13 කොටස

301 16 83
                                    

Miyon pov

දෙව් මාව ගල් බංකුව උඩ තනිකරලා යන්න ගියා..දෙවියනෙ මගෙ පපුව...ඇයි මේ...මගෙ හාට් එක් ගැහෙන සද්දෙ මටම ඇහෙන්න අරන්..කතා නොකර ගොලුවෙක් වගෙ හිටපු දෙව් මට කතා කරන්න මහන්සි කිය කියම කියවපු වචන මට දරාගන්න් බෑ..

මොකද්ද දෙව් අර කිවෙ මගෙ සුදූ කියලද..ඇයි ඒ වචනෙ මට මෙච්චර දැනෙන්නෙ...මීට කලින් කෙල්ලො කියක් හිටියද..උන් මට මොන තරම් නම් කිවද...සුදු බබ රත්තරම් එව්....එත් ඇයි මගෙ සුදු කිවාම මගෙ හාට් එක ගැහෙන වෙගෙ පවා වැඩි උනෙ..ඌ ඒ වචනෙ කිවෙ ආදරෙ පුරවලා..ඒක මට දැනුනා...මම දැනුන්නැ වගෙ හිටියට දෙයියනෙ මට දැනුනා..

මම..මම මොකද්ද කරන්නෙ...මම ජිවිතෙට හිතුවෙ නෑ මට කොල්ලෙක් ආදරෙ කරයි කියලා...ඒක අමුතු නැද්ද...හිතන්න මම වැරදිද කියලා...මම කිසිම වෙලාවක ආදරෙ කියන දේට ස්ත්‍රි පුරුශ බාවයක් අල්ලන් නටන ජාතියෙ යක්ක පුතෙක් නෙවෙ...එත් මම කිසිම දවසක හිතුවෙ නෑ මට කොල්ලෙක් ආදරෙ කරයි කියන එක..කොටින්ම මගෙ හිතෙ එහෙම කොල්ලෙක් ගැන හැගිමක් ඇති වෙන්නැ...මම එහෙම හිතන් හිටියෙ..එත් එක පාරටම පොඩි කාලෙ ඉදන් එකට හිටපු එකා ආදරෙයි කියනකොට අනික දෙව් වගෙ එකෙක්...මේක සුරංගනා කතාවක් උනා නම් ආදරෙ කිව ගමන් ආපස්සට ආදරෙ කියන්න තිබ්බා..එත් නෑ මේක සුරංගනා කතාවක් නෙවෙ...අනික මෙක පිටරටකුත් නෙවෙ..සංස්කෘතිය කියන දෙ අත මිටිමොලවන් ඉපදුන මිනිස්සු ඉන්න ලංකාව මේ...ඉතින් මම එදා එයාගෙ ආදරෙ ප්‍රතික්ශේප කරපු එක වැරදිද..

එත් මට දැන් මොකද්ද වෙලා තියෙන්නෙ..දෙව් ආදරෙ කිව දවසෙ ඉදන් අද මේ මොහොත වෙනකල් මම කල්පනා කරෙ ඌට ආදරෙ නොකර ඉන්න හෙතුවක්..ඌගෙ ආදරෙ ප්‍රතික්ශේප කරන්න හෙතුවක්..කෝ මට තවම හෙතුවක් නෑ....වෙලාවට...වෙලාවට ඌ මගෙන් ආදරෙ ප්‍රතික්ශේප කරන්න හෙතු ඇහුවෙ නැත්තෙ...ඌට මට ආදරෙ කරන්න් හෙතු නෑ වගෙම මට ඌගෙ ආදරෙ ප්‍රතික්ශේප කරන්න හෙතුවක් නෑ...මම ස්ට්‍රෙට්  කියලා හිතන් හිටියත් මට මාව රවට්ට ගන්න ඔන්නැ..ඇත්තටම දෙව් කියන ඒ පිරිමියා ඉස්සරහා මගෙ පිරිමි හිතත් පොඩ්ඩ පොඩ්ඩ හෙලවෙනවාදො කියන සැකෙ මටම දැනෙන්න අරන්...

ඌගෙන් එන කොල් මග අරිනකොට ඌගෙ මැසෙජ් සීන් කරලා නිකම් ඉන්නකොට කොටින්ම ඌගෙ මූන ඉස්සරහට ගිහින් කතා නොකර ඉන්නකොට මේ මාස දෙක මට ක්ලපයක් තරම් දික් උනා...

|| සුදු සේද ||Yizhan||onholdWhere stories live. Discover now