#විසිනවවෙනි_කොටස 💜️
අපි හවස ගෙදර එද්දි හුළං සැර හරියට..එකපාරටම කොහෙදො නැති වැස්සකුත් වැස්සා ගෙට ආපු ගමන්ම..
"පොඩී මේ කවුරුත් දෙන දෙයක් කනවා හෙම නෙවෙයි ඕං ඉස්කෝලෙ ගිහින් හරි.."
"හරි හරි..මං කන්නෙ නෑ.."
"කන දෙයක් නෙවෙයි වෙන කෙනෙක් දෙන කිසිම දෙයක් ගන්නෙපා..අඩුම කොළයක් කියා පෑනක්වත් ලියන්න..මතකනෙ ලොකු හාමුදුරුවෝ කියපු ඒවා..ගෙදර එකෙක් ඇරෙන්න කිසි එකෙක් විශ්වාස කරන්න එහෙම එපා කියලා.."
අම්මා ගෙදරට ආව ගමන්ම බණෙ පටන් ගත්තා...
"හරි හරි අප්පා..මං යනවා ටිකක් නිදාගන්න...හෙට මීඩියා තියෙන්නෙ.."
"හරි ඔයා ගිහින් නිදාගන්න..මං කන්න හදලා කතා කරන්නම්.."
චූටි නිදාගන්න කියලා කාමරයට ගියා පස්සේ අම්මයි මමයි විතරක් සාලේ ඉතුරු වුණා..ටිකක් වෙලා ඉන්න ඇරලා අම්මා කතාව පටන් ගත්තෙ තේ එකකුත් අතට ගෙනත් දීලා පුටුවෙන් ඉඳගන්න ගමන්මයි..
"හැබෑට ලොකු හාම්දුරුවො කියාපු කතාව විස්වාස කරන්ඩ පුළුවන් ද බන්.." ?
"විශ්වාස කරන්න පුළුවන් ද බැරිද කියනෙක අද හෙට බලාගන්න පුළුවන්නෙ..නැතා ලොකු හාමුදුරුවෝ එහෙම දෙයක් කියන්නේ අහවල් දේකට නෙමෙයිනෙ..මොකක් හරි අපි නොදකින දෙයක් දැකපු නිසානේ.."
"අනෙ මං දා බන්.." !!
"තවත් කිසි දෙයක් විශ්වාස නෑනේ..අච්චර එදත් මම කිව්වා මොකක් හරි දෙයක් කරලා තියෙනවා කියලා..මටත් කිව්වේ පාරෙ පේන බල බල හිටියෙක්නේ..කොහෙද අම්මා මං කිව්වෙව්වා කනකට ගත්තද..ලොකු කරන් හිටියනෙ ඔළුවේ තියාගෙන හතර වටේ ඉන්න ඔක්කොම ටික..දැන් හරිද දන්නෑ අමාරුව.."
"ඉතින් බන් ඔහොම කිව්වයි කියලා අනේ මං දා බන් ඇයි මෙච්චර කරදර..අපේ එකෙක් ඉගෙන ගනිද්දි අපේ එකෙක් උඩට යද්දි මේකෙම මේ වැල්ලෙ උන්ටම ඇයි අතක් පයක් තියාන ඉන්න බැරි..මොකක් හරි දෙයක් කරලමයි පස්ස බලන්නේ..එක්කො මොකාක්ම හරි කුණුහරපයක් කියලා පදයක් හදනවා..මිනිස්සු දන්නෙම බං අනුන්ගේ ඇද හොයන්නනේ..අපේ එකෙක් දියුණු වෙනවට කැමති නැත්තෙ අපේ මිනිස්සුමයි..මටත් ඔය ආරංචි තාත්තව අවුස්සලා තියෙන්නෙත් අර මිනිහා කියලා.."
YOU ARE READING
🌊වැහිකෝඩ🔞| Non - Fiction
कथेतर साहित्यකොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිං...