-5-

362 42 1
                                    

" සුළඟකට බැරි නිසා මල් එහෙම තලන්න
අහසකට තව තියෙද තරු ඔහොම හලන්න
ආදරේමයි කියා බැරි වුණොත් ගලන්න
නිල් පාට මලක් වෙමි පිටු අතර බලන්න "

" තව එකක් සමිත් "

" යනව නම් නුඹ ඈත දුරකට
මටත් නොකියම නොඑන්න​
දුටුවොතින් සඳවතිය අහසේ
යන තැනක තතු කියන්න​

නුඹේ මග දිග තුරුලතා වල
මල් පිපී දැයි බලන්න​
අපේ ආදර කතාවේ කෙටි
පටුන පෙති මත ලියන්න​
පියුම් දහසක් පිපුනු පොකුනක්
හමූඋනොත් මග රැදෙන්න
බඹර සමනල මී මැසින්හට
සෙනෙහසේ කවි කියන්න​

ඉතින් නුඹ තව දුර ගියෝතින්
මාව අමතක නොවෙන්න​
හිත හැදෙන්නට දුක නිවෙන්නට
මටත් කවියක් ලියන්න "

" අඩෝ තව එකක් බං "

රිලීෆ් පීරියඩ් එකක් හින්දා කට්ටියගෙ කීමට මම එක සිංදුවක් කීවෙ අනිත් අයත් කියනවා කීව හින්දා. බලන් යද්දි ම විතරයි සිංදු කියලා තියෙන්නෙ. මුන් එකක් එකක් කිය කිය මගෙන් ඉල්ලද්දි මටත් ගානක් ගියෙ නෑනෙ.

" ඇති බං අර වට කෙස් මැද හිස් ආවොත් එහෙම අපි ඉවරයි " ඒ අපේ විනයභාර සර්. බොරු කියන්න ඕන්නෑනෙ. අවුරුදු දොලහක් දහතුනක් ඉස්කෝලෙ ඉදලා තාමත් සෙක්ෂන් හෙඩ් , විනයභාර කියන නම් දෙක ඇහුන ගමන් ඇගත් එක්ක සීතල වෙලා යනවා.

" හරි බං අපි එද්දි නවත්තමු "

" ඇති බං. මූ විතරක් කියන එක හරි නෑනෙ "

" අඩෝ අන්න නිවර්තන අයියායි දිහස් අයියයි එනවා " පන්තියේ ලමයෙක් එහෙම කියන ගමන් ඉන්න තැනිනි ඉදගත්තා. ඒත් එක්කම අනිත් ලමයි ඔක්කොම මොකුත් කරේ නෑ වගේ ගිහින් ඉදගත්තා. ඇත්තටම මායි රවිදුයි බය නැති වුනාට අනිත් ලමයිනන් බයයි වගේ.

" සමිත් , රවිදු දෙන්නා ප්‍රිෆෙක්ට් රූම් එකට එන්න " දිහස් අයියා එහෙම කියලා යන්න ගියා. මායි රවිදුයි මූණෙන් මූණ බලා ගත්තෙ ඒ පාර මොන මරාලයක් පාත් වෙන්නද යන්නෙ කියලා. අයියලාදෙන්නා අපිත් එක්ක කතා කරන්නෙ මීට කලින් මොකුත්ම වුනේ නැති විදිහට.

ඒකපාශ්වික ( Complete )✔Where stories live. Discover now