ඕක දාපන්...යාහ්හ් දාපන්...නෑ එපා..මන් මොකටද දාන්නේ..එක්කෝ දාමු ආයෙ..මිතුලෝ උඹ මොකද මේ මැසේජ් එකක් දාගන්න බැරුව නහින්නේ ඇත්තටම ආහ්හ්..මේ මොහොතේ පෙනී යනවා මට ලගදිම මේ ඇග රත් වෙන එකට බෙහෙත් ගන්න යන්න වෙනවා කියලා ඔව් ඔව්...බලන්න ඒයිලා මම මේ අර මනුස්සයා දාපු මැසේජ් එක සීන් කරලා ඒකට ටයිප් කරපු එක යවාගන්න බැරුව ඉන්නෙ අනේ..මන් මේ හෙන වෙලාවක් ටයිප් කරලා කරලා තමා මේ මැසේජ් එක දාන්න යන්නේ..ඔන්න දානවා එහෙනන් දැම්මා හරී..."👍"
අනේ දැන් මට බනින්න එපා යකූ මම දාන්න ටයිප් කරපුවා හරිනෑ වගේ දැනුනා හී හී...කරුමේ කියන්නේ මේ මනුස්සයා දැම්ම පමාවට සීන් කරානේ...ඒ පාර ටයිපින් එල එල
"Oka danda suto mechara wela type kre..🙃"
"🤐"
"Ube keyboard eke thiyena emoji thama mageth thiyenne"
"🆗"
මෙන්න ඒපාර ඌ සීන් කරලා ඔෆ්ලයින් ගියා..මට ටයිප් කරන්න කම්මැලි රෙද්ද දැන් මෙයැයිව මම සේව් කරගන්නත් ඕන නේ..නම මොකක්ද නෙතිල් විෂ්නිදු හූම් හූම්.. හැමෝම විෂ්නෙ කියන්නේ මාත් විෂ් කියලම සේව් දාගන්නවා...අඩේ ඇත්තටම මේ මනුස්සයා ඔෆ්ලයින්නේ තරහා ගියාද දන් නෑ..මගෙත් හෙන ලොකු කමනේ..හුහ් එහෙම ඉන්න ඕන ඉතින් ලොකු කමෙන් මොනා උනත් නේද ඇහ්..අනික මට මොකෝ ඒ මනුස්සයාට තරහා ගියත් නැතත්..
*ටින්*
ඒ මොකාද..
*ටින්* *ටින්* *ටින්*..............
මොන උත්තද ඒපාර මැසේජ් දාන්නේ..මම හිතුවේ විෂ් අයියා කියලා..කමන් නෑ ඔයාට තරහා ගියාට මට අල නෑ හුහ්...මන් ඔය කාගෙවත් තරහා ගනන් ගන් නෑ...මට වැඩක්ම නෑ රෙද්ද...යාහ්හ්හ් මන් මගෙම කොන්ඩෙ ඇදගෙන කෑ ගැහුවේ මම ඉමෝජි විතරක් යැව්වටද ඒ මනුස්සයා මේ ආය රිප්ලයි දැම්මේ නැත්තේ එතකොට...අනේ එහෙම එපානෙ ඒත්...මට කමන් නෑ එක්කො ආයෙ දායිනේ වෙලාවක..
"චූටී.........කන්න එන්න..."
"හා........අම්මා......"
ෆෝන් එකේ ඒයාගෙ නමත් සේව් කරලා ආයෙ මැසෙජ් එකක් දායි හිතලා මම එහෙන්ම ෆෝන් එක ඇදට විසික්කලා පහලට ගියා නැත්තන් ඊලග පාර අප්පච්චි තමා කෑ ගහන්නේ...අම්මෝ ඔනෙ නෑනේ බොරුවට වටේ පිටේ මිනිස්සුන්ව බය කරන්න එයාගෙ සද්දෙන් නේද...
.
.
.
.