5

162 17 11
                                    

අද උදේ පාන්දරම සන්ශු ආව අපේ ගෙදර. දැන් ඉතින් සතියක්ම ආයිම ක්ලාස්වල තමයි. රිසාල්ට් කියන්න යන්න ඕන නෙ ඉතින්... ආඩම්බරෙන් යන්න පුලුවන් ඉතින්... ඒ උනාට ස්ටේජ් එකට ගිහින් පොඩි උන්ට මෙහෙම රිසාල්ට් එකක් ගත්ත විදිය කියන්න කිව්වම පට්ට බොරු තමයි අපි දෙන්න කියන්නෙ... ඇයි ඉතින් අපි දෙන්න කවදාවත් උදේට නැගිටල පාඩම් කරලම නෑ නේ... අම්මිලාගෙන් බැනුම් අහල තමයි උදේට නැගිටින්නෙ. රෑ වෙනකන්නම් පාඩම් කරා.. ඒත් අන්තිම මාස දෙකේ වගේ තමයි... කොහොම හරි ඉතින් වැඩේ ගොඩ දාගත්ත නිසා ගැම්මෙන් බොරුවක් උනත් පොවි උන්ට කියල එන්න පුලුවන්...
සන්ශු කතා කරන්න ස්ටේජ් එකට යද්දිම මට ඇහුන එහා පැත්තෙ හිටිය පොඩි කෙල්ලො ටිකක් මොනවද කුටු කුටු ගානව...  මම ඉතින් හොරෙන් පොඩ්ඩක් ඒ කෙල්ලො දිහාත් බැලුවා... කවුද කියල මමත් දැනගන්න එපයි...
සර්ටත් වැදල අපි ක්ලාස් එකෙන් ආවා... පොඩි කල්කිරි බඩගින්නක් වගේ එකක් තියෙනවා... සන්ශුට කිව්ව විතරයි මෙන්න මාවත් ඇදගෙන කඩේට යනව.. එයත් ආසයි කොහොමත් කල්කිරිවලට... අර සනූ කඩේ ළඟ ඉන්නවා යාලුවෝ එක්ක... සන්ශුව දැක්ක විතරයි දුවගෙන ඇවිත් අතේ එල්ලිලා කොහෙද මෙහේ කියල කතාව... මෙයත් මගේ දිහා හොරෙන් බල බල එයා එක්ක හොඳට කතාව... ඒක අහන්න ඉතින් අතේ එල්ලෙන්න ඕනද...

"අපි රිසාල්ට් කියන්න ආව සනූ... ඔයා මොකද මෙහේ?? ක්ලාස්ද???"

"අයියෝ!.. ඔයත් අපේ ඉයර් එකේමද ළමයෝ... මම දන්නෙ නෑ ඔයා එක්සෑම් ලියල හිටියෙ කියල... නැත්නම් රිසාල්ට් අහනවා... කිව්වෙවත් නෑ නේද නිකම්වත්... හරි හරි කොහොමද රිසාල්ට්..."

"3As සනූ..."

"අනේ ශෝයි නේ... මට A2යි B1යි... මේ ඔයාගෙ යාලුව ද? කොහොමද මෙයාගෙ රිසාල්ට්..."

"ඔව් සනූ... මගේ හොඳම යාලුව කියල හිතා ගන්නකෝ... මෙයා විතරයි ඉතින් මන් එක්ක ඉන්නෙ හැමදේටම... අහ් මෙයාට A2 යි ,B1 යි...."

"ම්ම්ම් Congratulations ඔයාටත්... මම ඉතින් ඔයාව වැඩිය දන්නෙ නෑනේ..."

"Thank you!.."

මම ඉතින් වැඩිය කතාවට ගියේ නෑ එයා එක්ක... මට එයාගෙ හැසිරීම එච්චර අල්ලන්නෙ නෑ... සන්ශුගෙ ඇගේ එල්ලිලා තාමත් අත අතාරින පාටක් නෑ... දැන්නම් මට කල්කිරි ඕනම නෑ... ඉක්මනට මෙතනින් යන්න තිබුනනම් ඇති... මම මෙහෙම එකෙක් දැක්කමයි හුම්ම්... කෙල්ලො දෙන්නෙක් අත් දෙකේ එල්ලගෙන ඉන්න ලස්සන විතරක්...

"සනූ... අපි කඩේට ගිහින් එන්නම්..."

"හරි හරි බබා... අපිත් දැන් යනවා... මැසේජ් එකක් දාන්නම් හොඳද!..."

"හරි. See you!"

"පරිස්සමින් යන්න එහෙනම් දෙන්නම..."

කල්කිරි දෙකක් ගත්තට ඒක බොනව නෙවෙයි මගේ දිහා බලාගෙන තනියම හිනා වෙනවා... මමනම් දැක්කෙ නෑ වගේම මගේ පාඩුවේ මේක බිව්වා...

"ඔරවල ඉවරනම් යමුද සුදු නෝනා!.."

"මම කාටවත් එරෙව්වෙ නෑ... අනික මම මොකටද ඔරවන්නෙ..."

සන්ශු මගේ අතින් ඇඳගෙන බයික් එක ළඟටම ආවා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කල්කිරි කියන්නේ ආගමක් නම් මම ඒක අදහන බැතිමතෙක්!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කල්කිරි කියන්නේ ආගමක් නම් මම ඒක අදහන බැතිමතෙක්!













------------------------------------------------------------------

කතාව බෝරින් වගේද අනේ?

මේ චැප්ටර් එක ඉවරවෙනකන් කියවපු හිතවත, හිතවතිය,
මේක ෆැන්ටසියම නෙවෙයි. මොකද මේ අපේ කතාව! අපේ කතාවේ ඉස්සරහට වෙන්න ඕන දේවල්! අපේ ෆැන්ටසිය!... ආරාධනා කරනවා ඔයාලා හැමෝටම හිතට නිදහසක් තියන වෙලාවට, හිතට නිදහසක් ඕන වෙලාවට චුට්ටක් මේ පැත්තට ඇවිත් යන්න. 💙

- Pearl Moon -Where stories live. Discover now