6.30 ඉදල 7.00 වෙනකන් කෝල් කරාම යන්තම් 7ට සන්ශු නැගිට්ට. එයාට ඉතින් මට වගේ ලේස්ති වෙන්න වෙලාවක් යන්නෙ නෑ නෙ. මටනම් පැයක් විතර යනව ලේස්ති වෙන්න. එයා නම් විනාඩි දහයෙන් ලේස්ති වෙනවා. මම ඉතින් සන්ශු එක්කම Academy එකට යන නිසා එයා එනව අපේ පාර ළගට මාව ගන්න. ඔන්න ඉතින් අපි දෙන්න උදේම ගියා වැඩ පටන් ගන්න. වැඩ පටන් ගන්න කිව්වෙ ඉගනගන්න එකට නෙවෙයි අනේ. කෑම කන්න ගියේ. මම ඉතින් ඒ වැඩේට ගොඩක් දක්ශයිනෙ. සන්ශු තමයි ඉතින් කෑම ඕඩර් කරල ඔක්කොම කරන්නෙ මට තියෙන්නෙ ගිහින් වාඩිවෙලා කන්න විතරයි. හොඳම යාලුව කියන්නෙ ඒකට නෙ. ඊට පස්සෙ අපි ගියා Academy එකට.
ගෲප් වලට බෙදල තමයි activities කරන්න දෙන්නෙ. අද අපි දෙන්න Group දෙකකට වැටුනෙ. මමනම් දවසෙම හිටියෙ එපා වෙලා. සන්ශුට ඕන යාලුවෙක්ව සෙට් කර ගන්න වැඩිවෙලාවක් යන්නෙ නැහැනෙ. එයා ඉන්නවා අලුත් යාලුවෝ එක්ක කතා කර කර! මම දවස ගෙවා ගත්තෙ පුදුම කම්මලිකමකින්. අම්මෝ යන්තම් ක්ලාස් ඉවර උනා!
"ශේ හෙට උදෙන් එන්න හරිද. මට උදේ අට වෙද්දි ලොකේශන් එකට යන්න ඕන.."
"මම අද ඔයාලයි ගෙදර යන්නෙ සන්ශු."
"පව් අනේ... බබාව අදත් ගෙදරින් එලෙව්ව ද???"
"අනේ මේ! මන් එන්නෙ නැහ්"
"හරි හරි... කෝ ගන්න හෙල්මට් එක"
බලාගෙන ඇත්තේ අපේ අම්මි මාව ගෙදරින් එලවනකම් වෙන්නැති... මෝඕඕඕඕඩ මකරා!
අපේ සන්ශු Photographer කෙනෙක්... ඉතින් එයා ඔය කිව්වෙ හෙට උදේන්ම යන්න ඕන කියලා Baby shoot එකකට. හෙටනම් උදෙන් නැගිටියි!. එයා ආස වැඩක් තියෙද්දි උදෙන් නැගිටින්න පුලුවන් එයාට... අපි ගෙදර එද්දි හවස් වෙලා හොඳටම! ඇයි මේ Astrophile Sunset එකට ඇඩික්ට් වෙලා නේ ඉන්නේ... අහස ලස්සනනම් සන්ශු නැවතිලා පොටෝ ගහනවා...
"ශේ.. හෙට උදේ තියෙන්නෙ කොලු පැටියෙක්ගේ 3yo Birthday shoot එකක්"
"අනේ ශෝයි නේ ඒයී... අපි හෙට උදෙන්ම යමු."
සන්ශු දැන් වෙනදට වඩා ටිකක් busy. එයාට දැන් shoot එහෙම ටිකක් වැඩියෙන් සෙට් වෙනවා. සමහර දවසට එයා දවසෙම ඉවෙන්ට් වල. මට හරි ආඩම්බරයි මගෙ පිස්සු ළමයා ගැන! එයා එයාගෙ හීන පස්සෙ හරි ලස්සනට යනවා...