.............. 13 ............
කෝ ඉතින් මේ මකරාට කිව්වට අහන එකක් යැ...එයා දාලා දුන්නා මං ඉතින් බිව්වා...ලැජ්ජ වෙන්න බෑනේ...මෙව්ව ඇවිල්ල පිරිමිකම සම්බන්ධ ප්රශ්න...මගෙන් සල්ලි ගන්න එකක්..යැ..මාත් ඉතිං හොදට බියුවා මහත්තයා අතින්තිම වීදුරුව මට දික් කරද්දි මට ඒක නිකන් පහ වෙලා වගේ පෙනුනා...සැක්...ලැඡ්ඡාවේ..බෑ.. කෙලින් යන්න පුළුවන්ද කියලත් සැකයි කමක් නෑ නෑ හ්්්... හෙමිහිට නැගිටිමු... මාව නිකන් කැරකෙනවා වැල්ලේ බඹරෙ වගේ...මේ මිනිහා මට මොනා බොන්න දුන්නද මං දන්නෑ....
"සුදු මහත්තයා...ඔතන වැනිලා වැටෙන්නේ නැතුව මෙතනින් ඉඳගන්නව මං බිල ගෙවලා ඇවිල්ලා තමුසෙ එක් කරගෙන යන්නම් කොහෙවත් යන්න එපා මෙතනටම වෙලා ඉන්නවා හරිද...ඔය තත්ත්වය යෙන් නම්..මට අද නම් තමුසෙව ගෙදර ගෙනියන්න බෑ....හ්්..පොඩ්ඩක් කොහොම ඉන්නවා කෝ මං එන්නම්..."
"ගෙදර යන්න බෑ කියන්නේ ඇයි යකෝ මේ මං හොඳට ඉන්නේ හෙන ගැහිලා නෑ නේ...ගෙදර යන්නෙ නැතුව මං කොහේ යන්නද මාව ගෙදරට ගිහින් දාපන් මහත්තයෝ... අම්මා බලාගෙන ඉන්නවා මං එනකං ඒ මනුස්සයා බෙහෙත් බිව්වද දන්නෙත් නෑ කෑම කෑවද දන්නෙත් නෑ...මාව ගෙදරට ගිහින් දාපන් මහත්තයෝ කියන තැනකට වදින්නම්......"
"ආයිෂ්්..... ඔය කට වහගෙන හිටපං බං කෑ....ගහන්නැතුව... ශික්...වස ලැජ්ජාවේ බෑ මටත් එක්ක යකෝ මගේ සායම් ඉවරයි...තෝ අයෙ කෑ ගැහුවොත් ඔය කට කඩනවා බලාගනින්...මං..මෙතනින් වාඩිවෙලා හිටපන් දඟලන්නේ නැතුව කට වහගෙන හිටපන් ඔය කට කට කියන එක වහ ගනින්...."
අර කතාවක් තියෙනවා නෙහ්...කට හින්ද තමා මාළුවත් නහින්නේ කියලා මටත් අන්තිමට අන්න ඒකම උනා... අපරාදේ...හික්....හික්..... මං දීපු හැම එකම බියුවේ...හික්....හික්..මට...ඉක්කාත් වැටෙනවා...මගුල මේ මිනිහා වතුර වත් දුන්නේ නෑ හ්්...මට දැන් කොහොමත් වැඩි එකේ මේකෙන් උගුරක් බිව්වා කියලා වැඩි වෙන්නේ නෑනේ....හික්....හික්....
" ආහ්්්් ....සුදු මහත්තයා තමුසේ ඉතුරැ ටිකත් බියුවද ඕක කටේ තියම් බොන්නේ උඹට පිස්සු හැදිලද යකෝ ඔය වතුර නෙමේ මෙහෙට දීපන් ඕක....රෑ වෙනකම් මට මොන නාඩගම නටන්න වෙයිද දන්නෑ මෙහෙට වරෙන් යන්න පරක්කු වුනා තෝ තව ටිකක් මෙතන හිටියොත් මට ඇඳුම් නැතුව තමයි එළියට යන්න වෙන්නේ වරෙන් යන්න.... අපේ අප්පච්චී ගෙ සායම යයි මට උදේ පත්රේ ඉන්න පුලුවන් මට..."
![](https://img.wattpad.com/cover/342210909-288-k738737.jpg)
YOU ARE READING
⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ [ Slow update ]
Fanfictionත්රස්තවාදී අහිංසක පට්ටම් දරණ කොයි වෙලත් රතුවෙන ඡම්බොලයක්....එක්ක අනන්ත දුක් විදින ගිණි පිබිණ මකරාගෙ ආදර කතාව මකරා 🖤 සුදු මහත්තයා