ඉස්කෝලෙ ගියෙ නැති වුනත් අයියගෙ උදව්වෙන් හැම පාඩමක්ම කරගන්න පුළුවන් වුනා... වෙලාවකට දිහස් අයියා අනිත් වෙලාවට රවිදු දෙන්නා මාරුවෙන් මාරුවට පාඩම් ටිකනන් කියලා දුන්නා...
" එහෙනන් හොදට ලියන්න සමිත් All the best "
" Thanks අයියේ "
එක්සෑම් එක තිබ්බ හැම දවසකම ආවෙ ගියේ දිහස් අයියා එක්ක... හැම දවසකම වරදින්නැතුව පැය භාගෙකට කලින් අයියා අපේ ගේ ලග... අද අන්තිම දවස... එක්සෑම් ඉවර වෙලා රවිදු එක්ක ඇවිදින්න යන්න හිටියට වැඩේ හරි ගියෙ නෑ... මොකද දිහස් අයියා වෙලාවටම ඉස්කෝලෙ ලගට ඇවිඉල්ලා හිටිය...ඒත් ඉතින් ගෙදර ගියෙ නෑ... අපි ගියේ KFC එකට... නිවර්තන අයියත් ඇවිල්ලා හිටිය...
" හලෝ හලෝ ලමයි කොහොමද එක්සෑම් එක " ටික වෙලාවක් යද්දි නිවර්තන අයියත් අපි ඉන්න තැනට ඇවිල්ලා ඉද ගත්තා...
" අවුලක් නෑ ශේප් " රවිදු උත්තර දුන්නෙ මං කට වහගන පැත්තකට වෙලා ඉන්නකොට... කතා කර කරම පුටුවක් ඇදලා ඉදගත්ත නිවර්තන අයියා එතන ටේබල් එක උඩ තිබ්බ කෑමවලට වග් කියන්න පටන් ගත්තා...
" දිහස් අයියෙ ඔයා එන්නැද්ද "ටික වෙලාවක් යනකොට අපි හිටිය තැනට කඩාපාත් වුනේ ඉෂාරා... තනියම නෙමේ ස්නේහත් එක්ක... අයියා කලින් කීව විදිහට අපේ එක්සෑම් එකට කලින් ඒ දෙන්නා break up වුනා... ඒ විතරක් නෙමේ නිවර්තන අයියයි නේහයිත්... මට වුන එකම තමා නිවර්තන අයියා එක්ක ඉන්න ගමන් වටේ ගිහින්...
" මොකටද ඉෂාරා "
" අපිත් එක්ක යන්න "
" අපිට ඒ තිබ්බ අයිතිය නැති කරේ ඔය දෙන්නම නේද ඉතින් මං මොකටද ඔයා එක්ක එන්නෙ "
" ඒත් අයියෙ... "
" Get out Ishara. මට දෙපාරක් කියන්න ඉඩ තියන්න එපා " මෙන්න මෙයාට තද වෙලා...
" නිවර්තන අයියෙ ඔයා එනව නේද "
" ආ මං එන්නන් සුදූ... එහෙම කියයි කියලද හිතුවෙ නේහා. එහෙනන් ඔයාට ලොකු වැරදීමක් වෙලා. මොකද මං රෑ වැටුන වලේ දවල් වැටෙන මනුස්සයෙක් නෙමේ. අර ඔයාගෙ සල්ලිකාරය එක්කම ඉන්න එකයි ඇත්තෙ. " නිවර්තන අයියා පටන් ගත්ත විදිහට හිතුවෙ නෑ අන්තිම වෙද්දි කතාව වෙනස් වෙයි කියල... දිහස් අයියා මුල ටික කියන වෙලාවෙ නිවර්තන අයියගෙ මූණ දිහා බලන් හිටිය විදිහට මං හිතුවෙ ඉස්සරහ තියන් ලේන් දත් දෙක බඩට යන්න ගහයි කියලා... ඒත් අන්තිම ටික කියද්දි නේහටයි ඉෂාරටයි අයියා දුන්නෙ කට කොනේ හිනාවක්...
