4.

58 11 13
                                    


"ඔහ් හෙහ් හෙලෝ හෙලෝ...පොඩ්ඩක් ඉන්න කව්ද මිනූ..."

මන් බලාගෙන අයියා හිනාවෙවී ඩ්‍ර්‍යිව් කරනවා මූ මොකද හිනා වෙන්නේ....ඕකනෙ මේ අයියගෙ වයස ඔක්කොම උන් එකයි...

"ඔයාට කිව්වෙ වෙන කාටද.."

"හහ් අනෙර් ඕන එකක් කියාගන්නවා.."

"මොකෝ සැර..අද එනවනේ.."

"නෑ එන් නෑ.."

"ආහ්හ් කමන් නෑ...මාමාගෙ දුව එනවනේ.."

ආයෙ පටන් ගත්තා අර සුකුරුත්තම ගැන කියවන්න...මට හරියට බලා ගන්න ඕන ඔය කියන මාමාගෙ දුව මොකීද කියලා..හහ් ආව මෙතන මාමාගෙ දුව ගැන කියවන්න...හෝව් හෝව් ඒත් මට මොකද නේද මාමාගෙ දුව එක්ක හිටපුදෙන් මන් යන්න ඕන නෑනේ..ඒත් යන්නත් ඕන වගේනේ..

"කෝ සද්දේ වැහුනද පැටියෝ.."

"රෙද්ද පැටියෝ ගාන් නැතුව ඉන්නවකෝ අයියෙ..ඇගත් මොකද වෙනවා.."

මම මුල් ටික හයියෙන් කියලා අන්තිම ටික කුටු කුටු ගෑවම මට එහා පැත්තේ ඉන්න එකා හිනා වෙන සද්දේ හොදටම ඇහුනා එහෙන් මෙතන වාහනේ එලවන එක ඔක්කොම එකයි මගුල...අනික අර විෂ් කියන හැලප ඔට්ටපාලු බුරූ පුතා එන්නේ හොදකට නෙවේ කියලත් මට දැන් දැන් වැටහී යනවා...ඒකටම හරියන්න උගේ යාලුවා කියන එකා යකූ මගෙ අයියා වෙලත් මූ උට සපෝර්ට්නේ...

"බැරි වෙලාවත් මුන් දෙන්නා couple එකක්ද..."

"කවුද.!!." "මොකා!!"

මම ඒ හිතුව එක හයියෙන් කියලා කියන එක තේරුනේ එකෙක් ඩ්‍ර්‍යිව් කරන ගමන් කෑ ගහනවා අනිකා කනේ ඉදන් බෙරිහන් දෙනවා...ආහ්හ් ස්ට්‍රෙස් වgay දැන්නම්...

"වෙන කව්ද උඹලා දෙන්නා තමා විෂ් අයියයි ඔයයි දෙන්නා..."

"What baba..!!"

"චූටි උඹට පිස්සුද අම්මෝ කෙල්ලෝ මේ ලෝකේ හිග උනත් මූවනම් එපා..."

ඇත්තමයි මුන් දෙන්නා මේ දෙපැත්තේ ඉදන් කියවනවා මැද ඉන්න මන් තැලෙනවා..ආහ්හ් නෑ වැරදුනා කන ලෙෆ්ට් වෙන්නෙ නේද..බැරුම තැන මම ස්පීකර් ෆෝන් දාලා තිබ්බා උන් දෙන්නටම කියවගන්න...

"පැටියෝ අරූ මොනාද අර කුටු කුටු ගාන්නේ..කාවද එපා කිව්වේ මාවද..."

༺ඉසව්༻Where stories live. Discover now