𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 100 [FINAL CHAPTER]

462 49 43
                                    





𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠


එලොන් ආහ්හ්හ් ගාපු සද්දෙට අයිවනුත් ගැස්සිලා එලොන් දිහා බැලුවා. මුළු ග්ලාස් රූම් එකම සයිලන්ට් වෙලා සේරම නැවතුනාට පස්සේ එලොන් දණිස් දෙකත් අල්ලන් නැමෙද්දි සිනෙන් ගිහින් එලොන්ව සිනෙන්ගේ ඇඟට හේත්තු කරගත්තා. එලොන් මේ පළවෙනි වතාවට තමයි එයා මේටින්ග් සිස්ටම් එක කම්ප්ලීට් කරාට පස්සේ සිනෙන්ගෙන් හම්බවුණ වොර්ලොක් සයිඩ් එක මෙච්චර බරපතළ විදිහට යූස් ක⁣රේ. ඔවෙන්ලට තරම් එයාට මැජික් කරලා පුරුදු නැති හින්දා එලොන්ගේ ඇඟට දරාගන්න බැරි අමාරුවක් තෙහෙට්ටුවත් දැණුනා. සිනෙන් එයාගේ අතේ මැණික් කටුව ගාවින් හපලා ⁣එතන එලොන්ගේ කටට ලංකරද්දි දෙපාරක් හිතන්නේ නැතුව එලොන් සිනෙන්ගේ අතෙන් ගලාගෙන ආව ලේ ටික බොන්න පටන් ගත්තා. සිනෙන්ගේ අත එයාගේ අත් දෙකෙන්ම අල්ලගෙන එලොන් ⁣එතනම හිටගෙන සිනෙන්ගේ ලේ බොද්දි සිනෙන් එලොන්ගේ නළලේ පැත්තකට ලිප්ස් තද කරගෙන එලොන්ව එයාගේ ඇඟට හිරකරගෙන හිටියා.
ඒත් එකපාරටම සිනෙන්ගේ මූණ වෙනස් වෙලා යද්දි සිනෙන් ගැස්සිලා එලොන් දිහා බලනවා අයිවන් දැක්කා. අයිවන්ටත් ඒ වෙලාවේ එලොන්ගේ වෙනසක් තේරුණත් ඒ මොකක්ද කියලා ලොකු අයිඩියා එකක් තිබ්බේ නෑ.

සිනෙනුයි එලොනුයි දිහා බලන් හිටිය අයිවන් ආපහු බැලුවේ එයාගේ එහාපැත්තේ බිම ඉඳගෙන අඬන මාග්‍රට් දිහා. මාග්‍රට්ගේ අතේ තිබ්බ කර්ස් මාර්ක් එක සම්පූර්ණයෙන්ම මැකිලා ගිහින් තිබ්බා. එයාට ඒ දැණුන නිදහස දරාගන්න බැරුව එයා අඬද්දි මාග්‍රට්ව එතනම දාලා අයිවන් අඩියට දෙකට ඩිමිත්‍රි ගාවට ගිහින් ශෙන්ග්ව එයාගේ අත් දෙකට ගත්තා.
අන්තිම මොහොත වෙනකන්‍, හැමදේම ඉවර වෙලා ආර්චි මෙස්ටන්ගේ සෝල් එක විනාස වෙලා යනකන්ම අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන අල්ලන් හිටිය ශෙන්ග් ඒ වෙද්දි හිටියේ සිහිව නැති⁣වෙලා. ශෙන්ග්වත් අරගෙන ග්ලාස් රූම් එකෙන් එළියට ආව අයිවන් යූරියල් දිහා බලාගෙනම යූරියල් හිටිය සොෆා එක ලගට ආවා.

"..හව් ඊස් හී..?"

යූරියල් ඇහුවේ දාඩියෙන් පෙඟිලා තිබ්බ ශෙන්ගේ කොණ්ඩේ නළලෙන් පස්සට කරන ගමන්. ඊටපස්සේ එයා අතේ තියාගෙන හිටිය වෝටර් බොට්ල් එක අයිවන්ගේ අතට දීලා ලෙදර් කෝට් එකෙන් ගත්ත වයිට් කලර් ලේන්සුවකින් ශෙන්ගේ මූණේ තිබ්බ දාඩිය සේරම පිහිදුවා.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now