1.

293 29 59
                                    


"දැන් ඇ..ති ස්...ආව්වා...අප්පා...
ආහ්හ්..මට අ...අමාරු..යි... අනේ..හෙමින් කරහන්කෝ..."

"......."

"ආ..ව්ව්ව් රිදෙනවා... අනේ.."

"පලයන් පන්තියට..."

"පණ නෑ වගෙනේ අනේ...දනවත් එක්කන්...උස්සගෙන්-"

"මට පිස්සු වගේ පේනවද...ආහ්හ්..තමුසේගේ තියෙන පන්ඩිත කම නිසානේ ඔක්කොම..හදාගනින් ඔය කලිසම...ආවා මෙතන මට සාත්තු කරන්න..."

"දාන්නේ කොහොමද කියහන්කෝ කකුල ඇතිල්ලුවා නෙවේනෙ එකේ බම් රෙද්දක් ගාලා තැලුවා තව ටිකක්...මේ බාම් තවම... දෙනවා ලේන්සුව....හොදක් වෙන් නෑ ඔහේට...මන් යනවා.. අපරාදෙ ආවෙ උදව් කරන්න..."

"දැන් උදව් කරන්න ආපු එකාට මටනෙ දෙයියනෙ සාත්තු කරන්න උනේ...පලයන් බන් බබා නොවී.."

"අනේ මටෙපා ඔහේව..මන් යනවා.."

"ම්ම්ම්....මගෙ බෑග් එකත් අරන් යනවා.."

මන් වැඩකාරයා කියලා හිතන් ඉන්නවද දන්නේ නෑ බූරුවා හොදක් වෙන් නෑ ඕකට නම් ඔව්..ඔයාලම හිතන්නකො මම මේ තකහනියෙම දුවගෙන ආවෙ දුවලා දුවලා එයාට මහන්සි නිසා...ඒත් මෙහෙමයි මන් එනකොට පඩිපෙලේ රූටලා ගිය එකයි කකුල ඇමැට්ටුන එකයි වෙනම කතාවක් ඒත් ඉතින් මන් ගියේ එයාට මේ මහන්සි නිසානෙ ඔව් ඔව්...තේරුන් ගන්න එපැයි නේද මොනා උනත් ගස්සගෙන නැගිට්ටට මොකෝ අර වැටුන පාර මගෙ කකුල හොදට ඇනුනා..ඒක රිදෙනවා මන් ආයෙම කකුල අල්ලගෙන අර මනුස්සයාටත් රවලා එහෙන්ම එයාගෙ බැග් එකත් කරේ දාගත්තා..ඒත් ඉතින් කරේ දාගත්ත බෑග් එක ආයෙම මන් එක්කම පිටිපස්සට ඇදිලා ගියා....

"පොඩි එකෙක් වෙන්න එපා චූටි...ඔහොම ඉන්නවා මන් චේන්ජ් කරන් එනකන් බලහන් යුනිෆෝර්ම් එකත් ඌරු පැටියෙක් වගේ.."

"ඔයා නිසානෙ..හුහ්"

"ඔව් ඔව් මන් නිසා කියන් නෑ උඹට...හිටහන් ඔතන ඉදගෙන මන් එනකන්.."

දැන් මන් මෙතන ඉන්න ඕනද...බෙල්ලෙක ගහනවා මනුස්සයෝ ඊලගට තියෙන්නෙ දේශපාලන විද්‍යාව යාහ්හ් ඒකට මන් ආසම නෑ ඒත් මොනා කරන්නද..ඕකට එන සර් කාරයා ඉන්නවා නේද උට මා එක්ක තියෙන්නේ මාර මෙව්වා එකක්...මෙව්වා එක මොකක්ද අහන්න එපා එහෙම එකක් තියෙනවා...එයාට නගිනවා මාව දැක්කම පෙශර්...මොකද මන් එක දිගට සති ගානක් ඉස්කෝලේ ආවෙ නෑ...මන් ගිහින් සර් මට එන්න බැරි උනේ මේ හේතුව නිසා කියලා කිව්වහම ඌ මට රෙද්දක් කියවගෙන ආවා...රෙද්ද මොකක්ද අහන්නත් එපා ඒකත් මන් දන්නෑ කොහොමහරි රෙද්දක්....මන් ඒ තරහට මෙයාගෙ පීරියඩ් එකට එයා පන්තියට එන්න කලින් ගුරු පුටුවෙ සුපර් ග්ලූ ගෑවා...සර් කාරයා ඒක දන් නෑනේ එයා ඇවිල්ලා හොදට ඉදගෙන ඉදලා "හරි ලමයි අද අපි කරන්න යන්නේ" කියලා නැගිට්ටා තමා කලිසමේ බාගයල්ම පුටුවේ....මන් ඒ තරම් සුපර් ග්ලු වැඩිය දැම්මෙත් නෑ හැබැයි ටියුබ් හතරක් තමා දැම්..

༺ඉසව්༻Where stories live. Discover now