එදා කොහොම හරි campus ගියා.ගිහිල්ලා මම මගේ වැඩක් කරගෙන හිටියත් මට මතක් උනේම මම ඊයේ රෑ දැකපු හීනේ ගැන.අනේ ඇත්තටම ඒ හීනය ඇත්තක් උනා නම් කියලා හිතුනු වාර අනන්තයි....අනේ ඇත්තමයි...එයා මගේ ම උනා නම්,එයා මට කැමති උනා නම්,අනේ මන්දා මේවැඩ අස්සේ මටත් හිතෙන දේවල්...🥴💔
මම ඉතින් පොඩ්ඩක් ලොකු කමින් තමයි ඉන්නේ campus එකේ මොකද....😌මාව ඉතින් principle සර් අදුරනවා , හිනාවෙනවා , කතාකරනවා නේ...ඔහොම ටික කාලයක් ගත උනා.හැමදාම ඉතින් ආකාශා ගේ ගෙදර උදේ යනවා...එනවා....🙂ඔහොම උනා...හැබැයි එක දවසක් campus එකේදී....මම volleyball team එකේ ඉද්දී මම පොඩ්ඩක් සැරට ඉන්නවා මොකද....නිකන් හිටපු පලියට කට්ටියව මෙල්ල කරන්න අමාරු වෙන නිසා....කට්ටිය ප්‍රැක්ටිස් කරවන අස්සේ...එතන හිටපු දෙන්නෙක් මොනාද කුටු කුටු ගගා හිටියා.
"මොනාද තමුසෙලා දෙන්නා ඔය තරම් කියවන්නේ අහ්.practise කරන්න උවමනාවක් එහෙම නැද්ද..."
"අහ්ම්...නෑ...මේ...සොරි...අයියේ..ආයේ කතා කරන්නෑ..."
"මොනාද ඉතින් කියවන්නේ ඔච්චරම මම බලාගෙන.උබලා හිතන් ඉන්නේ මට ඕවා පෙන්නෑ කියලද..කියනවා...මොනාද කතා කලේ...."
"අබ්...නෑ අයියේ මේ....මේ..principle ගේ...."
"මොනාද....😤"මම ඒක ඇහුවේ ඒ කතාවෙ මැද්දට පනින ගමන්.
"නෑ.ශෙහාන් අයියේ මේ අපි දෙන්නා කතා උනේ මේ principle ගේ දුව ගැන."
"මො...මො..මො..මොකක්..ආකාශා ගැන...😑💔"
"ඔව්.අපි දෙන්නා කතා උනේ මේ එයා next week එකේ marry කරනවලු නේ ඒක ගැන🙂"
"මොකක්.marry කරනවා...😳මේ ආකාශා..."
මොකක් ආකාශා marry කරනවා.වෙන්න බෑ.මෙච්චර කල් මම එයාගේ ගෙදර යනවා එනවා මම ඒ බවක් දන්නේ නෑනේ...මට ශේෂා වත් කිව්වේ නෑනේ.මෙකි මට කිව්වෙව්ත් නැද්ද...ආකාශා බදිනවා කියලා.එහෙම වෙන්නේ කොහොමද....ආකාශා....ඔයා කොහොමද මට එහෙම කරන්නේ...
"අයියේ...අයියේ..."
"ආ...."මම එවෙලේ ගැස්සුනා. එවේලේ උන් මට කතා කරපු නිසා මම උන් දිහා බැලුවා.උන් මං දිහා බලාන හිටියා හරියට නිකන් බය වෙලා වගේ...
"හ්..හ..හර්රී...ඔයාලට යන්න පුලුවන්"එහෙම කියලා එයාලට කලින් මමයි එතනින් ගියේ...මම එහෙම්මම ගියේ washroom එකට...ඒත් මම ගියේ මගේ අත්‍යාවශ්‍ය දෙයක් සපුරගන්න නම් නෙමෙයි🙂.අරුන් දෙන්නා කියපු එක තව වෙලාවක් හරි අහගෙන හිටියොත් මට එතන කදුලු පනින නිසා.washroom එකට ආවාමත් මට ඇහුනා තවකෙනෙක් ආකාශා ගැන කතාවෙනවා.
