතට, ගැබ් ගැනීමක් අපේක්ෂා කරනවා නම් සරු දවස් හෝමෝන චක්‍රය අනුව දැනුම් දෙනවා.

ඊළඟට ද ඩාක් ටෝක් එකේ වෙන්නෙ මොනාද කියන එක. ඒකත් ගොඩක් විස්තර ලියන්න හැකි දෙයක්. ඒත් වැරදි දේට කියවන්නන් යොමු කිරීම නුසුදුසු නිසා ඒ ගැන ලියන්නෙ නෑ.

ඊයෙ දාපු කොටසට PM අක්කා එක්ක කළ චැට් එකෙන් උපුටා ගත් වචන

PM අක්කා
ඒත් එතන අවුරුදු 9ක් තිස්සෙ බැදීමක් තිබුනෙ නෑ කියන්නත් බෑ ඒක කියන්න කල් ගත්තට. ඒක කියන්න තීරණය කලේ ලියාගෙ මීෂා වර්ශන් එක දරන්න බෑ කියල හිතුනට පස්සෙ ඉතින්.

මම
මට හිතෙන්නෙ බහුතරයක් මිනිස්සු මෙහෙම හිතේ ඉන්න පර්ෆෙක්ට් කියලා හිතාගෙන ඉන්න කෙනෙක්ට හරි, අහිමි වුන කෙනෙක්ට හරි හිතේ සොෆ්ට් ස්පොට් එකක් තියාගෙන ජීවත් වෙනවා කියලා. එයාලට ඒ අහිමි වුණ දේට චුට්ටක් හරි ළං වෙන්න ලැබුණොත් ආදරේ සම්පූර්ණයෙන් නැතත් එයාලා ඒකට ඇදෙනවා.

 එයාලට ඒ අහිමි වුණ දේට චුට්ටක් හරි ළං වෙන්න ලැබුණොත් ආදරේ සම්පූර්ණයෙන් නැතත් එයාලා ඒකට ඇදෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇලෙක්සැන්ඩ්‍රයිට් වර්ණ වෙනස

ආභරණ හදනකොට පාවිච්චි කරන ටෝච් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආභරණ හදනකොට පාවිච්චි කරන ටෝච් එකක්

You've reached the end of published parts.

⏰ Last updated: Sep 03 ⏰

Add this story to your Library to get notified about new parts!

මාණික්‍ය මල්Where stories live. Discover now