8.phone call එක ☎

31 3 0
                                    

Bathroom එකට ගිහිල්ලා මම දොර lock කරගෙන mirror එකෙන් මම මගේ මූණ දිහා බැලුවා.මම මගේ මුණ දිහා බලාගෙන ඉද්දිම මගේ ඇස් වලින් කදුලු වැටෙනවා...මම මෙහෙන් දොර lock කරගෙන ඇතුලට වෙලා ඉද්දි ශේෂා කෑගහනවා එලියට එන්න..එලියට එන්න ගගා...😒මම ඇහෙන්නෑ වගේ හිටියත් ඒකිගේ කන් කරච්චලේ ඉවසගන්න බැරි නිසා මම bathroom එකෙන් එලියට ආවා...එතකොටම කෙවින් මං ගාවට ඇවිල්ලා...

"මේ බං ශෙහාන්...අහපංකෝ..දැන් වෙච්ච දේ වෙලා ඉවරයි නේ.දැන් ඉතින් campus යන්න ත් ඕනි නේ..දැන් නිදාගනිම්...අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා...."

එහෙම කෙවින් මං ගාවට ඇවිල්ලා කියලා මාව ඇදගෙන ගියා කාමරෙට නිදාගන්න.ශේෂා ටත් කාමරෙට ගිහින් නිදාගන්නෙයි කියලා කෙවින් කිව්වා.

පහුවදා උදේ ඉතින් campus යන්න ලෑස්ති වෙලා උදේටත් ඉතින් ඉක්මනට කාලා ආකාශා ගේ ගෙදරට ගියා.මම අර ඊයේ වලියක් දාගත්තු නිසා මගේ අත හොදටම තුවාල වෙලා යි තිබුනේ...ඒක නිසා මගේ අතේ plaster ගහල තිබුනා.ඉතින් අපි ඉක්මනට taxi එකක් දාලා ආකාශා ගේ ගෙදර ගියා.

අපි ඉතින් ඔක්කොමලා principle සර් ගේ කැබ් එකෙන් campus එකට ආවා.principle සර් office room එකට ගියා.ඊටපස්සේ මායි , කෙවිනුයි , ශේෂා යි , ආකාශා යි campus එකේ ඇතුලටම ගියා.මම උපරිමෙන්ම try කලා...ආකාශා ට මගේ අත නොපෙන්න ඉන්න...ඒත් වැඩක් උනේ නෑ.එයා මගේ අත දැක්කා.🙂දැක්ක ගමන් එයා බය වෙලා මං දිහා බලලා මගේ අත උදුරලා ගත්තා..

"අයියේ...😳මොකද මේ අතට වෙලා තියෙන්නේ...මොකද්ද වුනේ.ප්‍රශ්නයක් වුනාද..."

"අබ්..නෑ..ආකාශ...මේ...මගේ අත පිච්චුනා..."

"මෝකටද..."කියලා එයා මං දිහා බලලා ශේෂා දිහා බැලුවා...

මම කතාව වෙනස් කරන්න ඕන නිසා කෙවින් එක්ක කතාවකට පැටලුනා...

"බං කෙවින්..අද නේ අශාන්ගේ birthday එක.."

ඒත් කෙවින්ට ඒකට උත්තරයක් දෙන්න වුනේ නෑ මොකද ආකාශා මැද්දට පැනලා ආයෙමත් ඒකම ඇහුවා.😒

"මට මුලින් මේකට උත්තරයක් දෙන්න.ශෙහාන් අයියේ.....කොහොමද.ඔයාගේ. අත .තුවාල වුනේ..කියන්න මට"එයා ඒක කිව්වේ මගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න ගමන්.මමත් එයාගෙ ඇස් දෙක දිහා බැලුවා.මම දන්නෑ මම දැක්ක විදියට එයාගේ ඇස් වල ලොකු වේදනාවක් එක්ක දුකක් තිබ්බා..🥺මම දන්නෑ ඒ ඇයි කියලා...කොහොමහරි එයාගේ ඇස් වල තිබ්බ ඒ වේදනාව මම හොදටම දැක්කා...මට ඒක දැනුනා.සමහර විට මම එයාට ගොඩක් ආදරය කරනවා නිසා වෙන්න ඇති.ඒත් මම එතන වැඩි  වෙලා ඉන්නේ නැතුව එයා මගේ අතින් අල්ලන් හිටපු අත මම ගස්සල ගත්තා..

❤🌺රෝස පෙති ❤🌺Where stories live. Discover now