අපි කාලා බීලා ඉවර වෙලා ඊලගට ගියේ ලේක් එකට... රවිදුයි , නිවර්තන අයියයි යන්න ගියේ කතා කරන දෙයක් කතා කරගෙන ලේක් එකේ අනිත් කෙලවරට එන්න කියලා...
" දැන් මොනවද කරන්න ඉන්නෙ. " මමත් මොකුත් කීවෙ නැති හින්දා අයියම කතාව පටන් ගත්තා
" හිතල නෑ "
" හිතන්න දෙයක් නෑ මං කරපු IT course එක කරන්න. තව පුළුවන්නන් management එකකුත් කරන්න බලන්න. ඔයාට පුලුවන්නෙ එතකොට part time Job එකකුත් කරගන යන්න. මම හොයලා දෙන්නන් "
" ඔයාට කැම්පස් යන්න අදහසක් තිබ්බෙ නැද්ද "
" තිබ්බා. පස්සෙ ටිකෙන් ටික ඒක නැති වෙලා ගියා. මගෙ හීනෙ තිබ්බෙ තාත්තා වගේ වෙන්න. එයා දියුණු වුනේ තනියම. ඉතින් කැම්පස් හීනෙ නිකම්ම අතෑරලා දැම්මා " මම ඇහුව එකට උත්තරේ දුන්නෙ එයා හිනා වෙන ගමන්...
" සමිත් "
" ම්ම්... "
" මට තාම උත්තරයක් දුන්නෑ නේද...? " අයියා ඇහුවෙ මගෙ සුලැගිල්ල එයාගෙ සුලැගිල්ලෙ පටලගන්න ගමන්.
" අමුතුවෙන් දෙන්න දෙයක් නෑනෙ නේද..? ඔයා දන්නව උත්තරේ "
" ඔව්. ඇස්වලින් කතා කරන්න පුළුවන් කෙනෙක්ගෙන් අමුතුවෙන් අහන්න ඕන්නෑ තමා. ඒත් මට මේ උත්තරේ නම් වචනෙන් අහන්න ඕනෙ සමිත් "
" මම කැමතියි "
" මොනවටද " කියන්නෙ මොනවද කියලා දැන දැනත් අහනවනෙ... එයා තරන් ලස්සනට වචන ගලපන්න මට බෑ... ඒත්...
" ඔයා එක්ක පුළුවන් තරන් කාලයක්... මේ අල්ලගත්ත විදිහටම අත අතාරින්නැතිව ඉන්න... " මම කීවෙ සුලැගිල්ල විතරක් පටලන් හිටිය එයාගෙ අත සම්පූර්ණයෙන්ම අල්ලගන්න ගමන්...
" Thank you samith thank you so much. මම හිතුවෙ නෑ ඔයා මෙච්චර ලස්සනට ඒක කියයි කියලා "
සමහර තැන්වල තියෙන්නෙ දරාගන්න බැරි තරන් ආදරයක් වෙන්නත් පුළුවන්... අයිතියක් තියනවනන් අයිති වෙනවනෙ... යන්න ඕනෙ කෙනා බොරු හේතුවක් හදාගන හරි යන්න බලනකොට ඉන්න කෙනා පොඩිම හේතුවක් හොයාගනහරි ඉන්න බලනවා... අර කලින් කීවා වගේ දිහස් සමරනායක කියන්නෙ මට මගින් හම්බුන වෙදදුරා... ඇවිලුන හිත නිව්ව එකම කෙනා...
ඒකපාශ්වික ආදරයක අවසානය....
YOU ARE READING
ඒකපාශ්වික ( Complete )✔
Cerita Pendek' ඒකපාශ්වික ආදරේ හරි ලස්සනයි ' කවුද කෙනෙක් කියනවා මාත් අහගන ඒත් හැමෝම ලස්සනයි කියන ඒකපාශ්වික ආදරේ කියන්නෙම දරාගැනීමකට...