පළමු වරා මල 𓇢𓆸

222 19 75
                                    

- Oiii

- Enaku eppo ok Solva?

- Haan..(smile)

- But naa konjam fraud......Poi solven.....Nadippen....

- Mm paravailla.....Enna kalyanam panniko.....Adjust pannikren...

- Hum....naa kalyanam pannikapora...Ponnu munnadi first time nikren....Ipdi...(smile with)

- Unna OK solla vaikrathuke....6masam aachu ithuku mela....Ennala wait panna mudiyathu....So tukkunu sollidu..

- Mm

- Nalaike kalyanam pannikalama..?

- Mm

- Mm

- Double OK...(smile)

කිව්වා යකෝ....ඒකි ඕකේ කිව්වා....අම්මෝහ්හ්හ්.....ඇති යන්තම්....ඉදගෙන හිටපු විදියටම මම මිටමොලවලා මේසෙට ගහගෙන ගියේ චිත්‍රපටියෙ අවසානය හිතුවටත් වඩා හිතට අල්ලපු සතුටට උනත් හැම සතුට කෙලවරම දුකක් තියෙනවා වගේ යන්තම් මට ඒ අස්සෙත් අපෙ අම්මගෙ කටහඬ ඇහුණා...

"පුතාආආආ....!!!"

හෙඩ් සෙට් එක ගහගෙන ටැමිල් ෆිල්ම් එකකට සම වැදිලා හිටපු මම ෆිල්ම් එකේ ඇතුළටම ගිහින් හිටපු නිසාම වෙන්නැති අන්තිම කොටසට සමවැදිලා හිටපු තරම කොච්චර ද කියනවා නම් අපේ අම්මා තුන් හතරවෙනි පාරටද මන්දා මට කතා කරනකොට තමයි මන් හරි සිහියට ආවේ...

"අද නම් බඩු හරි වගේ....මේ එනවා සුදු අම්මේඒඒඒඒ.....!"

ඔලුවට අකුණක් ගැහුවා වගේ හෙඩ් සෙට් එක ගලවලා කම්පියුටර් ටේබල් එක උඩින් තියපු මන් පටගාලා කාමරෙන් එළියට ඔලුව දාලා පඩිපෙළට එබුණා.

"පුතා...!! ක්ලාස් යන්නෙ නැද්ද අද....?"

අම්මා අත් දෙකත් බැදගෙන පඩිපෙළ පාමුලට වෙලා මම දිහා කන්න වගේ බලාගෙන හිටියා. මගේ ඔලුව වේගෙන් හැරුණේ සාලෙ මැද්දෙම එල්ලලා තිබුණ බිත්ති ඔරලෝසුව දිහාට. මිනිත්තු කට්ට 10 ලග වෙනකොට පැය කට්ට දෙකට කිට්ටු කරලා තිබුණා. නාලා කරලා පැය දෙකකට කලින් කම්පියුටර් එක ඉස්සරහ වාඩි උන මන් ෆිල්ම් එක බලලා ඉවර වෙද්දි 1.50 කියලා දැක්කම තමයි මම පත්තු උනේ...

"තව විනාඩි දහයක්ම තියෙන්නෙ අම්මෙ..."

විරිත්තලා කියද්දි අපේ අම්මා මගේ දිහාට දාපු මාරාන්තික බැල්මට මන් ඉතින් ගැස්සුනේ නෑ කිව්වොත් බොරු.... අපේ අම්මයි තාත්තයි මාත් එක්ක ඉන්නෙ යාලුවො වගේනම් තමයි....ඒත් ඉතින් මන් අපේ තාත්තටත් වඩා බය අපේ අම්මට....අපේ අම්මා උනත් දැනගන්න ඕන මම කොච්චර හොඳ ළමයෙක්ද කියලා...වෙන කොල්ලො වගේ නැතුව මම ඇබ්බැහි උනේ ෆිල්ම් වලට....

| වරා මල් | TK | ongoing Where stories live. Discover now