𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 71

319 49 10
                                    


                           𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠

"..අයිවි අයිම් ඕල්රෙඩි ඩයින්ග්.."

"..ඒත් එවන් ට්‍රාන්සිල්වේනියා වලට නැතුව වෙන කොහෙහරි යන්න.. USA, England, Japan, Russia‍, Ausi ප්ලීස් ඔය ඕන දිහාවක යන්න.."

⁣රෙමිරෝ කියාගෙන යද්දි එවන් ලාවට හිනාවුණා.

"..මම කොහොමත් රෝග් වුල්ෆ් කෙනෙක් වෙයි.. ට්‍රාන්සිල්වේනියාවල සෑහෙන්න රෝග් වුල්ෆ්ස්ලත් ඉන්නවනේ.."

"..එවී.. ඒ ඉන්නේ මැරෙන්නේ නැතුව රෝග් වුල්ෆ් කෙනෙක් වෙලා හරි ජීවත් වෙන්න ඩිසයිඩ් කරපු අය.. ඔයා දන්නවා එයාලා කොහොමද ජීවත් වෙන්නේ කියලා.. අනික මෙහේට වැඩිය එහේ රෝග් වුල්ෆ්ස්ලට ස්ට්‍රික්ට් රූල්ස් තියෙන්නේ.. ප්ලීස් එවී........."

ක්‍රිස්ටියන්ට කියලා ඉවර කරන්න හම්බවුණේ නෑ.

"..⁣නෝප්.. නෙවර්.. ක්‍රිස්ටියන් නෙවර්.. ඔයා හිතනවද කලින් මෙහේ වෙච්ච දේවල් එක්ක මම ඒ වගේ තීරණයක් ගනී කියලා.. නෙවර් ක්‍රිස්ටියන්.. මම රෝග් වුල්ෆ් කෙනෙක් වෙලා හරි ජීවත් වෙනවා කියන එක කරන්නේ නෑ.. කිසිම මනුස්ස හැඟීමක් නැතුව මට ජීවත් වෙන්න උවමනාවක් නෑ.. මම මිනිස්සු මරයි.. මම පොඩි ළමයා කවුද මහ මිනිස්සු කවුද කියලා අඳුරගන්න බැරි තත්වෙට වැටෙයි එහෙම තීරණයක් ගත්තොත්.. නෑ.. මට එහෙම වෙන්න ඕන නෑ.."

"..එවී රෝග් වුල්ෆ් කෙනෙක් වෙන්නේ නෑ කියන්නේ ඇලෙක්ස් නැතිවෙලා යනවා.. ඇලෙක්ස්ගෙයි ඔයාගෙයි මයින්ඩ් ලින්ක් එක‍, ඔය දෙන්නගේ තියන බොන්ඩ් එක නැතිවෙලා යනවා.. එවී ඊටපස්සේ ඔයත්.. ඔයත්............."

ජොනතන් දිගටම කියවගෙන ගිහින් ඇඬෙන්න එද්දි ⁣රෙමිරෝ ජොනතන්ව ලගට අරන් බදා⁣ගත්තා.

"..ම්ම්ම්.. එහෙම වෙයි ජෝ.. මම හැමදේම දන්නවා.. මම ඒකට රෙඩී.. මම එදාමයි ඒ වෙලාවෙමයි ඒ දේට ලෑස්ති වෙන්න පටන් ගත්තේ.."

සුදුමැලි වෙලා ගිය තොල් වලින් එවන් එහෙම කියලා හිනාවෙද්දි අනිත් අයගේ පපුවල් කැඩිලා යන්න තරම් දුකක් දැණුනා. එවන් එදා ඒ වෙලාවේ කියලා අදහස් කරේ ලූක් එවන්ට එයාලා කැලිෆෝනියා වලදි⁣ ශෙන්ග්ගේ ජීවිතේ විනාස කරපු දවස ගැන කියපු ⁣වෙලාවේ ඉදලා..

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now