18 කොටස

230 16 18
                                    

Dew Pov

මියොන් වෙරලු ඇහිදින්න ගිය නිසා මට කම්මැලිකමක් දැනුනා වෙනකොට මම මියොන්ගෙ ෆොන් එකත් අරන් ඉස්සරහා තිබුන පුටුවකින් වාඩිවෙලා මියොන්ගෙ ෆෝන් එකෙ තිබ්බ ගේම් එකක් ගහන්න ගත්ත...මගෙ ෆොන් එකෙ ගේම් ඇත්තෙම නෑ...එත් මේ ෆොන් එකෙ නැති දෙයක් නෑ...මම ගෙම් එක ප්ලේ කරනකොටයි අර ජානු කියන කෙල්ලගෙන් මැසෙජ් ආවෙ...ම්ම්ම්...හොයලා බලපු විදිහට නම් ජානුගෙ චරිතෙ හොද නෑ...හොද නෑ කියන්නෙ මියොන් වගෙ කොල්ලෙක්ට ගැලපෙන්නෙම නෑ....මගෙ මෝඩයා මෙකිගෙ මොකට කැමති උනාද මම දන්නැ...හැබැයි මියොන් කොච්චර නෑ කිවත් මෙකි මියොන්ට බොරු කරපු දවසෙ ඉදන් ටික දවසක් යනකල් මියොන් හිටියෙම අප්ශට් මූඩ් එකෙ..මගෙ එකාගෙ හිත රිද්දපු එකීගෙ ජාතකේම මම පහුවදා වෙන්න කලින් හොයාගත්තා...

කොහොමරි මෙකි ආයෙම මියොන් එක්ක හුරතල් වෙන්න එනකොට මට හිතුනෙම මගෙ එකාටත් එකක් ඇනලා අරකිටත් කන පැලෙන්න ගහන්න...එත් මියොන්ට දැන් මගෙන් පිට කෙනෙක් ගැන හිතන්න බැරි බව දන්න නිසාම මම ජානුගෙ චැට් එක දිහා බලන් අනුකම්පා සහගත හිනාවක් දැම්මා...ඌට කොහෙන්ද උබව හුරතල් කරන්න වෙලාවක් ම්ම්...ඌ මාව හුරතල් කරනවනෙ...

මම චැට් එක දිහා බලන් ඉන්නකොට මම දැක්කා මියොන් කියාර එක්ක වෙරලු මල්ලකුත් කරකව කරකව ගෙවල් පැත්තට එනවා..මූගෙ මොන ලොරි ටෝක් තිබ්බත් මහ හුරතලයක්...මම බොරුවටත් එක්ක තරහක් මවන් ඌ ලගට ආවාම ෆොන් එක දිලා වචනයක් දෙකක් දාලා එක පාරක් රවලා බැලුවා..කට තිබ්බට මගෙ එක බැල්මකට ඌගෙ ඒ දුඹුරු ඇස් වල කදුලු පිරෙන හැටි මම දැක්කා...මොනා උනත් මම මගෙ ඇතුලෙ හංගන් ඉන්න මගෙ ඇත්ත චරිතෙ එලියට ආවොත් මගෙ අහිංසකයා මට බය වෙයිද කියලා හිතෙනවා...ඒ නිසාම ඒ චරිතෙ කවදාවත් මගෙන් එලියට එන එකක් නෑ කියලා මම හිතනවා....කොහොමින් කොහොමහරි ඇස් වල කදුලු පුරවන් ඉන්න මගෙ ලෝකෙම උන මගෙ වස්තුව පව් කියලා හිතුන නිසාම මම මියොන්ව ශේප් කරන් ඌ එක්කම කිචන් එකට ගියා...

යනකොට කිචන් එකෙ ලෝක යුද්දේ වගෙ...අම්මා එක්ක එකතු වෙලා අකී පැහැසි වගේම අක්කයි අක්කගෙ බොයිෆ්‍රෙන්ඩ් උන යෙහාර අයියත් උයනවා....උයනවා කියලා කිවට මට නම් හිතෙන්නෙ මෙතන තනිකරම යුද්දයක් කියලා..මමයි මියොනුයි කිචන් එකට අඩිය තියනකොටම මගෙ මූන ඉස්සරහින් තක්කාලි ගෙඩියක් ගිහින් වෙරලු මල්ලක් එල්ලන් හිටපු කියාරගෙ මූනෙ වැදුනා....

|| සුදු සේද ||Yizhan||onholdWhere stories live. Discover now