Chapter 50

696 67 38
                                    


වෙලාවකට හිතෙනවා මම කොච්චර ලොකූ වෙලාද කියලා.....

අද අපේ අයියාගේ වෙඩින් එක...

අපී දෙන්නා පොඩී කාලේ ඉදන් කොච්චර රන්ඩූ කරලා ඇතිද?

කවදාවත් ආදරේන් වචනයක් වත් කියාගෙන නැතුව ඇති..මේ ලගදී ඉදන් තමා එයා මට ආදරනීය වචන කියන්න ගත්තේ..ඒත් අපේ රන්ඩූ අස්සේ තිබ්බේ 'ආදරේ' කියන එක විතරයී..‍..කාටවත් කවමදාවත් මගේ හිතේ අයියාට තියෙන තැන ගන්න බෑ..ඒක එහෙම තමා..කොච්චර රන්ඩූ වුනාත් කුනුහරප කියාගත්තාත්..සහෝදරයෝ කියන්නේ ඉන්නකල් පේන්න බැරී නැතී වුනාම පාලූ හිතෙන අමුතුම ජාතියක්...මම ජාතී ජාතී මගේ අම්මාටයී තාත්තටයී පින් දෙනවා අයියා වගේ සහෝදරයේක් මට දුන්නට..... කවදාවත් එයා කියලා නෑ 'ගැහුවෝත් ගහපන්' කියලා එයා කියලා තියෙන්නේ ' ගැහුවෝත් මරපන්' මම ඉතුරැ ටික බලාගන්නම් කියලා...

මට මන් වෙනූවෙන් නැගිටින්න කියලා දුන්නේ එයා....ඉස්සර ගෙදර අම්මා තාත්තා රන්ඩූ වෙනකොට එයා මගේ කාමරේ හයියේන් සින්දූ දාලා මාත් එක්ක නටනවා....මම පොඩී කාලේ දැනගෙන හිටියේ නෑ එයා එහෙම කරන්නේ අම්මායී තාත්තයී රන්ඩූ කරන සද්ද මට ඇහෙන්නේ නැතී වෙන්න කියලා...ගෙදර වතුර බෝතලයට, ටිවී රිමෝට් එකට රන්ඩූ කර ගත්තට එලියේදී එයා මාව හීරෝ කෙනෙක් වගේ රැක්කා...

මම හිතනවා එයාගේ හදවත එබා අක්කා කඩන්නේ නැතී වෙයී කියලා...මොකද අපේ අයියා අපී එක්ක කොච්චර හොදට අහින්සක විදියට හිටියාත් එයා පාතාලේට සම්බන්ද කෙනෙක්.....

අපී ඉතාලීයේ ලේක් කොමෝ පැත්තට ආවා.....එතන තියෙන 5 ස්ටාර් හොටේල් එකක් සම්පූර්නයේන්ම අයියා සල්ලී දිලා අරගෙන තියෙන්නේ...එතකොට වෙඩින් එකට එන ගෙස්ට්ලාට එතන ඉන්න පුලුවන් නේ...මේකට වැඩිය ගෙස්ට්ලා නෑ..ඉන්නේ 300 ක් වගේ පොඩී ප්‍රමානයාක්..හැබැයී ඉතින් ඔය තුන්සීයම ඇතී මේ ලෝකේ අනිත් පැත්ත පෙරල්ලන්න...එක හොටෙල් රෑම් එකක් ලන්කාවේ රැපියල් වලීන් ගත්තෝත් මිලියන හතලිස් හතක් වගේ වෙනවා..ඒ කියන්නේ ඔල්මෝස්ට් මිලියන පනහාක් විතර වෙනවා...

ලේක් එක ලග තියෙන අවුට්සයීඩ් (outside) වෙඩිමක් තමා මේක....අපේ අම්මාගේයී තාත්තාගේයී නම් වෙඩිමාක් අරගෙන නෑ..ඒ දෙන්නා නිකන් රෙජිස්ටර් වෙලා විතරයී.....අපේ අයියා ලේක් එකේ වෙඩිම ගන්නවා මම හදේ වෙඩිම ගන්නවා..රවනාශ්ත්‍ර කැමතී වෙයිද දන්නේ නෑ මගේ අයිඩියා එකට! අහලා බලන්න ඕනා~

වස්තුවේ(18+)Where stories live. Discover now