7

35 7 74
                                    

6 වෙනි චැප්ටර් එක ආයෙම කියවලා එන්න ලමයි මන් එක ටිකක් දික් කරා..

_______________________

මැසේජ් ටික දැක්කට පස්සේ මන් හිතුවා වගේම අනිත් පැත්තට ඉස්කෝලේ ක්ලාස් ගෘපෙ අය congratulations කියලා දාන්න ගත්තම මැසේජ් ටින් ටින් ගගා එන සද්දෙට විෂ් අයියා මන් දිහා ඇස් දෙකත් හීනි කරගෙන බලාගෙන ඉන්නවා මට පෙනුනත් මන් ඒ ගැන ගනන් ගත්තේ නෑ...මන් එහෙන්ම ඩෙටා ඔෆ් කරගෙන ශීට් එකට ඔලුව තියාගෙන ඇස් පියාගත්තේ දැනුන සතුටට..ඇස් පියන් හිටියත් මට දැනෙනවා විෂ් අයියත් තාම මගේ දිහා බලාගෙන ඉන්නෙ කියලා..මහ සුකුරුත්තමක්නෙ..දැන් නන් ගෙදර යනකන් මට ඉවසීමක් නෑ..
.
.
.
ඇස් පියාගෙන හිටපු මම එකපාර ගැස්සිලා වගෙ ඇහැරුනේ විෂ් අයියා කාර් එක එකපාර බ්‍රේක් ගහපු නිසා ඇත්තටම ඒ ගහපු ගැහිල්ලට තව ටිකෙන් මගෙ ඔලුවත් ඉවරයි...මොන රෙද්දක් කරනවද

"මොන හු- ...අයියෙ උඹට පිස්සුද බන්.."

ඒත් එක්කම මම ඉස්සරහා බලන කොටයි දැක්කේ කාර් එක ඉස්සරහම පුංචි බලු කුක්කෙක්...ඌනම් හොද වර්ගෙ එකෙක් වගේ ඒත් පාරෙ මොකද...අනෙ සුදු පාට හිම බෝලයක් වගේ..

"ඕයි අයියේ අපි ඌව ගෙනියමුකෝ.."

"ආසද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආසද..??"

"හ්ම්ම්"

මන් කාර් එකේ ඩෝර් එක ඇරලා එලියට ගිහින් චූටි කුකු ලග දන ගහගත්තේ ස්කූල් යුනිෆෝර්ම් එකේ මඩ ගෑවෙනවා කියන එකත් අමතක කරගෙන...හොදට බල්ලෙක්ට ක්‍රොස් උන පැට්ටෙක් කොහොම හරි..මොන හිතකින් මෙහෙම අහිංසකයෙක්ව පාරෙ දාලා ගියාද..මොකද මේ අපි ආව පාරෙ පේන මානෙක ගෙදරක් තිබ්බෙත් නෑ..මන් බලු පැටියව අතට ගන්නකොටම වගේ විෂ් අයියත් එලියට ආවේ එයාගෙ කලින් සාක්කුවලටත් අත දාගෙන..

You've reached the end of published parts.

⏰ Last updated: 4 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

༺ඉසව්༻Where stories live. Discover now