"ඔව්,අද තමයි දවස"ශෙහාන් එක්වරම කෑගැසුවේ ඉතාමත් සතුටින්.🤩
"මොකද්ද?මොකද්ද අද දවස"කෙවින් ඇහුවා.
"අද...අද...අම්මෝ...ඇගහිරිවැටෙනවා ඕයි.අද තමයි........සිකුරාදා."ශෙහාන් එහෙම කිව්වේ කෙවින් ගේ පිටට තඩිබාන ගමන් ය.
"උබට නම් මොලේ අව්ලක්.😑මං දන්නෑ..."කෙවින් එහෙම කිව්වේ ගනන් ගන්නැතුව.
"මේ ඉක්මනට ගිහින් ලෑස්ති වෙයන්.රෙද්දක් කරනවා මෙතන ඉදගෙන.ලෑස්ති වෙනවා බබෙක් වෙන්නැතුව අද අශානයගේ ශොප් එක Open කරනවනේ.අපි එතන ඉන්නොනේ මේ වෙද්දිවත්.උබ මෙතන පිස්සු කෙලිනවා."කෙවින් එහෙම කිව්වේ බිත්තියේ කොක්කේ එල්ලලා තිබ්බ T-shirt එක අදින ගමන් ය.

මේ ඉන්නේ කෙවින්.😶
එතකොටම ශානි...එහෙමත් නැත්තම් ශෙහාන්ගේ අම්මා ආවා ශෙහාන්ගෙයි කෙවින්ගෙයි උදේ කෑම එක අරගෙන කාමරේට.
"අහ්.ආන්ටි good morning!.ආන්ටි එන්නේ නැද්ද?අද අපේ මේ..අශාන්ගේ coffee shop එක open කරනවනේ."
"අනේ පුතා.අද නම් මට ලොකූ වැඩ වගයක් වැටිලා තියෙනවා.මේ දැනුත් පරක්කුයි.පුතාලා යන්නකෝ කමක් නෑ.අශාන් පුතාට කියන්න මම එයව මතක් කලා කියල" අම්මා කෙවින් එක්ක හිනාවුනා.
"මම යනවා දැන් ලෑස්ති වෙන්න.පුතාලා ඕක කන්න"අම්මා එහෙම කියලා එතනින් ගියා.
කෙවිනුත් අම්මා එක්ක හිනාවෙලා කෑම එක කන්න ගත්තා.එකපාරටම ශෙහාන් එයා ඇදන් ඉන්න towel එක පිටින් ඇවිල්ලා මේසේ උඩ තිබ්බ body wash එක අරගෙන bathroom එකට දිව්වා.

මේ ඉන්නේ ශෙහාන් 🤭
"උබ හැඩ ගැහි ගැහි ඉදපං.යන්න උවමනාවක් එහෙම නැද්ද ඇත්තටම..."කෙවින්ට ඇත්තටම මලපැනලා.
ඒ අස්සේ ඌ bathroom එකේ ඉදන් නාන ගමන් සිංදු කියනවා.ටිකවෙලාවකට පස්සේ ශෙහාන් ලෑස්ති වෙලා ආවා.
ඉක්මනට දෙන්නම උදේ කෑම එක කාලා ඉක්මනින්ම Taxi එකක් අල්ලගන්න කියලා ඒ දෙන්නා ගෙදරින් එලියට ගියා.
YOU ARE READING
❤🌺රෝස පෙති ❤🌺
Romance*අපි හැමෝටම ඉන්නව* 🥺නැතුව බැරි කෙනෙක් 🥺දුර ඉදන් බලන් ඉන්න කෙනෙක් 🥺නිතරම මතක් වෙන කෙනෙක් 🥺හිනාවක් ගේන කෙනෙක් _ආදරයක්ද , මොකක්ද කියන්න නම් *හරියටම දන්නෙ නෑ.* හැබැයි එයා මගෙ හිත හොරකම් කරපු කෙනෙක්_🥺💔