"මේ බං උබ දන්නවද....principle ගේ දුව ආකාශා....ඒකි බදිනවලු බං.මොනා උනත් පට්ට ලස්සන කෑල්ල...ශිහ්...ඒකි මාරම ලස්සනයි...ඇත්තමයි එකීව දැක්ක දවසෙන් ම මට හිතුනා.ඒකි මගේ උනා නම් කියලා....ඒත් බලහං එයා බදින්නේ කවුද ලොකු business කාරයෙක්ලු....."
මට ඒක තවත් අහගෙන ඉන්න බැරි උනා...මම වේගෙන් ගියා ඒ කතා කරපු මිනිහා ගාවට...
"මොනාද තමුසේ කියන්නේ...😤💔අහ්..අයේ කියනවා බලන්න.."එහෙම කියලා මම මගේ උපරිම බලේ යොදලා උට හොදවයෙන් කනේ පාරක් ගැහුවා.ඌ එතනම බිම.මම කවදාවත් කෙල්ලෙක් වෙනුවෙන් මෙහෙම ගහගෙන නෑ.මට ඌ ආකාශා ගැන කියපු කතාව ඇල්ලුවේම නෑ.මම තවත් උට ගහන්න ගත්තා...මාව එතනින් අරන් ගියේ මගේ එකා කෙවින්...ඌ නොහිටින්න මම අරූට ගහන්නේ hospital ගිහින් නවතින්න...මම උට ගහපු නිසා මගේ අත තුවාල වෙලා තිබුනේ....මට කේන්ති ගියේ මගේ ආකාශා ට තවත් කොල්ලෙක් කැමතියි කිව්වහම...😒💔
එදා එහෙම්මම මම කෙවින් එක්කයි ශේෂා එක්කයි ගෙදරත් ගියා...
"මොනාද ඕයි තමුසෙට වෙලා තියෙන්නේ...😒.තමුසෙට පිස්සු හැදීගෙනවත් එනවද..අහ්.."ශේෂා එකදිගටම බනින්න ගත්තා.
"ඔව්...මට පිස්සු...මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි.තමුසෙට මාව තෙරුම් ගන්න බෑ.කොහෙද...තමුසෙගේ වැඩේම මට බනින එකයි...ඔව් මට පිස්සු...උබලා මගේ ලගකටවත් එන්න එපා.පිස්සු කියන්නේ බෝ වෙන එකක් නෙමෙ.හැබැයි උබලා මං ගාව හිටියොත් මම දන්නවා උබලටත් පිස්සු හැදිලයි නවතින්නේ...ඒ හින්දා යනවා.මට පුලුවන් මේ ප්‍රශ්නේ තනියම විසදගන්න..."මට මාව control නැති උනා.මම එහෙම එකදිගටම කියවගෙන ගියපු නිසා ශේෂා යි කෙවිනුයි ඇවිල්ලා මාව බදාගත්තා.
"අනේ හරි අයියේ මොකද මේ.සොරි ඉතින් මට මලපැනලා හිටියේ අර කොල්ලට ඔයා ගහගෙන ගහගෙන ගියානේ.මම දන්නේ නෑනේ හේතුවක්...අනේ අයියේ අනික මම තමුසෙට හැමදාම බනින්නේ මම ඔයාට ගොඩක් ආදරේ නිසානේ..."ශේෂා එහෙම කියවගෙන යනකොට මම ඒ දෙන්නවම තල්ලු කරලා bathroom එකට රිංගුවා.
YOU ARE READING
❤🌺රෝස පෙති ❤🌺
Любовные романы*අපි හැමෝටම ඉන්නව* 🥺නැතුව බැරි කෙනෙක් 🥺දුර ඉදන් බලන් ඉන්න කෙනෙක් 🥺නිතරම මතක් වෙන කෙනෙක් 🥺හිනාවක් ගේන කෙනෙක් _ආදරයක්ද , මොකක්ද කියන්න නම් *හරියටම දන්නෙ නෑ.* හැබැයි එයා මගෙ හිත හොරකම් කරපු කෙනෙක්_🥺💔