"සුදු අයියේ....කෝ උඹ ඉන්නවයි.?"
කුස්සියේ ඉද්දි ගෙයි සාලෙ දිහායින් මට ඇහුණ කටහඬට මගෙ මූණත් එක්ක ඇද වෙලා ගියා. මට හිතුනේ එක දෙයයි මේ පොඩි පරයා මොකද මේ වෙලාවෙ..?
"හෑ චුට්ටො. උඹට නින්ද යන්නැද්ද බං මේ රෑ ජාමෙ රවුම් ගහන්නෙ..?" ඒ අස්සෙ අපේ තාත්තත් උට මොනවද කියනවා ඇහුණා.
"නිදාගන්න තමයි ආවේ..!!!"
හරිනෙ. කාලා වරෙංකො. මූ අදත් සුදු මාමා එක්ක අඩව්වක් අල්ලලා වගේ. මුටත් අම්මපා ගෙදරට වෙලා කාලා බීලා නිදාගන්න බැරි හැටියක්... පොල්ලෙන් ගහන්න වගේ නිදාගන්න තමයි ආවේ කියපු ඌ ඊළගට ඇහුවේ මම අකමැතිම ප්‍රශ්නෙ....
"කෝ නැන්දෙ සුදු අයියා..?"
මේ ටිකේම වගේ මේ ඇම්බැට්ටයා රෑට රෑට අපේ ගෙදරට පැන්නා. අපිව බලන්න නම් නෙමෙයි. සුදු අප්පු එක්ක හුරතල් වෙලා යන්න.. මහ දුරක් නෑ නේ වැට පැන්නම අපේ ගෙදර හින්දා උට හිතුන ගමන් ඌ මෙහේ ආවා ගියා....උට හිතුනම ඌ එනවා හිතුනම අයෙ යනවා. ඒ මදිවට අද නිදාගන්නත් එක්ක ඇවිල්ලා. ඌ උගෙ තාත්තා එක්ක බොරුවට අඩව් අල්ලලා නිදාගන්න මාව හොයන් එනවා. අදත් මගෙ නින්දට මාතර බෝ සමිදු පිහිටයි. මට හිතුණා පණ එපා කියලා පෑල දොරෙන් පැනලා දුවන්න...
"ආන් කුස්සියේ...අර ලේනට කිරි හදනවා. උඹ රෑට කෑවයි.?"
"ඔව්!"
පේනවනෙ කතාව. ගමකට ගහන්න වගේ වචනෙන් දෙකෙන් උත්තර දුන්නා..ලේසියි පහසුයි උනාට දරුණුයි.
අපේ ගෙදර කියන්නෙ උට නුපුරුදු තැනක් නෙමෙයි. මේකාගෙ තියෙන ඇට්ටර කමට සුදු මාමත් එක්ක අල්ලන ගුටි කෙලියකට පස්සෙ මල පන්නගෙන ගෙදරින් එළියට බැහැලා එනකොට හැමපාරම මුට අපේ ගෙදර දොර ඇරිලා තිබ්බා.
YOU ARE READING
| වරා මල් | TK | ongoing
Non-Fiction| අතරමං වන බව දැන දැනත් සුළගටම පෙම් බඳි වරා මල්....| කවුරුත් එන්න ඇති කවුරුත් යන්න ඇති මල්පෙති ඉහිරුණු "ඇළ පාරේ" දවසක හමුවෙමු - හමු වී හිනැහෙමු හිනැහී වැලපෙමු අපි ආයේ... • • • - මට පුලුවන් උඹ නැතුව අනිත් ඔක්කොම බෙදාගන්න..... උඹට පුලුවන් මම හැර අනිත...