දෙවන වරා මල 𓇢𓆸

127 16 67
                                    

"ඔය අන්තිම පේළියට කලින් පේළියේ කොනේම ළමයා....මොකද වෙලා තියෙන්නෙ....?"

"අඩෝ අඩෝ සර් දැක්කා බං....ඕක නවත්තපන් බල්ලො..."

කැපා කෑගහද්දි මම හනිකට ඊළගට ගහන්න ගිය කොළ ගුලිය අත මිට මොලවගෙන දිගෑරලා තිබ්බ ටියුට් එකට මූණ ඔබාගත්තා. හම්මට යකෝ මං අද ඉවරයි... සර් කාරයා එනවද බලන්නවත් මම නෙමෙයි ඔලුව ඉස්සුවේ....කැපා තෝ පොලොස්කොට්ටෝරුවා, මාව කෑවා!!

එහා පේළියෙ ඉන්න ලස්සන කෙල්ලගෙ අවධානෙ ගන්න හිතාගෙන ගහන්න ගිය දෙවෙනි කොළ ගුලිය අපේ සර් කාරයට අතේ මාට්ටු....අරූ නම් මෙතන බබා වගේ ඉන්නවා....එක එකාගෙ අමාරුවට ණයට කහින්න ගියාට බොට හොඳ වැඩේ ආරෝ....දැන් ඉතින් පළවෙනි දවසෙම ඉස්සරහට අරගෙන පන්තියෙන් එළියට දැම්මොත් ඔක්කොම අකුලගෙන යන්න ලෑස්ති පිට ඉන්න එපැයි...ඒ වගේ ද මගෙ නම්බුව...අපේ අම්මා කිව්වට ඒක බම්බුව කියලා මට මගේ නම්බුව රටක් වටිනවනෙ....

ඇත්තටම කිව්වොත් ඔන්න මට නෙමෙයි මේ කෙල්ලොන්ට ලයින් දාන්න ඕන උනේ. අපේ අම්මගෙ සුදු පුතාට කෙල්ලො නම් එපා ඉතින්. අපේ අම්මවම මැනේජ් කරගන්න බැරි කොට වෙන කෙල්ලො එක්ක කොහෙ වසන්නද...අනික ඉතින් මම කෙල්ලෙක් සෙට් කරගත්ත දවසට අපෙ ගෙදරින් මට පිනට හම්බෙන බත් එකත් නැති වෙන බව දන්න හින්දම මම අතල් එකේ ෆිල්ම් එකක් බලාගෙන හිටියා. මේවා මේ කැපාගෙ වැඩ. ඌ ආපු පළවෙනි දවසෙම කෙල්ලෙක් දැලේ දාගන්න ට්‍රයි එක...

"උඹට මං කිව්වා. මේ සර් කාරයා වසයිලු බං. දෙන්නටම අද හොඳවයින් සම්බෝලයක් කන්න ඇහැකි."

මමම උගෙ කනට කරලා කියන ගමන් හෙමීට ඔලුව උස්සලා බැලුවේ සර් කාරයා පේන්න ඉන්නවද කියලා. මට බැලුනේ සර්ගෙ අතේ තිබුණෙ මයික් එක දිහා. අර කෙල්ලගෙන් සමාව ගනින් කියලා මයික් තඩිය මගෙ දිහාට දික් කරාම ලැජ්ජාව බාල්දියෙන් එකක් පුරවගෙන නම්බුව බල්ලට දාලා පන්තියක් බලන් ඉද්දි ඔක්කොටම ඇහෙන්න ඒකිට සොරි කියන හැටි මට මැවි මැවි පෙනුනාම මම හයියෙන් ඔලුවට එකක් ගහගත්තා....ඒකටනම් කදුලුත් ආවද මන්දා...

"මං උඹට කිව්වා පාඩුවෙ හිටපන් කියලා...!!"

පොතට මූණ ඔබාගෙන අරූ තොල් මතුරද්දි මම කරේ මේසෙටම ඔබාගෙන හිටපු ඔලුව හරවලා අරූට මෙතනම දියවෙලා යන්න රවපු එක.

| වරා මල් | TK | ongoing Where stories live. Discover now