"රජතුමනී..මෙලෙස මා නිසා කොතරම් කලක් ඔබ තුමා රාජ සබිකයන්ගෙන් නින්දා අපහාසයන් විදින්නද..කෙතරම් පුදපූජා කරාද ස්වාමීනි...අප දෙදෙනා නොවැන්ද දෙවියෙකු බඹ ලොවෙත් නැතිව ඇති...මට මවක් වීමට තරම් වාසනාවක් නැති නිසාවෙන්...කයිලාශපුර රාජ පරම්පරාව මෙතනින් නිමා විය යුතු නෑ"
"ස්වයංවරයක් පවත්වා උප බිසවක් සරන පාවා ගන්න රජතුමනී..එයයි සුදුසුම...ඔව් එයයි..."
"දේවිය...ඔබට මතකයේ නැතිද...මා ඔබව මාගේ පතිනිය කරගත් අයුරු...මා මාගේ සතුරු රාජ්යක් වන අතාර්ව රාජ්යත් සමග යුද වැදී ඔබව සරනපාවා ගත්තේ...වෙනත් ස්ත්රීයක මාගේ පතිනිය වීමට සුදුසු නම් මා හතලිස් වියක් වනතුරු ඔබ වෙනුවෙන් බලා සිටිනවාද චන්ද්රා.."
"එනමුත් රජතුමනී...ඔබතුමාට උරුමක් කරුවෙකු අවැසියි...නැති නම් ඔබේ රාජ පෙලපත විනාශය කරා යාවී"
"...මා හට වෙනත් සරන මංගල්යයක් අවැසි නැත දේවී චන්ද්රා ...දෙවියන් ගේ ආශිර්වාදය අපට කෙදිනක හෝ ලැබේවී චන්ද්රා..එතෙක් ඉවසන්න...එය නුදුරු දිනයකදීම සිදුවේවී...මා මත විශ්වාසය තබන්න.."
කයිලාශ පුරය අන් සියලුම ආකාරයෙන් පරිපූර්ණත්වයට පත් ව සිටී දේශයක් වුවත් රාජපෙල පතෙහි අභිවෘද්ධිය උදෙසා උරුමක්කරුවෙකු නොමැති වීම මේ පුරයේ තිබු සුවිශාල මදිපාඩුවක් විය...මෙම කාරනය නිසාවෙන් රාජ සබාවේ ඇමති වරුන්ගෙන් හා රට වැසියන්ගේන් එල්ල වන පීඩනය කාල්දේව රජු සහ චන්ද්රා දේවිය අපහසුතාවයට පත් කොට තිබිනි...
එලෙසම සතුරු දේශයන්හී රජවරුන් උරුමකම් කීමට කිසිවෙකුත් නොමැති මෙම දේශය තම තමාගේ දේශයන්ට ඈදා ගැනීමට ඉතා උවමනාවෙන් ක්රියා කිරීම නිසා මේ ගැටලුව ඉතා බැරැරුම් ව පැවතුනහ...
මේ පීඩා වලින් තම හිත් නිදහස් කර ගැනීම උදෙසා කාල්දේවල රජු සියලු දිනයන්හිම වනයට වැදී..තම අසුන් සමගම එහි සැරි සැරීම පුරුද්දක් වශයෙන් සිදු කලේය...නමුත් අද දිනයේ වනයේ සැරි සරමින් සිටී රජුට දැක ගත හැකි වුයේ..ගංගාවක් අසල බාවනා යෝගීව සිටින්නා වු තාපසයෙකි..

YOU ARE READING
සබදිනී මා ඔබේ....
Ficción históricaරාජ උදහසට ලක්වෙන්නද කුමරියට වුමනාව ... රාජ උදහසට නොව දේව උදහසට ලක් වුවත් නුඔව අතහැරීමට මේ රුද්රාක්ශි සූදානම් නෑ කන්නගී...! 🍂