"මගෙ සුදු අප්පූ...මම ගෙදර ආවා....අම්මේ...ගෙදර කවුරුත් නැද්~~!"
කට්ට කලුවරේ තිබ්බ මිදුල මැදින් ගෙට දුවගෙන ආව මම ගේ ඇතුළට අඩිය තිබ්බෙ මගෙ සුදු අප්පුව අහගෙන. එදා අපි තුන්දෙනා මූදෙ නාලා ගෙදර ආව දවසට පස්සෙ ගෙවුන හතරවෙනි දවස අද. අදත් එදා වගේම මම ගෙදර ආවේ ඇති වෙනකන් මූදෙ නෑවට පස්සෙ. වෙලාව හවස හතටත් කිට්ටු වෙලා තියෙද්දි මම අඩියට දෙකට ගෙදර දුවලා ආවේ මගෙ සුදු අප්පුව බලන්න තිබ්බ හදිස්සියට හින්දාම කලබලෙන් කෑ ගහගෙන ගේ දොරකඩට දුවලා ආවෙ මගේ සද්දෙට සාලෙට වෙලා දැහැමෙන් සෙමෙන් ටීවී බල බල හිටපු අපෙ අම්මටයි තාත්තටයි පපුවෙ අමාරුව හදවලා. මූදු වතුරෙන් තෙත බරියම් වෙලා මූදු හුළං වැදිලා තෙත බේරි බේරි ඉන්න මාව දැක්කම අපේ අම්මටනම් කොහොමත් පපුවෙ අමාරුව හැදෙන්න ඇති. මම දොරකඩම නතර උනේ උලුහස්සට අතකුත් තියාගෙන දෙකට නැවිලා හති අරින ගමන්.
"ආරෝ...ඔහොම නවතිනවා ගේ ඇතුළට තව අඩියක් තියන්නෙ නෑ....අදත් මූදෙ නාලාද එන්නෙ ඔය.?"
මාව දැක්කා විතරයි ගෙට අඩිය තියද්දිම ඇහුණ අපේ අම්මගෙ කටහඬට මම උඩ ගියා. මගෙ සුදු අප්පු හිටියෙ අපේ තාත්තගෙ අතේ. ඌවත් අතේ තියාගෙන සාලෙ නිව්ස් බල බල හිටපු තාත්තා නම් එක පාරක් අපේ දිහාට හැරිලා කිසි ගානක් නෑ වගේ ආයෙ නිව්ස් බලන්න ගත්තේ අපේ ගෙදර හැමදාම වගේ ඇහෙන මේ යුද්ධෙ බලන්න තරම් අමුතු විශේෂත්වයක් තිබ්බෙ නැති නිසා. මොකද හැමදාම අපේ අම්මා මාව හරි තාත්තා හරි අල්ලගෙන මොනවටහරි කෑ ගහනවා. මම නම් කියන්නෙ අපේ තාත්තා ඉක්මන් උනා වැඩියි. හොයලා බලලා හොඳ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න තිබ්බා... තාත්තා කියනවත් වගේ අපේ අම්මානම් ගිය ආත්මේ ඝාන්ටාර පූජ කරලද කොහෙද. අපේ අම්මගෙ කෑ ගැහිල්ලට මම දොරකඩම නතර උනාම අම්මා මගෙ දිහාවට කලබලෙන් දුවගෙන ආවා.
"බිංදු බිංදු තාරකා...කදුලු මල් විලේ....
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ..."ඒ අස්සෙ මගේ ඔලුවෙ සින්දුවක් ප්ලේ වෙනවා. වෙලාවෙ හැටියට ඒකත් ගැලපුනා. මට එහෙම්ම බිම බැලුනා. මොකද අම්මා කෑ ගහගෙන ආවෙ මොකටද කියලා අම්මගෙ බැල්මෙන්ම මට එවෙලෙ තේරුනාම මම ටක්ගාලා බිම බැලුවා. මම හිටගෙන හිටපු තැන දැන්නම් වතුර විලයි. මොකද තාම මගෙ ඇදුම් වලින් වතුර බේරෙනවා. හිනාවෙලා කෙසේ වෙතත් රවාගෙන අපේ අම්මා මගෙ දිහාට ආවේ. ගෙට තව අඩියක් තිබ්බනම් අපේ අම්මා මගෙ කොන්ද කඩලා තමයි පස්ස බලන්නෙ. එහෙනම් අදින් පස්සෙ මට ඔටු කුදය හැදිලා එහෙමත් නැත්නම් මට බෙන් ටෙන් එකේ ගූප් වෙන්න තිබ්බා. අර කෙහෙල් දල්ලෙ කොළ පාට හාදයා. දන්නවනෙ. මට අනුව නම් ඌ ජෙලි කෑල්ල.
YOU ARE READING
| වරා මල් | TK | ongoing
Non-Fiction| අතරමං වන බව දැන දැනත් සුළගටම පෙම් බඳි වරා මල්....| කවුරුත් එන්න ඇති කවුරුත් යන්න ඇති මල්පෙති ඉහිරුණු "ඇළ පාරේ" දවසක හමුවෙමු - හමු වී හිනැහෙමු හිනැහී වැලපෙමු අපි ආයේ... • • • - මට පුලුවන් උඹ නැතුව අනිත් ඔක්කොම බෙදාගන්න..... උඹට පුලුවන් මම හැර අනිත...