𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 83

246 57 11
                                    


𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠

දැන් එයාලාට බොඩි එක හම්බවෙච්ච වොරියර් වුල්ෆ්ගේ මේට් සුයිසයිඩ් කරගෙන. ඇත්තටම මේට් කෙනෙක් නැති වුණාම දරාගන්න බෑ. සමහර අය රෝග් වුල්ෆ්ස්ලා වෙලා විඳවනවා. තමන්ගේ වුල්ෆ් ටික ටික නැතිවෙලා යනවා දැනෙන්න ගන්නවා. හැමදේම හිස් වෙලා වගේ දැනෙනවා. කොච්චර දකින්න ඕන නැති වුණත් කළු වෙලා ගිය මේට් බොන්ඩ් එක පේන එක නවත්තන්න බැරිවෙනවා. පිස්සෙක් වෙලා නවතින්නේ.
ඒ හැමදේකින්ම ගැලවෙන්න එයා ලේසිම ⁣විදිහ තෝරගෙන තිබ්බා.

එයාගේ බොඩි එක ෆැමිලි එකට දීලා ඊටපස්සේ වොරියර්ස්ලට කිව්වා ඒක කැලෑවේම වළලන්න කියලා. එතනින් පස්සේ කරන්න දෙයක් නැති නිසා කට්ටියම ආයේ මැන්ෂන් එකට එන්න පිටත් වුණා. ක්‍රිස්ටියනුයි එලොනුයි හිටි⁣යේ හොඳටම අවුලෙන්. අයිවන්ට ඒක හොඳටම තේරුණා. පැක් එකේ පැක් මෙම්බර්ස්ලා මැරී මැරී යද්දි මොන ඇල්ෆාටද බලන් ඉන්න පුලුවන්.
අනික හරියාකාර හේතුවක්වත් නැතුව.
ක්‍රිස්ටියන් තරම් වෙන කිසිම පැක් එකක ඇල්ෆා කෙනෙක් එයාගේ පැක් එක ගැන හිතන්නේ නැතුව ඇති කියලා අයිවන්ට හිතුණා. ක්‍රිස්ටියන්ගේ නීති කොච්චර තද වුණත් ඒ හැම එකක්ම ක්‍රිස්ටියන් දාලා තියෙන්නේ පැක් මෙම්බර්ස්ලගෙම හොඳට කියලා හැමෝම දන්නවා.

එයාගේ සිටි එකට දශමෙක හරි ත්‍රෙට් එකක් ගේන මනුස්සයෙක්ව පැයෙන් අතුරුදහන් කරලා සිටි එකට එන්න තියෙන කරදරවලින් සිටි එක බේරගන්න එක ක්‍රිස්ටියන්ට සුළු දෙයක්.
ඒ වගේම තමයි එයාගේ පැක් එකත්. බ්ලූ-මූන් පැක් එක දැනට ලෝකේ තියන ස්ට්‍රෝන්ග්ම වුල්ෆ් පැක් එක. ඒකට මේ වගේ කර්ස් එකක් වැදුණා කියන්නේ අනිත් පැක් වලින් එන්න තියෙන ඇටෑක්ස් වුනත් වැඩියි. කොච්චර පීස්ෆුල් විදිහට හිටියත් සමහර වුල්ෆ් පැක්ස් තියනවා එක පැක් එකකට ඇටෑක් කරලා අල්ල ගන්න පුලුවන් චාන්ස් එකක් ආවොත් දෙපාරක් හිතන්නේ නැතුව ඇටෑක් කරන.

මේ දේවල් තනියම කල්පනා කරන ගමන් හිටිය අයිවන් දැක්කා ක්‍රිස්ටියන් නළලත් රැලි කරන් කල්පනා කර කර යනවා.

බ්ලූ-මූන් පැක් එකට ඇටෑක් කරන්න තරම් එච්චර ගට් එකක් නම් වෙන වුල්ෆ් පැක්ස් වලට නෑ කියන්න අයිවන් දන්නවා. ඒත් පැක් මෙම්බර්ස්ලාව අනතුරේ දාන්න බෑ. දවස් තුනක් ඇතුලත බොඩීස් හතරයි.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now