"ශේ...බේබ්... නැගිටිනව මෝඩියේ පරක්කු වෙයි යන්න. නැගිට්ටෙ නැත්නම් දාල යනව හරිද!"
මේ රෑ සංශු හීනෙන්වත් කියවනවද කියල හිතන ගමන් හෙමීට ඇස් ඇරල බැලුවම තමයි මම දැක්කෙ උදේ වෙලා කියල. මම ඉතින් රෑ වෙනකන් හිටිය නිසා මට තාම නිදිමතයි අප්පා. මොනව කරන්නද ඉතින් අද වැඩේට උදෙන්ම යන්න ඕන නිසා මගේ නිදිමතට ටටා බායි කියල මමත් ඉක්මනට ලේස්ති වෙන්න පටන් ගත්තා.
චූටි බබා එන්නේ 8.30ට කියලා තමයි කියුවේ... ඒ උනාට ඉතින් අපි එතෙන්ට 8 වෙද්දිවත් යන්න ඕන නිසා අපි දෙන්න 7.00 වෙද්දිම ගෙදරින් පිටත් උනා.
අපි ලොකේශන් එකට එද්දි 7.45 යි. අපි ගිහින් ටිකක් වෙලා ලොකේශන් එකේ ලස්සන තැන් ටිකක් බැලුවා. ඒ අස්සෙ මමනම් ෆොටෝස් ටිකක් බලෙන්ම ගස්සව ගත්තේ නෑ. මේ මනුස්සය මට ඔය ෆොටෝ ටික එඩිට් කරල ඉල්ලන්න කලින් දුන්නොත් ඇත්තමයි මම චොකලට් දිහාවත් බලන්නෙ නැතුව ඉන්නවා. ඒ තරමට මට මෙයා ශුවර්.8.20ට පුංචි ලස්සන කොලු පැටියෙක් වඩාගෙන සුදු අක්කියෙක් අපි ලඟට ඇවිත් Good Morning කිව්වා.
සන්ශුයි මේ සුදු අක්කියයි shoot එක ගැන කතාව. මම ඉතින් Decoretions දිහා බල බල හිටිය. Decoretion මේ සුදු අක්කි ලස්සන කොලු පැටියයි වගේමයි.
ඔන්න ඉතින් සුදු අක්කාගේ අයියා ඒ කියන්නේ බබාගේ තාත්ති ආව ගමන් shoot එක පටන් ගත්තා. මේ දඟයනම් එක විදියකට ඉන්නෙම නෑ. දඟයගෙ ෆොටෝ ගහල ඉවර උනාම Family photos ගහන්න පටන් ගත්ත. ඔක්කොම වැඩටික ඉවර වෙද්දි දවල් වෙලා. මේ දඟ මල්ලගේ තාත්ති එක්ක ආපු කෙල්ලෙක් සන්ශු ළගට ඇවිත් මොනවදෝ කතා කරනවා. මටත් ඉතින් ඉරිසියාවනේ... කැමර් බෑග් ටිකත් උස්සගෙන මම ශේප් එකේ ගියා මොනවද කතා වෙන්නෙ බලන්න...
එයා ආසයිලු සන්ශු වගේ කෙල්ලොන්ට... මොකක්! මොනවද යකූ මේ කියවන්නේ...
එයාගේ බර්ත්ඩේ එක ලබන මාසේ නිසා ශූට් එකක් කරල දෙන්නලු. මෙයත් ඉතින් උඩ පැනගෙන හා කිව්ව. යමන්කො ගෙදර මම බලාගන්නම් මෝඩ හරක් බූරු පැටිය ගැන.
ඔන්න ඉතින් අපි එතන අයටත් කියල ගෙදර ආව."ශේ... අද නම් හරි මහන්සි. පොඩ්ඩගෙ ෆොටෝස්වලට වඩා ෆැමිලි ෆොටෝස් ගහන්න ගියාම එපා වෙනවා... අර අක්කි අයියට වඩා මිටීනේ... අයියා කොල්ලව වඩා ගත්තම අක්කිව පේන්නෙ නෑ... මොකද ළමයෝ කට හැලිලද මග. මොකද උනේ???"