ජිමින් තමන්ගෙ අපාට්මන්ට් එකට ගොඩ වැදුනා. ජිමින් අනාථයෙක් වුන නිසා ජිමින්ට ජිමින්ගෙම කියලා කවුරුවත් හිටියෙ නෑ. ජිමින් එනකොට පිළිගන්න , කෑම හදලා දෙන්න... තියා ජිමින් එක්ක කතාබහ කරන්නවත්. හොබීත් දැන් කසාද බැඳලා හන්දා මිනී කැමති වුනේ නෑ එයාටත් කතා කර කර කරදර කරන්න.
ජිමින් ශර්ට් එක අන්බටන් කරන ගමන් අැවිදගෙන ගියේ ශවර් එක යටට.ගිහින් හොට් වෝටර් වල උෂ්ණත්වය හරි ගානකට හදෙගත්ත ජිමින් නාන්න ගත්තෙ , තමන්ගෙ හිස මුදුනට වැටෙන එක වතුර බිංදුවක් ගානෙ තමන් දීපු උත්තරේ ගැන කල්පනා කරන ගමන්.
යුන්ගි අතීත කතාව කියලා ඉවර වෙද්දිම , ජන්කුක් මොන තත්ත්වෙක හිටියත් තමන් එයාව භාර ගන්න බව තමන් පොරොන්දු වුන හැටි මතක් කර ගත්ත ජිමින් ගෙ ඔලුවට අාව එකම ප්‍රශ්නය...
" එක වෙයිද...? මම එයාට කැමති වුනාට , එයා මට කැමති වෙයිද..? "
ජිමින්ට තිබුණෙ බලාපොරොත්තුවක් විතරයි. මොකද ජන්කුක් කියන චරිතය අවුරුදු 2කින් පිටතට අැවිත් නැහැ. බන් බන් ජිමින්ට කැමති වෙයි. කැමැත්ත දීලා කසාදත් බඳියි.එහෙම කලත් , ජන්කුක් මුලින්ම අාදරේ කලේ ටේහන්ග්ට වුන නිසා , කවදහරි ජන්කුක් කියන චරිතය එලියට අාවොත් එ කෙනා තමන්ගෙ ලයිෆ් පාට්නර් විදිහට තමන්ව භාර ගනීද කියන සැකය ජිමින් ගාව තියෙනවා.
" වෙන දෙයක් වෙන්නෙ හොඳට ජිමින් "
ජිමින් තමන්ටම කියාගත්තෙ තමන් පැයකට අාසන්න කාලයක් ශවර් එක යට හිටිබව තමන්ටම මතක් කරගන්න වගේ.
******************
" ඔව් අලේ...මිනී හියොන්ගි අාවා... ඉයා බන් බන්ගෙ අයිශ්ක්‍රීම් එකෙන් කතකුත් කෑවා. බන් බන්ගෙ මූණෙ ගැවුන අයිශ්ක්‍රීම් තික පියදැම්මත් එක්ක.."
බන් බන් දැන්මේ කාරණාව සොක්ජින් එක්ක කියලා එයාට පැහැදිලි කරන්න හැදුවෙ ජිමිනි එයාට සලකපු හැටි.
" බන් බන්ට එච්චර අාදරෙයිද එයා..?"
නම්ජුනුත් එපාවුන බවක්වත් පේන්න නැති , පුදුම වුණ මූණක් හදාගෙන අහනකොට බන් බන් නම්ජුන්ට කිට්ටු වුනා.
BẠN ĐANG ĐỌC
💗 FOLLOW YOU💗 Jikook ff ( Complete ✅)
Fanfictionසත්‍ය ප්‍රේමයේ නියමයක් නැති සීමාව.. Deep breath jikook top jungkook bottom jimin lovely and romance