#හතලිස්_දෙවන_කොටස 💜️
මං චූටිට ජනිත්ව ඇරලවන්න කියලා ඇඳට ගියේ මට තනිවෙන්න ඔයා උනු නිසා..මට තනියම අඬන්න ඕනි..මං පිරිමියෙක් උනා කියලා මට බැ මේවා දරාගන්න..ඌ මගේකා..මට ඌ මගෙ ළඟ ඉන්නවා ඉන්නවා වගෙ දැනෙන්නෙ උගෙ සුවඳත් එක්කම..මං හූල්ල හූල්ල ඇඬුවෙ උගේ මතක හැමදේම හිතේ එකින් එක එකින් එක දිගෑරෙන්න ගත්තු නිසා..
"අම්මට එක මිනිහෙක් නෙමෙයි බං ඉන්නේ..රටේ ලෝකේ හැම තැනම මිනිස්සු..මට අප්පිරියයි බන් සිරාවටම..මට පාරක බැහැලා යන්න බෑ..මිනිස්සු දැක්කම අහක බලන් යන්නේ..ඒ තරම් මට ගෙදර කියා පාරක්වත් යන්න බැරි තැනට මාව දාලා තියෙන්නේ.."
"උඹට දැන් කොහොමද මාව දැනෙන්නේ..මට අනුකම්පා හිතෙනවද..පව්කාත් කවුරුත් නැති අනාථයෙක් කියලා හිතෙනවාද.." ?
"අඩෝ නෑ බං එහෙම එකක් නෙවෙයි මට හිතාගන්න බෑ උඹ කොහොමද මෙච්චර කල් මෙහෙම ජීවත් වුණේ කියලා.."
"පණපිටින් හිටියට මං හිත අස්සෙන් මැරිලා ගොඩක් කල්..අර කෙල්ල නිසා හරි තමා බං මෙච්චර කල් ඉවසව්වේ.."
ඌ අනන්තවත් දුක් විඳපු අහිංසක කොල්ලෙක්...ජීවිතේ කන්න තියෙන කටු ඔක්කොම කාලා විඳවන කොල්ලෙක්..මං පිස්සෙක් වගේ කල්පනා කරද්දි මට එකපාරටම මතක් වුණෙ අර බැල්ලි ගැන..ඒකි අනිවාර්යයෙන්ම සම්බන්දෙ අතාරින්න ඇති..කාලකණ්නි බැල්ලි අවුරුදු නවයක් තිස්සෙ ජීවිතේ ම කැපකරලා කන්න බොන්න නැතුව අනන්තවත් දුක් විඳ විඳ පුළුවන් තරම් කට්ට කාලා කාලා පර බැල්ලිව කැම්පසුත් යවලා හොඳක් නම් වෙන්නෙපා ඒකිට නම්..කාලකණ්නි අව/ජාතක බැල්ලියෙක් හින්දයි අද නිස්කාරණෙ ජීවිතයක් පොළොවට වුණේ..ඒ වගේ කාලකණ්නි ජීවිත වලට යහතින් ඉන්න ලැබෙන්න හොඳ නෑ..සාප කරන එක තමන්ටම එනවා වුණත් ඒක කමක් නෑ මගේ ජීවිතේ මට වටිනම එකෙක් නැති කරපු එකට උඹට සාප වෙන්න ඕනි..මං පිට පිට දෙස් තිබ්බෙ අරකිට හෙන ඉල්ල ඉල්ල..හැමදේම ස්වාභාදහම හරි අපූරුවට විසඳනවා..ඒ වෙනකන් මං බලන් ඉන්නම් රත්තරනෙ උඹ වෙනුවෙන්...
හවස් වෙද්දි මට උණ ගැනුණා..හිතේ දුක ඔහොම ඇඟටම අල්ලගත්තම ඒක ඇඟෙන් පිට කරනවා..මං දවසම රෑ ද දවල් ද එළිවෙනකන් ද අඬ අඬ දුක් වෙවී හිටියෙ උදේ වෙද්දි මට නැගිටගන්න බැරුව ගියා..
YOU ARE READING
🌊වැහිකෝඩ🔞| Non - Fiction
Non-Fictionකොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිං...