-7-

369 42 0
                                    

මේ වෙනකොට අයියලට එක්සෑම් එක ඉවර වෙලා මාස හයක් විතර වෙනවා. මේ මාස ටිකට මට වෙන්න තියන හැමදේම වුනා. තාත්තා දැන් හැමදාම අම්මගෙන් සල්ලි ඉල්ලලා රණ්ඩු වෙනවා. අම්මාට අසනීප හින්දා වැඩට යන්න අමාරුයි. ඉතින් මම ඉස්කෝලෙ ගමන වගේ ක්ලාස් යන එකත් නතර කරා. පුළුවන් විදිහට විභාගෙ කරනවා කියලා හිතාගත්තා. හීන , ආසාවල් හැම දේකටම තිත තියන්න වුනා. මට බැරි වුනාට මම නංගිට පුළුවන් විදිහට උදව් කරනව. රවිදු පුළුවන් වෙලාවලට ඇවිත් මට පාඩම් කියලා දෙනවා. ඒ හින්දා සබ්ජෙක්ට් ගැන තියන බයනන් අඩුයි ඒත් එක්සෑම් එකට තියන බයනන් එහෙමමයි. රෑට පාඩම් කරන්න විදිහක් ඇත්තෙම නෑ.

" මල්ලි මට පොඩි වැඩක් වැටිලා කලින් යනව. කැෂියර් එක බලන්න " මම අක්කට හා කියන්න ඔලුව වනලා කැෂියර් එක ලගට ගියා. මම වෙනකොට නගරෙ තියන සුපට් මාකට් එකක වැඩ කරනවා. මේකෙන් හම්බෙන ගාන අපේ පවුලෙ මිනිස්සුන්ට එදා වේල පිරිමහගන්න හොදටම ඇති. ඒත් මගෙ පඩියෙන් හරියටම භාගයක් තාත්තා ගන්නවා. අකමැත්තෙන් වුනත් දෙන්න වෙනවා නැත්තන් ගෙදර ඉන්න වෙන්නෙ නෑ.

" සමිත් " කැෂියර් එකේ බිලක් දාන ගමන් හිටිය මම එකපාරටම උඩ ගියේ මගෙ නම කියලා කෙනෙක් කතා කරපු හින්දා. ඒ කෙනාව දැකා මමත් පුදුම වුන්නෑ කීවොත් වැරදී. මාස ගානක් අතුරුදහන් වෙලා හිටිය කෙනා. ඒ හිටියෙ දිහස් අයියා. එයා වෙනස් වෙලා. සුදු වෙලා උස ගිහින් හැන්ඩ්සම් වෙලා.

" අයියෙ "

" සමිත් මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ. එනවද මාත් එක්ක එලියට "

" අයියෙ තව ටිකකින් මම ඕෆ් වෙනවා ඔයාට පුළුවන්නන් ටික වෙලාවක් ඉන්න " මම එහෙම කීවෙ දිහස්ව යවාගන්න ඕනෙ නිසා වුනත් මම එලියට එද්දි දැක්ක කෙනා හින්දා ආයම පාරක් උඩ ගියා. මේ යකා ගිහින් නෑ.

" ටික වෙලාවක් ඉන්න. මම එන්න "

" හරි බේබි " එයාගෙ ඩ්‍රයිවර් ආයම කාර් එකට යවලා මාවත් ඇදගන ආවෙ ඉස්සරහ තියන කොෆි ශොප් එකට. දැන් තමා කකුල් දෙකට නිදහස හම්බුනේ. දවසම හිටගනනෙ.

" සමිත් ඔයා ඉස්කෝලෙ යන්නෙ නැද්ද? ඇයි මේ වගේ තැනක වැඩ කරන්නෙ "

ඒකපාශ්වික ( Complete )✔Where stories live. Discover now